මෙරට ප්‍රථම Online E-sports ශූරතාවලියේ ජයග්‍රහණය කැල්වින්ට

292
ශූරතාව දිනා ගත් කැල්වින් කිංස්ලි, දෙවැනි ස්ථානය දිනා ගත් විරේන් බොතේජු සහ තුන්වැනි ස්ථානය දිනා ගත් රියාස් හෆ්රත්

ශ‍්‍රී ලංකාවේ E-Sports ක්‍රීඩකයින් හට මහඟු අවස්ථාවක් උදා කරමින් ශ‍්‍රි ලංකාව E-Sports හරහා ජාත්‍යන්තරය දක්වා රැගෙන යාමට පසුබිම සකස් කිරීමේ අරමුණින් සංවිධානය කළ Speed Runs තරගාවලියේ අවසන් වටය පසුගිය දා අතිසාර්ථක ලෙස නිමාවට පත්විය.

HNB SOLO, සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් සහ Mandarin Reid ආයතන ඒකාබද්ධව මෙම E-Sports Speed Runs තරගාවලිය සංවිධානය කරනු ලැබීය.

දේශීයව පවත්වනු ලබන Speed Runs තරගාවලිය තරග වට 4කින් සමන්විත වූ අතර ජාතික අවසන් මහා තරගය තුලින්, ශ‍්‍රී ලංකා නාමය යටතේ ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කරන්නට සුපිරි ක්‍රීඩකයින් තෝරාගන්නා ලදි.  

තරගකරුවන්ට Grand Tourismo තරගාවලියේ මෙන් විශේෂයෙන් සැකසූ ධාවන ආසන සකසා ඇති අතර එය G4 කාණ්ඩයෙන් සමන්විත වෙයි. මෙම තරගාවලියේ පළමු වටය මාතර දී පැවැත්වූ අතර එයින් ජයග්‍රහණය ලැබුවේ කැල්වින් කිංස්ලි විසිනි. දෙවැනි ස්ථානය නිරෝෂ් ජීවන්ත හට හිමි විය.

තවත් පුවත්:

පසුගිය මාර්තු 08 වැනිදා පැවැත්වූ දෙවැනි වටය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එහි දී හුසීෆා ජැෆර්ජි ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වූ අතර චමෝද් සමරකෝන් දෙවැනි ස්ථානයට පත් විය.

One Galle Face හි පැවති Speed Runs තුන්වැනි තරග වටය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එහි දී විරේන් බොතේජු ප‍්‍රථම ස්ථානයත්, රියාස් හෆ්රත් දෙවැනි ස්ථානයත්, ඇඩම් ජුනයිඩ් තුන්වැනි ස්ථානයත් ජයග්‍රහණය කරන්නට සමත් විය.

තුන්වැනි වටයේ ජයග්‍රාහකයින්

අවසන් මහා තරගයේ ජයග්‍රාහකයා වශයෙන් කැල්වින් කිංස්ලි ශූරතාවය දිනා ගත් අතර විරේන් බොතේජු දෙවැනි ස්ථානයත්, රියාස් හෆ්රත් තෙවැනි ස්ථානයත් දිනා ගන්නා ලදි.

ශ‍්‍රී ලංකාවේ E-sports ක්‍රීඩාවන් තව දුරටත් නගාසිටුවීමට මහඟු අත්වැලක් Speed Runs තරගාවලිය තුලින් හිමිවන බව නොරහසක්. මෙම තරගාවලිය නිමාවේ දී එක් ධාවන ශූරයෙක් අවසන් ජයග්‍රාහී කඩඉමට, එනම් ලොව වේගවත්ම ධාවන ශූරයා (Speed Run World Champion 2020) ලෙස අභිෂේක ගන්වන World Motor Sports Games of FIA තරගාවලිය නියෝජනය කරන්නට සුදුසුකම් ලබා ගනු ඇත.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<