19න් පහළ යොවුන් තරගාවලියට අදත් වර්ෂාවෙන් බාධා

U19 Sri Lanka Youth League 2026

3
Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැත්වෙමින් තිබූ තරග ද්විත්වය ද වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වුණා.

  • දඹුල්ල සහ කොළඹ දකුණ කණ්ඩායම් අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – දඹුල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම  

 

රමිරු පෙරේරා (නායක), හිරුන් මතීෂ, ජේඩන් අමරවීර, අසදිස ද සිල්වා, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), නේක්ෂ ඉද්දමල්ගොඩ, හිමරු දේශාන්, ගිම්හාන් මෙන්ඩිස්, අදීශ ලක්ශාන්, මලින්ත සිල්වා සහ ඔෂඳ මනහර.

 

දඹුල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

රජිත නවෝද්‍ය (නායක), ජනිඳු රණසිංහ, දිනුග අබේසේකර, දමේෂ් මතීශාන්, මශීෂ සිතුම්, දිමත් අබේසිංහ, විග්නේශ්වරන් ආකාශ්, සුතර්සන් සුබාර්නන්, මෙනුර නිරෝෂණ, සනුජ නිඳුවර සහ නදුන් බණ්ඩාර.

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ දකුණ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ පන්දුවාර 16.1ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය එම අවස්ථාවේ නතර කරන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 96ක් ලබා සිටියා.

එතැන් සිට තරගය නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් උදා නොවූ බැවින් එය විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් සේ අතහැර දැමෙනවා.

කොළඹ ඉනිමේ ආරම්භක පිතිකරු හිරුන් මතීෂ පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත් අතර ඉනිම අත්හැර දැමෙන විට ජේසන් ප්‍රනාන්දු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද සහ නේක්ෂ ඉද්දමල්ගොඩ පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවි ලකුණු 19ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මෙනුර නිරෝෂන ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව සුතර්සන් සුබර්නන් කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 3ක් දැවී 96 (16.1) හිරුන් මතීශ 38, ජේසන් ප්‍රනාන්දු නොදැවී 23, නේක්ෂ ඉද්දමල්ගොඩ නොදැවී 19, මෙනුර නිරෝෂණ 2/22

තරගයේ විසඳුමක් නෑ.

  • මහනුවර සහ කොළඹ උතුර කණ්ඩායම් අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

දිමන්ත මහවිතාරණ (නායක), ආදිල් ශෙරිෆ්, ප්‍රවීන් රුකුනායක (කඩුලු රකින්නා),කෞෂික කුමාරසිංහ, සුමේධ ප්‍රසාද්, සෙත්මික සෙනෙවිරත්න, චනිරු සේනාරත්න, රයන් ග්‍රෙගරි, මහේන්ද්‍ර අබේසිංහ, කෝලිත සුගත් සහ කනිල්ක ඇන්තනී.

 

කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

 

රිශ්ම අමරසිංහ (නායක), අවීෂ සමාශ්, සෙනුජ වෙකුණුගොඩ, කිත්ම විතානපතිරණ, ලිත්ම පෙරේරා (කඩුලු රකින්නා), දුල්නිත් සිගේරා, තිශාන් නිපුන්, ශ්‍රීරාම් ජීවහන්, ලහිරු ලක්මාල් සහ ශවීන් පෙරේරා.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොළඹ උතුර කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට හැකි වෙන්නේ පන්දුවාර 5ක් පමණයි.

එතැන් සිට තරගය නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් උදා නොවූ බැවින් එය විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් සේ අතහැර දැමෙනවා.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට මහනුවර ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 29ක් ලබා සිටියා. එහි දී අබ්දුල් ශෙරීෆ් ලකුණු 11කට දැවී යන අතර නායක දිමන්ත මහවිතාන තරගය නතර කරන විට පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.

මහනුවර ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය දුල්නිත් සිගේරා සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුල්ලක් දැවී 29 (5.0) දිමන්ත මහවිතාන නොදැවී 16, දුල්නිත් සිගේරා 1/04

තරගයේ විසඳුමක් නෑ.

මෙම තරගාවලියේ තවත් තරග ද්විත්වයක් මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතයි. එහි දී කොළඹ දකුණ සහ මහනුවර කණ්ඩායම් අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් සහ ගාල්ල සහ දඹුල්ල අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේදීත් පැවැත්විමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<