බොල්ට්ට අභියෝග කළ ඉන්දියාවේ බෝල්ට්

120
Usain Bolt

ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර හුසේයින් බෝල්ට්ගේ වාර්තා බිඳ දැමූ ලෙස සටහන් තබමින් ඉන්දියානු ගව ධාවන තරගයක් ජය ගත් පුද්ගලයෙක් ඔහු හා සංසන්දනය කළ පුවතක් අසල්වැසි ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඔලිම්පික් උළෙලට දින නිකුත් වෙයි

මෙම වසරේ පැවත්වීමට නියමිත බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ක්‍රීඩා උළෙල ලෙස

කම්බාලා ලෙසින් හැදින්වෙන මඩ සහිත කුඹුරක් තුල මීටර 142ක දුරක් ගවයන් දෙදෙනෙකු සමඟ දිවීමේ තරගයක් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙ පසුගිය දා පැවැත්විය. එම තරගය තත්පර 13.42ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට ශ්‍රීනිවාස් ගව්ඩා නැමති ඉන්දියානු ගව ධාවකයා සමත් විය.

ශ්‍රීනිවාස් ගව ධාවන තරගය අතරතුර දී

එම තරගයෙන් පසු ඔහු එරට ප්‍රධාන මාතෘකාවක් ලෙස කාගේත් කතාබහට ලක්වූයේ ඔහු එම තරගයේ පළමු මීටර් 100 තත්පර 9.55ක කාලයකින් අවසන් කළ නිසාවෙනි. එය 100m ඉසව්ව සඳහා ලෝක වාර්තාවට හිමිකම් කියන සුපිරි ක්‍රීඩක හුසේයින් බෝල්ට් එම ඉසව්ව තත්පර 9.58කින් අවසන් කරමින් තැබූ වාර්තාව ද ඉක්මවා යෑමක් වේ.

එය හේතුවෙන් ශ්‍රීනීවාස් “ඉන්දියානු හුසෙන් බෝල්ට්” ලෙස හඳුන්වමින් බෝල්ට් හා සංසන්දනය කිරීමට බොහෝ දෙනා පටන් ගෙන ඇත. මෙය පිළිබඳව කම්බාලා කමිටුවේ ප්‍රධානීන් විසින් අනතුරු ඇගයීම් පවා නිකුත් කර ඇත. 

“අනෙකුත් අය හා සංසන්දනය කිරීමට අපගේ කැමැත්තක් නැත” යැයි කම්බාලා කමිටුවේ ප්‍රධානී මහාචාර්ය කේ. ගුණපාලා කඩම්බා විසින් වැඩි දුරටත් පවසා සිටියේය.

සියල්ලන්ම එලෙස ශ්‍රීනිවාස් දෙස දෑස් දල්වා බලා සිටින මොහොතක ඔහු වෙත ඉන්දියානු ඔලිම්පික් කමිටුවේ අවධානය ද යොමු වී ඇත. ඔහුව පුහුණුවකින් අනතුරුව ඉන්දියානු ඔලිම්පික් සංචිත තේරිම් තරග සඳහා යොමු කිරීමට ඔවුන් තීරණය කර ඇති අතර ඒ සඳහා අදාළ බලධාරීන්  විසින් ඔවුන් හමුවන ලෙස ශ්‍රීනිවාස් වෙත දැනුම් දී ඇත.  

නමුත් මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රීනිවාස් ගව්ඩා ප්‍රකාශ කර සිටියේ තමන්ට මෙය සඳහා සහභාගි වීමට නොහැකි බවයි.

“මාගේ පාදය ආබාධයකට ලක් වුනා. මගේ සම්පූර්ණ අවධානය ලබා තියෙන්නේ කම්බාලා තරග සඳහායි” යැයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<