ෂේන් වෝන්ට හිසරදයක් වූ ශ්‍රී ලාංකිකයා

117
Getty Images

ෂේන් වෝන් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම පුරාවෘත්තයක්. ශ්‍රී ලංකාවේ අපිට නම් වෝන් කියන්නේ ඒ තරම් සිත් ගත් චරිතයක් නෙවෙයි.

වලියට බරැති, නැටුමට හිතැති එංගලන්ත තරුව.

1999 වසරේ ජනවාරි විසිතුන් වැනිදා එංගලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ඇඩිලේඩ්…

ෂේන් වෝන් ක්‍රිකට් පිටියේ කොයි තරම් වැඩකාරයෙක් වුනත් පිටියෙන් එහා එයාගේ කල් ක්‍රියාව නම් ඒ තරම් හොඳ නැහැ. හැබැයි කොක්කෙන් හරි කෙක්කෙන් හරි වැඩේ කරගන්න වෝන් මාර දස්සයා. 

ප්‍රතිවාදියාගේ ඔළුවට රිංගලා ඔළුව විකාර කරලා ඔහුව සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න වෝන් කියන ඕස්ට්‍රේලියානුවාට තිබුණේ මාර හැකියාවක්. හැබැයි වෝන්ට විරුද්ධව එහෙම අභියෝගයක් ආපු හැමවෙලාවකම එයා තව තවත් ශක්තිමත් වූ බවක් කියවෙන්නේ. 

හැබැයි වෝන් කියන වදකාරයාටත් සෑහෙන වදයක් වුන ප්‍රතිවාදියෙක් ගැන වෝන් පස්සේ කාලෙක කතා කරලා තිබුණා. ඒ කවුරුත් නෙවෙයි අපේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග.

“ශ්‍රී ලංකාව ගැන මම පහුගිය අවුරුදු ගාණක් තිස්සේ කතා කරපු දේවල් ගැන බැලුවොත් ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ශ්‍රී ලංකාවට කිසිම කැමැත්තක් නෑ කියල. නමුත් එහෙම දෙයක් නෑ. මම ශ්‍රී ලංකාව කියන රටට ආසයි.

මගේ ප්‍රශ්නය තියෙන්නේ ඔවුන්ගේ හිටපු නායක අර්ජුන රණතුංග එක්ක. සැකයක් තියාගන්න එපා ඔහු තමයි මට එපාම කරපු සහ අභියෝගාත්මකම ප්‍රතිවාදියා.

මම කියන්නේ ඔහු මට විරුද්ධව ක්‍රීඩා කරපු හොඳම පිතිකරුවා නෙවෙයි. මම ඔහුට අකැමැති වුනේ ක්‍රීඩාවේ ජීවගුණයට ඔහුගෙන් සිදු වූ හානිය නිසා. ඔහු ක්‍රීඩාවේ නීතිරීති තමන්ගේ වාසිය වෙනුවෙන් උපරිමයටම පාවිච්චි කරපු කෙනෙක්. ඔහු නිසා විනිසුරුවන්ට පවා තමන්ගේ රාජකාරිය හරියාකාරයෙන් කරන්න ලැබුණේ නැහැ.

මම දන්න විදියට ශ්‍රී ලංකා කණ්ඩායමේ 1995/96 තරග සංචාරය ඉතාම කලහකාරී සංචාරවලින් එකක්. ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු භූමියට ආපු හැටියේ ගුවන්තොටුලේ දී සුනඛයින් යොදා ගනිමින් ඔවුන්ව පරීක්ෂා කරපු එකට ඔවුන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒක ඔවුන් ගත්තේ ඔවුන්ට කළ අපහාසයක් හැටියට. ඒ වගේම පර්ත් නුවර පැවති මුල්ම ටෙස්ට් තරගයට පෙරදා හවස් යාමයේ ඔවුන්ගේ ක්‍රීඩා ඇඳුම්වල තිබූ ලාංඡනවල විශාලත්වය සහ ප්‍රමාණය ගැන ගැටලුවක් ඇති වුනා. ප්‍රශ්න එතනින් හමාර වුනේ නැහැ. ටෙස්ට් තරගය ආරම්භ වූ වහාම ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් එල්ල වුනා.

WWE ශූරයාගෙන් ඩේවිඩ් වෝනර්ට සටනකට ආරාධනාවක්

1997 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකු වාර්තාගත අයුරින් කැලැන්ඩර් …

මෙහෙම පොඩියට පටන් ගත්තු ප්‍රශ්නේ එකවරම පුපුරල ගියේ මෙල්බර්න් නුවර පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක්වීමත් සමඟ. 

එදා තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ ඩැරල් හෙයාර් අඩි කිහිපයක් පිටුපසට පැමිණ මුරලිගේ පන්දු යැවීම හොඳින් නිරීක්ෂණය කළා. පසුව ඔහු මුරලි යැවූ පන්දු නිපන්දු ලෙසින් නම් කළා. අර්ජුන මුරලි පන්දු යැවූ අන්තය වෙනස් කිරීමට සැරසෙනු දුටු හෙයාර් නැවත වතාවක් ශ්‍රී ලංකා නායකයා වෙත අවවාදයක් නිකුත් කළා. අනික් අන්තයේ සිට මුරලි යවන පන්දුත් නිපන්දු ලෙස නම් කරන බවට.

මට මුරලි ගැන සෑහෙන කනගාටුවක් ඇති වුනේ. එතරම් විශාල ජනකායක් මැද වැරදිකරුවෙකු ලෙස හංවඩු ගැසීම ක්‍රීඩකයෙකුට ලෙහෙසි නෑ. නමුත් මා  හිතනවා විනිසුරුවරයා ලෙස ඩැරල් හෙයාර් තරමක් දුරට නිවැරදි බව. විනිසුරුවෙකු තමාට පන්දු යවන්නෙකු ගැන සැකයක් ඇත්නම් ඔහුව හඳුනා ගෙන ක්‍රියාමාර්ග ගත යුතුයි. නමුත් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය වන් තැනක  විශාල ජනකායක් මැද එවැනි දැඩි දඬුවමක් දෙනවාට වඩා තවත් ක්‍රම සහ විධි තියෙන්න පුළුවන් කියා මා සිතනවා.

රණතුංගගේ අදහස වුනේ මුත්තයියා මුරලිදරන්ට එරෙහිව ක්‍රියාත්මක වූයේ කුමන්ත්‍රණයක් කියා. ඔහු විශ්වාස කළේ ශ්‍රී ලංකාවේ ගමන නැවැත්වීමට ඕස්ට්‍රේලියානුවන් කුමන්ත්‍රණයක් කළා කියා. ඔහු නිතරම බැලුවේ අනුකම්පාවක් දිනා ගැනීමට.

පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව පිළිගත්තත් නැවත වරක් රොස් එමර්සන් විසින් ඔහුගේ ඉරියව්ව සැක සහිත බව ප්‍රකාශ කරමින් ඇඩිලේඩ් නුවර දී එංගලන්තය සමඟ පැවති එක්දින තරගයක් අතරතුර මුරලිගේ පන්දු නිපන්දු ලෙස නම් කළා.

1999 වසරේ එංගලන්තයේ පැවති ලෝක කුසලානය අතරතුර අර්ජුන රණතුංග විවේචනය කිරීමේ වරදට මට තරග ගාස්තුවෙන් අඩක් දඩයක් ලෙසින් ගෙවන්නට සිදු වුනා. පුවත්පතකට ලිපියක් ලියමින් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සහ සමස්ත ක්‍රීඩාවට අර්ජුන වැන්නෙකු නොසිටියා නම් යහපත් බවයි මා ප්‍රකාශ කළේ.

සිරිමත් ගති නැති ක්‍රිකට් ක්‍රීඩාවේ හොලිවුඩ් තරුව

රන්වන් හිසකේ ඇති අප කතානායක ඕස්ට්‍රේලියානු තරුණයා තරමක් තරබාරුය. ඔහුගේ වයස දහඅට…

නමුත් අර්ජුන කිහිප වතාවක් ඕස්ට්‍රේලියානුවන් ප්‍රසිද්ධියේම විවේචනය කළත් කිසිම හානියක් නොවී ලෙහෙසියෙන් ගැලවී යන්නට ඔහුට හැකියාව ලැබුණා.

1999 ලෝක කුසලානයේ එංගලන්තය සමඟ පැවති මුල්ම තරගයෙන් පසු අර්ජුන ඕස්ට්‍රේලියානු ජනතාවගේ ඉතිහාසය පිළිබඳව යම් ප්‍රකාශයක් කළා. එය මම අර්ජුන ගැන කළ ප්‍රකාශයට වඩා දරුණු එකක්. නමුත් කිසිම හානියක් නොවී දඩයකට යටත් නොවෙමින් පැනගන්නට ඔහු සමත් වුනා. ඒ ඔහු ගැලවී ගිය මුල්ම අවස්ථාවත් අවසාන අවස්ථාවත් නොවෙයි.”

ෂේන් වෝන්ගේ මෙම ප්‍රකාශවලින් පෙනී යන්නේ අර්ජුන රණතුංග ක්‍රීඩා කළ සමයේ ඔහු ෂේන් වෝන්ට කෙතරම් හිසරදයක්ව සිටියා ද යන්නයි. විශේෂයෙන්ම 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී පවා අර්ජුන රණතුංග ෂේන් වෝන් ඉදිරියේ පිත්ත හැසිර වූ ආකාරය ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන් වශයෙන් අපට අමතක නැහැ.

විශේෂයෙන්ම ෂේන් වෝන් වැනි ජාත්‍යන්තර තලයේ සියලුම ක්‍රීඩකයින්ට පාහේ හිසරදයක් වූ අයෙකුට අර්ජුන වැන්නෙකු පෙරළා ලබා දුන් මානසික වදය සහ අභියෝගය සුළුපටු නොවන බවයි අවසානයේ පැවසිය හැක්කේ.

තොරතුරු මූලාශ්‍රයWarne: ‘Lara was a squealer, but ratty Ranatunga was worst of the lot

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<