යුද සහ ගුවන් සුපර් ලීග් බොලිබෝල් ශූරතා දිනා ගනී

Munchee Super League Volleyball Championship 2023

311

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය 72 වැනි වරටත් සංවිධානය කළ මංචි කුසලාන සුපර් ලීග් වොලිබෝල් ශූරතාවලියේ පිරිමි ශූරතාව යුද හමුදාව කණ්ඩායම දිනා ගනිද්දී, කාන්තා ශූරතාව ගුවන් හමුදා කණ්ඩායම විසින් දිනා ගත්තා. 

තරගාවලියේ අවසන් මහා තරග (24දා) මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැතියා. තරගාවලිය සඳහා කාන්තා සහ පිරිමි කණ්ඩායම් 15ක් සහභාගී වූ අතර මේ අතුරින් යුද හමුදා කාන්තා සහ පිරිමි කණ්ඩායම් ද්විත්වය ම අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා තිබිම කැපී පෙණුනා.

තරගාවලියේ පිරිමි අනුශූරතාව විදුලිබල මණ්ඩල කණ්ඩායම සතු කර ගත් අතර කාන්තා අනුශූරතාව යුද හමුදා කණ්ඩායම සතු කර ගත්තා.

පිරිමි තරගාවලිය

සහභාගී වූ කණඩායම්: පොලීසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, බෙස්ට් පැසිෆික් ක්‍රීඩා සමාජය, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය.

තරගාවලියේ පළමු වටය නිමා කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරය ද සහ විදුලිබල මණ්ඩල සහ පොලිස් කණ්ඩායම් ද පළමු කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගනිමින්.

ඒ අනුව පැවැති අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායමට එරෙහි ව  තරගවට 3-0ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම ද සහ පොලිස් කණ්ඩායමට එරෙහිව තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගත් විදුලිබල මණ්ඩල කණ්ඩායම ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනිමින්.

පැවැති එම තරගය තරග වට 4ක් දක්වා රැගෙන යෑමට දෙපිලේ ක්‍රීඩකයෝ සමත් වූවා. නමුත් පිට පිට තරග වට 2ක් ජයග්‍රහණය කර සිටි ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෝ සිවු වටය ද ජයග්‍රහණය කරමින් තරග වට 3-1ක් ලෙසින් විදුලිබල මණ්ඩල ක්‍රීඩකයෝ පරාජය කරමින් 2023 වසරේ ශූරයන් බවට පත් වුනා.

ලකුණු සටහන: 25-22, 25-13, 18-25, 25-19

ජයග්‍රාහී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම

තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝ

  • Best Outside Hitter: 1. සජිත් කැලුම්රත්න (ශ්‍රී ලංකා යුද හමුදාව)
  1. ඉසුරු මධුශංක (ශ්‍රී ලංකා යුද හමුදාව)
  • Best Middle Player: 1. අයේෂ් දිල්හාන් (විදුලිබල මණ්ඩලය)
  1. වසන්ත ලක්මාල් (ශ්‍රී ලංකා යුද හමුදාව)
  • Best opposite Player: කේ. කලෙයි චෙල්වම් (ශ්‍රී ලංකා යුද හමුදාව)
  • Best Setter: ජී. ප්‍රභාත් දුශ්යන්ත (ශ්‍රී ලංකා යුද හමුදාව)
  • Best Libero: ඩබ්ලිව්. ඒ. ඩී. මනෝජ් සුරංග (ශ්‍රී ලංකා යුද හමුදාව)
  • Most Valuable Player: සජිත් කැලුම්රත්න (ශ්‍රී ලංකා යුද හමුදාව)

තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවැති තරගයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම පත් වූ අතර ඔවුන් වෙතින් පරාජයටපත් වූයේ පොලිස් කණ්ඩායමයි.

කාන්තා තරගාවලිය

සහභාගී වූ කණ්ඩායම්: ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඔමේගා ලයින්, හයිඩ්‍රාමනී, මැලිබන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ කැෂුවල් ලංකා ක්‍රීඩා සමාජය.

තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ හයිඩ්‍රාමනී කණ්ඩායම් ද ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව ද සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව පැවැති තරගවල දී හයිඩ්‍රාමනී කණ්ඩායමට එරෙහිව තරග වට 3-0ක ජයග්‍රහණය ලබා ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ද සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමට එරෙහිව තරගවට 3-2ක ජයග්‍රහණය ලබා ගත් යුද හමුදා කණ්ඩායම ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

පසුගිය වසරේ ශූරියන් ගුවන් හමුදාව මෙවර ද අවසන් මහා තරගයට පිවිසෙමින් යුද හමුදාවට එරෙහිව තරගවට 3-0ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්තා.

ලකුණු සටහන: 25-21, 25-18 සහ 25-17

ජයග්‍රාහී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම

තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවෝ

  • Best Outside Hitter: 1. දිනේෂා ප්‍රසාදිනී (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  1. තිළිණි වාසනා (ශ්‍රී යුද හමුදාව)
  • Best Middle Player: 1. ඉරේෂා උමංගනී (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  1. චතුරිකා රණසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • Best opposite Player: අමානි කෞෂල්‍යා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • Best Setter: ජේ. ඩබ්ලිව්. පී. තුෂාරි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • Best Libero: නඳුනි හිමංසලා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • Most Valuable Player: ජේ. ඩබ්ලිව්. පී. තුෂාරි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

තරගාවලියේ තෙවැනි ස්ථානය හයිඩ්‍රාමනී කණ්ඩායම ද සහ සිවු වැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාව ද දිනා ගත්තා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare සමඟ.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<