වාර්තා පොත් අලුතින් ලියැවුණ 2026 මංගල තරගය

ICC Women's T20 World Cup 2026

8

10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මංගල තරගය (12දා) අවසන් වෙන්නේ ලෝක කුසලාන තරග ඉතිහාසයට එතෙක් කණ්ඩායමක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව සහ තවත් වාර්තා කිහිපයක් ම එක් කරමිනුයි.  

මේ ඒ පිළිබඳ ව තැබෙන සටහනක්.  

ලෝක කුසලාන ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා දී ශ්‍රී ලංකාව පරාජය වෙයි

එංගලන්ත කණ්ඩායම විසින් ම 2023 වසරේ දී කඩුලු 5කට ලකුණු 213ක් ලබා ගනිමින් සතු කරගෙන සිටි ලෝක කුසලාන තරගයක දී එක් කණ්ඩායමක් විසින් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තා එංගලන්ත ක්‍රීඩිකාවන් විසින් ම අලුත් කරනවා.  

ඔවුන් මෙම තරගයේ දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219ක් ලබා ගන්නවා.  

ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 
  Team  Score  Overs  Opposition  Ground  Year 
1  එංගලන්තය  219/1  20.0  ශ්‍රී ලංකාව  Birmingham  2026 
2  එංගලන්තය  213/5  20.0  පාකිස්තානය  Cape Town  2023 
3  දකුණු අප්‍රිකාව  195/3  20.0  තායිලන්තය  Canberra  2020 
4  ඉන්දියාව  194/5  20.0  නවසීලන්තය  Providence  2018 
5  ඕස්ට්‍රේලියාව   191/4  20.0  අයර්ලන්තය  Sylhet  2014 

 

  • මේ අතර මෙම තරගයේ දී එංගලන්ත ක්‍රීඩිකාවන් සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එක් ව ලබා ගන්නා ලද ලකුණු 351කඑකතුව ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි තැනට පත් වූවා.  

එහි පළමු ස්ථානයේ පවතින්නේ 2018 වසරේ දී ඉන්දියාව සහ නවසීලන්තය විසින් Providence හි දී ලබා ගන්නා ලද ලකුණු 354යි. එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 194ක් ලබා ගන්නා ලද අතර නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 160ක් ලබා ගන්නවා.  

මෙම කණ්ඩායම් ද්විත්වය මෙම ස්ථානයට පත් වීමත් සමඟින් එතෙක් 2 වැනි ස්ථානයේ රැඳී සිටි ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව 3 වැනි ස්ථානය දක්වා පහත බසිනවා. ඔවුන් මෙම ස්ථානයේ රැඳී සිටියේ 2023 වසරේ දී Cape Town හි දී රැස් කරන ලද ලකුණු 339 හේතුවෙනුයි.  

  • මෙම තරගයේ දීNat Sciver-Brunt නොදැවී ලකුණු 46ක් ලබා ගන්නා ලද අතර ඒ සමඟින් ඇය ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගත් එංගලන්ත පිතිකාරිනිය බවට පත් වෙනවා. ඇය මේ වන විට ලෝක කුසලාන තරග 30ක ඉනිම් 28ක දී ලකුණු 784ක් ලබා ගෙන තිබෙනවා.   

ඇයට පෙර මෙම ලැයිස්තුවේ පළමු වැනියා ව වී සිටියේ Charlotte Edwards. ඇය තරග 24ක දී ලකුණු 768ක් ලබා සිටියා.  

එමෙන් ම ඇය මෙම ඉනිමත් සමඟින් ලකුණු 3000 සමාජයට ද එක්වීමට සමත් වෙනවා.   

  • එංගලන්ත කණ්ඩායමේ තවමත් 21 වැනි වියේපසුවෙන වමතින් මඳ වේග පන්දු යවන Freya Kemp තම ලෝක කුසලාන මංගල තරගයට සහභාගී වෙන්නේ මෙම තරගයේදීයි. එහි දී ඇය ප්‍රතිවාදී කඩුලු 4ක් ලකුණු 21කට දවා ගන්නවා.  

එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ මංගල තරගයක දී කඩුලු 4ක් දවා ගත් අය අතුරින් 2 වැනියට ලැයිස්තු ගත වන දක්ෂතාවයි.  

මෙහි දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ 2010 වසරේ දී එංගලන්තයේ Danni Wyatt-Hodge විසින් Basseterre හි දී දකුණු අප්‍රිකාවට එරෙහි ව ලකුණු 11කට දවා ගත් කඩුලු 4යි.  

එමෙන් ම මෙම දක්ෂතාව කළ එංගලන්තයේ 3 වැනි ක්‍රීඩිකාව බවට ද ඇය පත් වුණා. ඇයට පෙර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය 2012 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තානයට එරෙහි ව ලකුණු 9කට කඩුලු 4ක් දවා ගත් Holly Colvin ද,  2 වැනි ස්ථානය 2010 වසරේ Basseterre හි දී දකුණු අප්‍රිකාවට එරෙහි ව ලකුණු 11කට කඩුලු 4ක් දවා ගත් Danni Wyatt-Hodge ද වෙනවා.  

මෙම තරගයේ දීDanni Wyatt-Hodge නොදැවී 105 ලබා ගන්නා ලද අතර එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ හොඳම ඉනිම් අතර 4 වැනි ස්ථානයට පත් වූ ඉනිමයි.   

  Runs  Player  Team  Opposition  Ground  Year 
1  126  Meg Lanning  ඕස්ට්‍රේලියාව  අයර්ලන්තය  Sylhet  2014 
2  112*  Deandra Dottin  බ.ඉ. කොදෙව්  දකුණු අප්‍රිකාව  Basseterre  2010 
3  108*  Heather Knight  එංගලන්තය  තායිලන්තය  Canberra  2020 
4  105*  Danni Wyatt-Hodge  එංගලන්තය  ශ්‍රී ලංකාව  Edgbaston  2026 
5  103   Harmanpreet Kaur  ඉන්දියාව  නවසීලන්තය  Providence  2018 

 

  • මෙම තරගයේ දී එංගලන්ත ඉනිම ආරම්භ කළDanni Wyatt-Hodge සහ Amy Jones එක් ව පළමු කඩුල්ලට ලකුණු 135ක් එක් කරන ලද අතර ලෝක කුසලාන තරග ඉතිහාසයේ පළමු කඩුල්ලට වාර්තා වූ හොඳම ඉනිම් අතර 3 වැනි ස්ථානයට ලැයිස්තු ගත වුණා.  
ලෝක කුසලාන ඉතිහාසයේ ඉනිමක වැඩිම වැඩිම ලකුණුලාභීන් 5 දෙනා 
             
1  163*  Lizelle Lee,  

Dane van Niekerk 

දකුණු අප්‍රිකාව  පාතිස්තානය  Sylhet  2014 
2  151  Alyssa Healy,  

Beth Mooney 

ඕස්ට්‍රේලියාව  බංග්ලාදේශය  Canberra  2020 
3  135  Danni Wyatt-Hodge, Amy Jones  එංගලන්තය  ශ්‍රී ලංකාව  Edgbaston  2026 
4  120  Hayley Matthews, Stafanie Taylor  බ. ඉ. කොදෙව්  ඕස්ට්‍රේලියාව  Kolkata  2016 
5  119*  Tazmin Brits,  

Laura Wolvaardt 

ද. අප්‍රිකාව  බ. ඉ.  

කොදෙව් 

Dubai  2024 

 

  • මෙම තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ ආරම්භකපිතිකාරිනියන් වූ Danni Wyatt-Hodge සහ Amy Jones එක් ව පළමු කඩුල්ලට ලකුණු 135ක් ලබා ගත් අතර එය එංගලන්ත විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි ස්ථානයට පත් දක්ෂතවායි.  

මෙහි පළමු ස්ථානය 2020 වසරේ දී  Canberra හි දී තායිලන්තයට එරෙහි ව Heather Knight සහ Nat Sciver-Brunt එක් ව 3 වැනි කඩුල්ලට නොදැවී ලබා ගන්නා ලද ලකුණු 169යි.  

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<