Home Sinhala කෙටි පළමු දිනයේ දී නවසීලන්තයෙන් හොඳ ආරම්භයක්!

කෙටි පළමු දිනයේ දී නවසීලන්තයෙන් හොඳ ආරම්භයක්!

416
Sri Lanka tour of New Zealand 2023

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (17) වෙලිංටන් හිදී ආරම්භ වුනා. වර්ෂාවෙන් එල්ල වුනු බලපෑම් නිසා පන්දුවාර 48කට සීමා වූ අද දිනයේ දී පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 155ක් ලබාගෙන සිටිනවා.

තරගය ක්‍රීඩා කරන කණ්ඩායම්:

ශ්‍රී ලංකාව: දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිශාන් මදුශ්ක, කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු.

නවසීලන්තය: Tim Southee (නායක), Tom Latham, Devon Conway, Kane Williamson, Henry Nicholls, Daryl Mitchell, Tom Blundell, Michael Bracewell, Doug Bracewell, Mat Henry, Blair Tickner.

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකර තිබුණේ නිරෝෂන් දික්වැල්ල වෙනුවට නවක කඩුලු රකින පිතිකරු නිශාන් මදුශ්ක කැඳවමින්. මොරටු විද්‍යාලයෙන් ජාත්‍යන්තරය දක්වාම පැමිණි 23 හැවිරිදි නිශාන් මදුශ්ක පසුගිය දේශීය තරගාවලිවල දී පිත්තෙන් සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වුනා.

නවසීලන්තය ආබාධයකට ලක්ව සිටින Wagner වෙනුවට Doug Bracewell කණ්ඩායමට කැඳවා තිබුණා. 32 වැනි වියේ පසුවන Doug Bracewell ටෙස්ට් කණ්ඩායම සමඟ එකතු වුනේ වසර 6ක දීර්ඝ විරාමයකින් පසුවයි. වර්ෂාව නිසා පිටියේ පැවති තෙතමනය අද දිවා ආහාරය දක්වාම ක්‍රීඩා කිරීමට තිබූ කාලය පැහැර ගත් අතර තරගය ක්‍රියාත්මක කිරීමට හැකි වුනේ පැය 4ක පමණ කාලයක් පමණයි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දු යැවීම තෝරාගත් දිමුත් කරුණාරත්නගේ බලාපොරොත්තුව පෙර තරගයේ සේම තම වේගපන්දු යවන්නන් දස්කම් අතරට පැමිණීම වුවත් වෙලිංටන් තණතිල්ල ඔහු සිතූ පරිදි හැසිරුනේ නැහැ. මේ නිසා පන්දුවාර කිහිපයක් පන්දු යවන්නන් ඉදිරියේ හිස නමාගෙන සිටි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා පසුව හිතේ හැටියට ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන් පළමු කඩුල්ලටම නවසීලන්තය වෙනුවෙන් ලකුණු 87ක් එක් කිරීමයි. අවසානයේ පන්දුවාර 25කට පසුව Tom Lathamව දවා ගැනීමට කසුන් රාජිත සමත් වුනා. ඒ කෙටි පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේ දී පන්දුව කෙලින්ම ඩීප් ස්ක්වෙයාර් ලෙග් හි පන්දු රැකි ප්‍රභාත් ජයසූරිය රැක ගැනීමත් සමඟයි.

ඉන්පසු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් ගොඩ නැගුණු අතර ටෙස්ට් දිවියේ 8 වැනි අර්ධ ශතකය රැස් කිරීමෙන් පසු Devon Conway පිටිය හැර ගියා. ඒ ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේයි. ඒ වෙනුවෙන් ධනංජය සිල්වාම තණතිල්ල මත පහතින් ඇදී ආ උඩපන්දුව දක්ෂ ලෙස රැක ගත්තා.

දැවී යන විට පන්දු 108කට මුහුණ දී සිටි Conway ලකුණු 78ක් ලබාගෙන සිටියා. ඒ හතරේ පහර 13ක් සමඟයි. මේ වන විට Kane Williamson සහ Henry Nicholls අතරේ ලකුණු 37ක නොබිඳුනු සබඳතාවයක් වර්ධනය වී තිබෙනවා.

අද Henry Nicholls ලකුණු 06 දී කසුන් රාජිත යැවූ පන්දුවකට ලබා දුන් උඩපන්දුවක් නිශාන් මදුශ්ක අතින් ගිලිහී ගිය අතර ඔහු හෙට දිනයේ විශාල ඉනිමක් කරා ගිය හොත් එය කණ්ඩායමට දැඩි අවාසියක් වනු ඇති.

Result


New Zealand
580/4 (123)

Sri Lanka
164/10 (66.5) & 358/10 (142)

Batsmen R B 4s 6s SR
Tom Latham c Prabath Jayasuriya b Kasun Rajitha 21 73 0 0 28.77
Devon Conway c & b Dhananjaya de Silva 78 108 13 0 72.22
Kane Williamson c b Prabath Jayasuriya 215 296 23 2 72.64
Henry Nicholls not out 200 240 15 4 83.33
Daryl Mitchell c & b Kasun Rajitha 17 12 1 1 141.67
Tom Blundell not out 17 17 0 0 100.00


Extras 32 (b 2 , lb 17 , nb 8, w 5, pen 0)
Total 580/4 (123 Overs, RR: 4.72)
Bowling O M R W Econ
Kasun Rajitha 32 6 126 2 3.94
Asitha Fernando  26 6 110 0 4.23
Lahiru Kumara 25 1 164 0 6.56
Dhananjaya de Silva 19 3 75 1 3.95
Prabath Jayasuriya 21 1 86 1 4.10
Batsmen R B 4s 6s SR
Oshada Fernando c Tom Blundell b Matt Henry 6 32 0 0 18.75
Dimuth Karunaratne c Tom Latham b Michael Bracewell 89 188 9 0 47.34
Kusal Mendis c Devon Conway b Doug Bracewell 0 10 0 0 0.00
Prabath Jayasuriya c Daryl Mitchell b Tim Southee 4 17 1 0 23.53
Angelo Mathews c Tom Blundell b Matt Henry 1 10 0 0 10.00
Dinesh Chandimal st Tom Blundell b Michael Bracewell 37 92 4 0 40.22
Dhananjaya de Silva c Tim Southee b Michael Bracewell 0 6 0 0 0.00
Nishan Madushka c Michael Bracewell b Matt Henry 19 31 3 0 61.29
Kasun Rajitha run out (Tom Latham) 0 9 0 0 0.00
Lahiru Kumara not out 1 4 0 0 25.00
Asitha Fernando  c Kane Williamson b Blair Tickner 0 3 0 0 0.00


Extras 7 (b 4 , lb 1 , nb 1, w 1, pen 0)
Total 164/10 (66.5 Overs, RR: 2.45)
Bowling O M R W Econ
Tim Southee 15 6 22 1 1.47
Matt Henry 20 6 44 3 2.20
Doug Bracewell 12 7 19 1 1.58
Michael Bracewell 12 1 50 3 4.17
Blair Tickner 6.5 1 21 1 3.23
Daryl Mitchell 1 0 3 0 3.00


Batsmen R B 4s 6s SR
Oshada Fernando c WA Young b Doug Bracewell 5 36 0 0 13.89
Dimuth Karunaratne c Devon Conway b Tim Southee 51 83 4 0 61.45
Kusal Mendis c Kane Williamson b Matt Henry 50 106 8 0 47.17
Angelo Mathews c Michael Bracewell b Blair Tickner 2 44 0 0 4.55
Dinesh Chandimal c Doug Bracewell b Blair Tickner 62 92 8 0 67.39
Dhananjaya de Silva c Henry Nicholls b Michael Bracewell 98 185 12 1 52.97
Nishan Madushka c Tim Southee b Blair Tickner 39 93 4 1 41.94
Kasun Rajitha c Kane Williamson b Tim Southee 20 110 1 0 18.18
Prabath Jayasuriya c Blair Tickner b Michael Bracewell 2 45 0 0 4.44
Lahiru Kumara c Michael Bracewell b Tim Southee 7 45 1 0 15.56
Asitha Fernando  not out 0 15 0 0 0.00


Extras 22 (b 0 , lb 6 , nb 2, w 14, pen 0)
Total 358/10 (142 Overs, RR: 2.52)
Bowling O M R W Econ
Tim Southee 27 13 51 3 1.89
Matt Henry 29 8 59 1 2.03
Michael Bracewell 42 14 100 2 2.38
Doug Bracewell 18 3 58 1 3.22
Blair Tickner 26 6 84 3 3.23



අද සන්ධ්‍යා කාලයේ දී අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය හෙටට කල් තබන විට Kane Williamson ලකුණු 26කුත්, Henry Nicholls ලකුණු 18කුත් ලබා සිටිනවා. තරගයේ දෙවැනි දිනයේ උණුසුම් තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<