සිනෙත් සහ කෞෂික ශතක සබඳතාවක් එක් කරයි

SLSCA U 19 Inter Schools 2 Day Tournament 2026/27

2

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැති තරගයේ දී මහානාම විද්‍යාලයේ සිනෙත් වීරරත්න සහ කෞෂික තිලකරත්න ශතක සබඳතාවක් එක් කරනවා.  

කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී (15) අවසන් වූ මෙම තරගයේ දී ඉනිම ආරම්භ කළ සිනෙත් වීරරත්න පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 82ක් ද සහ කෞෂික තිලකරත්න පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 83ක් ද ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 147ක දී ලකුණු 142ක සබඳතාවක් ද ගොඩ නගනවා. 

එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් ඩිනාල් සමරක්කොඩි පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා. 

පන්දු යැවීමේ දී මහානාම විද්‍යාලය වෙනුවෙන් වමතින් පා දඟ පන්දු යවන සනුක ගනේපොල ලකුණු 43කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.  

පැවැති තරගයේ කෙටි ලකුණු පුවරු 

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී. (Tier A) 

කාසියේ වාසිය – මහානාම විද්‍යාලය 

  • ලුමිබිණි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 130 (67.3) බිනුක කුරේ 26, ඩිනාල් සමරක්කොඩි 53, සනුක ගනේපොල 5/43, තවිරු පෙරේරා 3/27
  • මහානාම කුමාර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 176 (32.0) සිනෙත් වීරරත්න 82, කෞශික තිලකරත්න නොදැවී 83, ලකිල ලක්ෂිත 2/59

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය කොළඹ මහානාම විද්‍යාලයට.)   

අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<