නව ක්‍රීඩා අමාත්‍යවරයා හදිසි නිරීක්ෂණ චාරිකාවක

177
Namal Rajapaksha

නව රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ගරු නාමල් රාජපක්ෂ මහතා අද (21) උදෑසන ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ ටොරින්ටන් හී පිහිටි ක්‍රීඩා නේවාසිකාගාර පිළිබඳව සොයා බැලීමට හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

නේවාසිකාගාර නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහි ඇති අඩුපාඩු රැසක් දුටු අමාත්‍යවරයා හැකි ඉක්මනින්ම එම අඩුපාඩු සකස් කොට එම නේවාසිකාගාර නියමිත ප්‍රමිතියට ගෙන එන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් වෙත දැනුම් දෙන ලදි.

එම නේවාසිකාගාරය තුල ක්‍රීඩකයන් භාවිතා කරන ඇඳන් ඇතුළු සියලුම පහසුකම් ඉතා දුර්වල මට්ටමේ පවතින බව අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වූ අතර ක්‍රීඩා පුහුණුවීම් සිදු කර මහන්සි වී පැමිණෙන ක්‍රීඩකයන් හට අවශ්‍ය පහසුකම් සකසා ක්‍රීඩක මානසික සෞඛ්‍ය ඉහළට ගෙන ඒම පිළිබඳව මෙම නිරීක්ෂණ චාරිකාවේ දී සාකච්ඡා වී තිබුණි.

තවත් ක්‍රීඩා පුවත්:  

මෙම නිරීක්ෂණ චාරිකාව පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිම වෙනුවෙන් තම අනාගතයම කැපකරන බවත්, ඔවුන්ව රැක බලාගැනීම ජාතියක් ලෙස අපගේ වගකීම බවත් එම චාරිකාවට සහභාගි වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි.

Namal Rajapakse
නිරීක්ෂණ චාරිකාව අතරතුර

පසුගිය 18 වැනිදා සිය ධුරයෙහි වැඩ භාරගැනීමෙන් අනතුරුව ඊයේ (20) සිය මුල්ම රාජකාරිය ලෙස නව ජාතික ක්‍රීඩා කවුන්සිලය නම් කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු සිදු කළ අතර එම නම් කරන ලද ක්‍රීඩා කවුන්සිලයට බොහෝ දෙනාගේ ප්‍රසාදය ද හිමිව තිබුණි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<