Alex Hales එංගලන්ත ලෝක කුසලාන සංචිතයට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1670

වළලුකර ආශ්‍රිත ආබාධයක් නිසාවෙන් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කෙරුණු Jonathan Bairstow වෙනුවට ප්‍රවේගකාරී පිතිකරු Alex Hales එංගලන්ත ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඔහු එංගලන්ත සංචිතය නියෝජනය කරන්නේ 2019න් පසුව වීම විශේෂත්වයක් වන අතර ලෝක කුසලානයට පෙර පැවැත්වෙන තරග හතකින් සමන්විත පාකිස්තාන තරගාවලියට ද ඔහු නම් කර තිබෙනවා.

එංගලන්ත ලෝක කුසලාන සංචිතය Jos Buttler (captain), Moeen Ali, Harry Brook, Sam Curran, Alex Hales, Chris Jordan, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Phil Salt, Ben Stokes, Reece Topley, David Willey, Chris Woakes, Mark Wood.

පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියට සහභාගී වන එංගලන්ත සංචිතය: Jos Buttler (c), Moeen Ali, Harry Brook, Jordan Cox, Sam Curran, Ben Duckett, Liam Dawson, Richard Gleeson, Alex Hales. Tom Helm, Will Jacks, Dawid Malan, Adil Rashid, Phil Salt, Olly Stone, Reece Topley, David Willey, Chris Woakes, Luke Wood, Mark Wood

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<