ශ්‍රී ලංකාව අපරාජිතව ඉදිරියට

මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය 2023

4987

ශ්‍රී ලංකාවේ සත්කාරත්වය යටතේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවයේ දෙවැනි දිනයේ තරග ඊයේ (11) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. 

එම තරගයන්ගෙන් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය සිය දෙවැනි ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වෙද්දී, උස්බෙකිස්තාන ක්‍රීඩකයින් සිය පළමු ජයග්‍රහණය ලබා ගත්තා.  

දිනයේ පැවති පළමු තරගයෙන් සෞදි අරාබිය ලකුණු 25-15ක්, 25-19ක් සහ 25-23ක් ලෙස පරාජය කරමින් තරගය වට 3-0ක් ලෙස ඉතා කැපී පෙනෙන දස්කම් සමඟ ජයග්‍රහණය කිරීමට උස්බෙකිස්තාන ක්‍රීඩකයින් සමත් වුනා.  

දෙවැනි තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරග බිමට පිවිසි අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ නේපාල ක්‍රීඩකයින් පළමු දිනයේ දී බංග්ලාදේශය පරාජය කරමින් හොඳ මානසිකත්වයකින් තරගයට අවතීර්ණ වුනා. 

තරගයේ පළමු වටයේ දී නේපාලයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල වූවත්, එම වටය 26-24ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වූ අතර දෙවැනි සහ තෙවැනි වට ශ්‍රී ලංකාව ලකුණු 25-18ක් සහ 25-16ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

මෙම තරගය පුරාවට ද කණ්ඩායම් නායක දීප්ති රෝමේෂ්, උපනායක අයේෂ්, ලසිඳු මෙත්මල් සහ මහේල ඉන්දීවරගේ දස්කම් කැපී පෙනුණා.  

දිනයේ පැවති අවසන් තරගයේ දී ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට එරෙහිව තරග බිමට පිවිසි අතර එම තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුනා. 

තරගාවලියේ දෙවැනි දිනය වන අද (11) තවත් තරග තුනක් පැවැත්වීමට නියමිතයි. 

7    

ඔක්තෝබර් 11  

නේපාලය  ඇෆ්ගනිස්තානය  පස්වරු 1.30  
8   කසකස්තානය  බංග්ලාදේශය  සවස 4.00  
9   ශ්‍රී ලංකාව    උස්බෙකිස්තානය  සවස 6.30  

 

මෙම තරග ඇතුළු සමස්ත තරගාවලිය සජීවීව විකාශය කිරීමට ශ්‍රී ලංකාවේ අංක 1 වෙබ් නාලිකාව වන ThePapare.com කටයුතු කර තිබෙනවා. ඊට සමගාමීව Dialog TV Channel 126 සහ Dialog ViU mobile app මඟින් ද මෙම තරග නැරඹීමේ අවස්ථාව හිමි වෙනවා. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<