ටෙස්ට් පිටියෙන් බැස යන සුපිරි ඇෆ්ගන් තරුව

52

දශකයකටත් අධික කාලසීමාවක් පුරාවට ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායමේ ජයග්‍රහණයන් සඳහා පුරෝගාමි මෙහෙවරක් ඉටු කළ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මොහොමඩ් නබී ටෙස්ට් ක්‍රීඩා පිටියට සමුදීමට තීරණය කොට ඇති බව ඊයේ (5) දිනයේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

ලොව ළාබාළතම ටෙස්ට් නායකයා ඇෆ්ගනිස්තානයෙන්!

බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගය ඊයේ ආරම්භ වුනා.

බංග්ලාදේශය සමඟ මේ දිනවල ක්‍රියාත්මක වන ටෙස්ට් තරගය ඔහු ඇෆ්ගන් වර්ණයන්ගෙන් සැරසී ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය වනු ඇති බව ඇෆ්ගන් කණ්ඩායම් කළමනාකරු ධූරය හොඹවන නසීම් අබ්දූර්රහීම්සායි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සනාථ කර සිටියේය. කෙසේ නමුත් මෙවැනි තීරණයක් ගැනීමට හේතුපාදක වූ කරුණු කාරණා  පිළිබඳ වැඩිදුර විස්තරයක් ඒ මහතා විසින් ලබා දුන් ප්‍රකාශයන්ගේ සඳහන් නොවීය.

කෙසේ නමුත් ක්‍රිකට් විචාරකයින්ගේ මතයන්ට අනුව දැනට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ රැඳී සිටින වයස අවුරුදු 30 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු මෙලෙස ටෙස්ට් පිටියෙන් පූර්ණ කාලීනව ඉවත්ව සීමිත පන්දුවාර තරග සඳහා පමණක් සිය සම්පූර්ණ අවධානය යොමු කිරීමට පෙළඹීම මෙවැනි තීරණයක් ගැනීමට නබීට හේතුපාදක වන්නට ඇති බවය.

34 හැවිරිදි නබී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති මුළු ටෙස්ට් තරග සංඛ්‍යාව තුනක් වන අතර ICC විසින් වාර්ෂික ක්‍රිකට් දින පොතට එක්කළ නවතම අංගය වන ටෙස්ට් ලෝක ශූරතාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් අතරට ඇෆ්ගනිස්තානය ඇතුළත් නොවීම ද ඔහු ගත් මෙම තීරණයට යම් හෙයිකින් වක්‍ර බලපෑමක් එල්ල කළා දැයි සැකයක් මතුවේ.

ඇෆ්ගනිස්ථානය පෙරළිකාර දස්කම් දක්වද්දී ඉන්දියාවත් දස්කම් අතරට

8 වැනි වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක අද (5) කොළඹ….

මන්දයත් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට වාර්ෂිකව හිමි වන ටෙස්ට් තරග සංඛ්‍යාව සීමා වීමට මේත් සමඟම වැඩි ඉඩප්‍රස්තාවක් පවතින අතර ඔවුන් ක්‍රීඩා කරන මීළඟ ටෙස්ට් තරගය සඳහා මාස තුනකට ආසන්න කාලයක් බලාසිටීමට සිදු වීමෙන්ම ඒ පිළිබඳ මනාවට පසක් වේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ක්‍රියාත්මක වන මෙම තරගාවලිය මෙම වසරේ අවසනායේ දී පැවැත්වීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.

කෙසේ නමුත් ගෙවුණු වසර කිහිපය පුරාවටම සුදු පන්දුවෙන් ඔහු පෙන්වා ඇති හැකියා දක්ෂතාවන් සැලකිල්ලට ගනිමින් ලොව පුරා පැවැත්වෙන විවිධ විස්සයි විස්ස තරගාවලි සඳහා නබීට ලැබෙන්න ඉහළ ඉල්ලුමකි. 

පසුගිය වසරේ පැවති ඉන්දීය ප්‍රමියර් ලීග් තරගාවලියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් සුපිරි ක්‍රීඩා රටාවක නියැලුණු නබීගේ ක්‍රීඩා කෞශල්‍යයන්  ලබන වසරේ ක්‍රියාත්මක වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සාර්ථකත්වයට අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<