ක්‍රීඩා පාසල් 25 සංවර්ධනය කරන්න ඇමතිවරයා සැලසුම් සකසයි

185

මෙරට ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය මූලික අඩිතාලම දමමින් දිවයිනේ ඇති ක්‍රීඩා පාසල් 25ක සංවර්ධනයට අවශ්‍ය කටයුතු සිදු කරන බව පසුගිය දා තංගල්ල පො‍ළොම්මාරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් නව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

එම සාකච්ඡාව අතරතුර දී මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිරි සතිය තුළ දී අධ්‍යාපන අමාත්‍යවරයා සමඟින් සාකච්ඡා කොට ක්‍රීඩා පාසල් හි ක්‍රීඩාව ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

තවත් ක්‍රීඩා පුවත්:  

“පාසල් ක්‍රීඩාව දියුණු කරන්න ඕනෑ, අපි ක්‍රීඩා කවුන්සලය පත්කළා. ඉදිරි කාලයේ දී අපි බලාපොරොත්තු වෙනවා රටේ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්ති, ක්‍රීඩා පනත සංශෝධනය කරන ගමන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ක්‍රීඩා සැලැස්මක් රට තුළ නිර්මාණය කරන්න. මේ වන විටත් එහි වැඩ කටයුතු ක්‍රීඩා කවුන්සිලයෙන් ආරම්භ කර තිබෙනවා.

මම මුලන්ම බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩා පාසල් 25 අඩුපාඩු සොයලා ඒ පාසල්වල දරුවන්ට හොඳින් ක්‍රීඩා කරගෙන යන්න පුළුවන් පරිසරය හදන්න. අපි කළ යුතු වන්නේ පාසල් ක්‍රීඩාව නංවන්න නම් ක්‍රීඩාව වෙනුවෙන් වෙන්වුණු පාසල්වල ක්‍රීඩා පහසුකම් දියුණු කර දෙන්න ඕනෑ.

ඉදිරි සතිය තුළ දී අධ්‍යාපන අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කරලා ක්‍රීඩා පාසල්වල ක්‍රීඩාව නංවන්නත්, ලබන වසර වන විට ග්‍රාමීය ක්‍රීඩා පිට්ටනි සංවර්ධනය කරන්නත්, ගමේ පාසල්වල ක්‍රීඩා පිට්ටනි සංවර්ධනය කිරීමත් ආරම්භ කරනවා” යැයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

අද පුවත්පත ඇසුරෙනි. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<