ශ්‍රී ලංකා -සිම්බාබ්වේ තරග කාලසටහන නිකුත් වෙයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2024

4442
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2024

තරග හයකින් යුත් සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන (2024) ජනවාරි මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් එක්දින තරග ජනවාරි මස 06 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එම තරග සියල්ල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

විස්සයි විස්ස තරගාවලිය ජනවාරි මස 14 සිට 18 දක්වා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මෙම තරගාවලියේ එක්දින සහ විස්සයි විස්ස තරග සියල්ල දිවා/රාත්‍රි  තරග ලෙස පැවැත්වෙනවා.

තරගාවලියේ තරග කාලසටහන,

  • පළමු එක්දින තරගය – ජනවාරි 06 (පල්ලෙකැලේ)
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 08 (පල්ලෙකැලේ)
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 11 (පල්ලෙකැලේ)

 

  • පළමු විස්සයි විස්ස තරගය – ජනවාරි 14 (දඹුල්ල)
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජනවාරි 16 (දඹුල්ල)
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ජනවාරි 18 (දඹුල්ල)

දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<