ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට අදාළ ව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ඊයේ (26) සහ අද (27) ක්‍රියාත්මක උනා.
මෙම තරගයේ පළමු දිනය තුළ පළමු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 308ක් වාර්තා කිරීමට සමත් වූ අතර, මෙහි දී නායක ධනංජය ද සිල්වා විසින් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.
ඉන් පසුව පළමු දිනය තුළ ම කොදෙවන් ද සිය පළමු ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට අවතීර්ණ වූ අතර, පළමු දිනය තුළ ඔවුන් පිතිකරණයේ යෙදුණේ එක් පන්දුවාරයක් පමණයි.
කෙසේ වෙතත් ඊයේ සවස් භාගයේ දී කොදෙව්වන් විසින් තරගයේ දෙවැනි දිනය ආරම්භ කරමින් ඉනිමට ලකුණු එකතු කිරීම ආරම්භ කළා.
මෙහි දී ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සබඳතාවක් පිහිටුවීමට Jhon Campbell සහ Brandon King සමත් වූ අතර, මිලාන් රත්නායක විසින් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 31ක් ලබා සිටි King දවා ගැනීමට සමත් වුනා. ඉන් පසුව ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස Campbell දවා ගැනීමට සොනාල් දිනූශ විසින් සමත් වුනේ ලකුණු 39ක් ලබා සිටියදියි.
- ලෝක කුසලාන ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා දී ශ්‍රී ලංකාව පරාජය වෙයි
- 19න් පහළ යොවුන් තරගාවලියට අදත් වර්ෂාවෙන් බාධා
- වාර්තා පොත් අලුතින් ලියැවුණ 2026 මංගල තරගය
- ගියවර ශූරියන් සහ අනුශූරියන් පරාජය වෙයි
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මින් අනතුරුව කොදෙව්වන්ට නැවත නැගී සිටීමේ අවස්ථාවක් ලබා නොදුන් මිලාන් රත්නායක සහ අසිත ප්‍රනාන්දු විසින් කොදෙව් ඉනිමේ කඩුලු 5ක් ලකුණු 168ක් තුළ දවා ගැනීමට සමත් වුනා.
මේ අතරවාරයේ ශ්‍රී ලංකාවේ වේගව්ත්ම පන්දු යවන්නා ලෙස කණ්ඩායමට එක් වූ ලහිරු කුමාර එක් පන්දුවාරයක් පමණක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ආබාධයක් නිසා පිටියෙන් ඉවත් ව ගියා.
කෙසේ වෙතත් කොදෙව් ඉනිමේ කඩුලු 05ක් බිඳ වැටීමෙන් පසුව පිටියේ එකතු ඌ Amir Jangoo සහ නායක Rostan Chase දෙදෙනා විසින් ඉනිමේ 06 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 103ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් දිනය නිමා වන තෙක් සිය කඩුල්ල ආරක්ෂා කර ගැනීමට ද සමත් වුනා.
මෙහි දී Amir විසින් නොදැවී ලකුණු 78ක් ලබා සිටින අතර, Chase නොදැවී ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වී සිටිනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.
දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි කොදෙව්වන් විසින් කඩුලු 05ක් දැවී ලකුණු 271ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, තවමත් ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 37ක් පිටුපසින් සිටිනවා.
තරගයේ තෙවැනි දිනය අද සවස ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















