වෙළඳසේවා දැල්පන්දු ශූරතාවය නැවතත් HNBට

288

වෙළඳ සංගම් දැල්පන්දු තරගාවලියේ A කාණ්ඩයේ අවසන් මහා තරගය ඊයේ (27) කොළඹ ටොරින්ටන් පිටියේ දී පැවැත්විය. එහි දී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම (HNB) හමුවේ ලකුණු 63-44ක් ලෙස පරාජය වූයේ පුරවැසි සංවර්ධන ව්‍යාපාර මූල්‍ය ආයතන (CDB) කණ්ඩායමයි.

අන්තර් සමාජ දැල්පන්දු තරගාවලියක් මාර්තු මස අන්තිම සතියේ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනත්, යාපනය දැල්පන්දු සංගමයත්, ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව සංවිධානය කරනු ලබන 2018 අන්තර් සංගම් ක්‍රීඩා සමාජ දැල්පන්දු තරගාවලිය…

තීරණාත්මක අවසන් මහා තරගයේ පළමු කාර්තුවේ සිටම HNB කණ්ඩායම දක්ෂ ක්‍රීඩා විලාසයක නිරත වූ අතර පළමු කාර්තුව අවසන් වූයේ ලකුණු 14-08ක් ලෙස HNB කණ්ඩායම පෙරමුණ ගනිමිනි. ඒ වන විට කණ්ඩායම් දෙක අතර ලකුණු 6ක පරතරයක් තිබූ අතර දෙවන කාර්තුව එනම් පළමු අර්ධය අවසානයේ එම පරතරය ලකුණු 11ක් දක්වා වැඩි කර ගැනීමට HNB කණ්ඩායම සමත් විය. (HNB 32-21 CDB)

තෙවැනි කාර්තුව තුළ දී එම පරතරය තවදුරටත් සිය කණ්ඩායම දෙසට වාසි වන අයුරින් වර්ධනය කර ගත් HNB කණ්ඩායම 45-32ක් ලෙස ලකුණු ලබා ගනිමින් CDB කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළේය.

තරගයේ ප්‍රතිඵලය ලබා දෙන සිව්වැනි හා තීරණාත්මක කාර්තුව තුළ සිය ලකුණු ගිණුමට තවත් ලකුණු 18ක් එකතු කර ගැනීමට HNB කණ්ඩායම සමත් වූ අතර එම කාර්තුව තුළ CDB කණ්ඩායම රැස්කර ගත්තේ ලකුණු 12ක් පමණි. මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ එක්ස්පෝ ලංකා කණ්ඩායමයි.

Photos: Mercantile Netball League 2018 (Day 2)

Photos of Day 2 of the Mercantile Netball League 2018 played at the Torrington Grounds.

ලකුණු 21-17ක් ලෙස සම්පත් බැංකු කණ්ඩායම පරාජය කළ ඔමේගා ලයින් කණ්ඩායම B කාණ්ඩයේ ශූරතාවය දිනා ගත් අතර C කාණ්ඩයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ ඇක්සස් සමූහ ව්‍යාපාර කණ්ඩායමයි. සිංගර් ශ්‍රී ලංකා සමාගම හා කොමර්ෂල් ලීසිං කණ්ඩායම් පිළිවෙළින් B කාණ්ඩයේ හා C කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනා ගත්තේය.

පසුගිය වර්ෂයේ දී පැවැත්වූ වෙළඳ සංගම් දැල්පන්දු තරගාවලියේ A කාණ්ඩයේ අවසන් මහා තරගයේ දී ශූරතාවය දිනා ගත්තේ HNB කණ්ඩායමයි. ඔවුන් හමුවේ ලකුණු 51-46ක් ලෙස පරාජයට පත්වුයේ සෙලාන් බැංකු කණ්ඩායමයි. කෙසේ නමුත් සෙලාන් බැංකු කණ්ඩායම මෙවර තරගාවලියට සහභාගී වූයේ නැත.

සම්මාන ප්‍රදානෝත්සවය

  • දැල්පන්දු රැජින – ටී. අභිතා (CDB)
  • හොඳම Center ක්‍රීඩිකාව – ගයාන්ජලී අමරවංස (HNB)
  • හොඳම පන්දු විදින්නිය – චතුරංගනී මල්කාන්ති (එක්ස්පෝ ලංකා)
  • හොඳම ආරක්ෂිකාව – අංජලි ඒකනායක (HNB)
  • හොඳම ක්‍රීඩිකාව – ධනුකා රත්නායක (CDB)
  • හොඳම නැගී එන ක්‍රීඩිකාව – ජෙසිකා සිල්වා (ඇක්සස් සමූහ ව්‍යාපාරය)
  • හොඳම කණ්ඩායම් දිරිගැන්වීම – ෆෙයාර් ෆර්ස්ට් ඉන්ෂුවරන්ස්
  • හොඳම ඇඳුම – බ්‍රැන්ඩික්ස්

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<