සාන්ත ජෝන් සහ විද්‍යාර්ථ ක්‍රීඩකයින් අර්ධ අවසන් පූර්ව වටයට

U19 Division 1 Schools Cricket Tournament Roundup

385

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ පානදුර සාන්ත ජෝන් විද්‍යාල කණ්ඩායම අන්තර් පාසල් දෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ දෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ අවසන් තරගය හෙට (25) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පානදුර සාන්ත ජෝන් ක්‍රීඩකයින් සිය කාණ්ඩයේ දෙවැන්නා ලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙන අතර විද්‍යාර්ථ ක්‍රීඩකයින් සුදුසුකම් ලබා ඇත්තේ තෙවැන්නා ලෙසයි.

පානදුර සාන්ත ජෝන් කණ්ඩායමේ නායකයා ලෙස දෙනෙත් ප්‍රසංග කටයුතු කරන අතර අනිෂ්ක ගුණරත්න විද්‍යාර්ථ විද්‍යාලයේ නායකයා ලෙස කටයුතු කරනවා.

තරගය ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • පානදුර සාන්ත ජෝන් විද්‍යාලය

දෙනෙත් ප්‍රසංග (නායක), ගීත්ම ප්‍රනාන්දු, චනුක ද මෙල්, හිමාෂ් ආදිත්‍ය, සඳුන් මෙන්ඩිස්, රවිඳු පෙරේරා, රවිඳු කරුණාරත්න, හිරූෂ පීරිස්, මදූෂ මෙන්ඩිස්, ලසිඳු බණ්ඩාර, ගිම්ෂාන් විජේසේකර, චරිනු ප්‍රනාන්දු, කුසල් ප්‍රනාන්දු, විදත් රුක්ෂාන්, පසන් පීරිස්, නුවන් හර්ෂන, කලන මදුශාන්, සඳුන් ප්‍රේමතිලක, තවීෂ රාජපක්ෂ, තරුල් ලක්සඳ, උදාර මද්දුමගේ (පුහුණුකරු), දිනුෂ්ක මදුශාන් (සහය පුහුණුකරු), නාමල් ලිනෝරා (කණ්ඩායම් භාර ගුරුතුමා).

  • මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය

අනිෂ්ක ගුණරත්න (නායක), සහන් චන්ද්‍රසිරි, ශෙවින් මෝසස්, දිනෙත් බුලංකුලම, ජනිඳු රණවීර, අංජු රත්නායක, භාෂිත නන්දනතිස්ස, චමල්ක බණ්ඩාර, දනුප කොඩිකාර, පුබුදු තාරක, කලන කුමාරසිරි, නිෂ්මික කුමාර, අනුහස් රණවීර, යෂ්මිත දිසානායක, කවිඳු හෙට්ටිආරච්චි, ඉසුරු උදලගම, කවිඳු ජයවර්ධන, සචින්ත මනුගොඩ, ශාලුක රඹුක්පිටිය, චම්පික සිරිවර්ධන (පුහුණුකරු), කවිෂ්ක ඩිල්හාර (සහය පුහුණුකරු), රංග ජයසිංහ (කණ්ඩායම් භාර ගුරුතුමා).

දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<