යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක්

අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2022

272

මෙම මාසයේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 05 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 03 දෙනෙකු ඇතුළත් අතර එම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරය ද හිමි වූ බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කළා.

එමෙන්ම, තරගාවලියට සහභාගී වන එම කණ්ඩායම මෙම මස 11 වැනිදා දිවයිනෙන් පිටත් වීමට නියමිතයි.

ආසියානු මලල ක්‍රීඩා සංගමය සහ කුවේට් මලල ක්‍රීඩා සංගමයේ සංවිධානය යටතේ කුවේට් හී පැවැත්වෙන මෙම තරගාවලිය ඔක්තෝබර් 12 සිට 16 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම්

ක්‍රීඩකයින්

  • පී. එස්. ජයතිලක – මීටර් 400
  • ඒ. ටී. රාජපක්ෂ – මීටර් 400
  • එස්. ඩී. අනුහස් – උස පැනීම
  • ජී. එල්. අර්ථවිදු – උස පැනීම
  • Carrim – උස පැනීම

ක්‍රීඩිකාවන්

  • කේ. එන්. වික්‍රමසිංහ – මීටර් 800
  • සිතුලි සාදිත්‍යා – උස පැනීම
  • මධුෂානි හේරත් – දුර පැනීම

නිලධාරීන්

  • පාලිත ජයතිලක මහතා – කළමනාකරු
  • ජී. කේ. කුමාර මහතා – පුහුණුකරු
  • ඉමල්කා රණවීර මහත්මිය – Lady chaperone

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<