අබුඩාබි වලින් ඇරඹුණු T10 තවත් රටකට

කටාර් T10 ක්‍රිකට් තරගාවලිය 2019

235

මේ වන විට ලෝකයේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට අමතරව එක් එක් රටවල්වලින් පවත්වනු ලබන විවිධ ආකාරයේ ක්‍රිකට් ලීගයන් බොහෝමයක් මේ වන විට පැවැත්වෙනවා. ඒ අතරට එක් වීමට තිබෙන අලුත්ම ලීගය වන්නේ කටාර් T10 ක්‍රිකට් තරගාවලියයි.

ඉසිපතනය හමුවේ ද මැසනොඩ් අණසක පතුරුවයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස…

කටාර් ක්‍රිකට් සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන පළමු ලීග් ක්‍රිකට් තරගාවලිය වන මෙය 2019 දෙසැම්බර් 7 වැනිදා සිට 16 වැනිදා දක්වා කටාර් හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. 

කණ්ඩායම් 6ක් තරග වදින මේ තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ද අනුමැතිය හිමිව ඇත. ඒ කණ්ඩායම් 6 සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් 24 දෙනෙක් සහ ටෙස්ට් වරම් නොමැති ක්‍රිකට් රටවල් වල ක්‍රීඩකයින් 12 දෙනෙකු සහ කටාර් දේශයේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගී කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව කටාර් ක්‍රිකට් පරිපාලනය පවසනවා. 

“මේ තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලැබීම ගැන අපි ගොඩක් සතුටු වෙනවා. මොකද මේ කලාපය තුල ක්‍රිකට් ක්‍රීඩාව එතරම් මට්ටමකට ප්‍රචලිත නැහැ තාම. අපිටත් ඕනේ මේ කලාපය තුල හොඳ ක්‍රිකට් රසිකයින් පිරිසක් ඇති කරලා ක්‍රිකට් ප්‍රචලිත කරන්න.” යැයි කටාර් ක්‍රිකට් සංගමයේ සභාපති ජේ. අල්. කුවාරි මහතා පවසා තිබෙනවා..

ලෝක කුසලානයක් අත ළඟ; 19න් පහළ කණ්ඩායම ලොකු ගැටලුවක

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලිය සඳහා සහභාගී …

දෙසැම්බර් 6 සිට 18 දක්වා කටාර් හි ආසියානු නගර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ (Asian Town International Cricket Stadium) දී පැවැත්වෙන මේ කටාර් T10 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී එක් කණ්ඩායමක් තරග 10කට ක්‍රීඩා කරනවා. 

කටාර් දේශයේ සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සහ ලොව පුරා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට නවමු ආකාරයක අත්දැකීමක් සමීප කිරීමට ඔවුන් කැපවී කටයුතු කරන බවත්, තරුණ ප්‍රජාව මෙය ඉතාමත් ඉක්මනින් වැලඳ ගනු ඇති බවත් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<