හර්දික්ට දෝනි හමුවෙයි

540
Indiatvnews

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් සංචාරය සාර්ථකව අවසන් කළ ඉන්දියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික්‌ පාණ්ඩ්යා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා හිදී හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි හමුවුනා.

විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙය වූයේ හර්දීක් පාණ්ඩ්යා විසින්. ඉන්දියාව එම තරගය ලකුණු 88කින් ජය ගත්තා. තරග 5කින් යුත් විස්සයි විස්ස තරගාවලිය අවසන් වුනේ 4-1ක ජයක් ඉන්දියාවට රැගෙන එමින්.

අවසන් තරග දෙක පැවැත්වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා හිදී යි. ක්‍රිකට් ක්‍රීඩාව ඇමරිකාව තුළ ජනප්‍රිය කරවීමේ අරමුණින් එවැනි ජාත්‍යන්තර තරග එහි පැවැත්වෙනවා.

හර්දික් තමන් හොඳ නායකයෙකු බව පසුගිය IPL තරගාවලියේ දී ඔප්පු කොට පෙන්වූයේ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම එහි ශූරතාවය කරා මෙහෙයවමින්. ඔහු පවසන්නේ මහේන්ද්‍ර සිං දෝනි තමන්ට විශාල සහයක් වූ නායකයෙකු බවයි.

“MS කියන්නේ මාව මුල ඉඳලම හඳුනගත්තු කෙනෙක්. මම ගොඩනැගෙන්නේ කොහොමද, මම මොන වර්ගයේ පුද්ගලයෙක්ද, මම කැමති නැත්තේ මොන වගේ දේවල් වලටද, හැමදේම.”, ඔහු වරෙක එසේ පවසා තිබුනා.

මම MSව ශ්‍රේෂ්ඨතමයා හැටියට දැකලා නැහැ. මහී (MS) කියන්නේ මගේ සහෝදරයා.” ඔහු එසේ පවසනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<