කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ධනංජයගේ ශතකය අපතේ යයි

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ‘ පළමු ඉනිම (අත්හිටුවන ලදී) – 364/8 (120) – සුනිල් අම්බ්‍රිස් – 106, විශාල් සිං – 81, ජෝන් කැම්බල් – 56, රකීම් කෝන්වෝල් – 36, මාලින්ද පුෂ්පකුමාර – 3/104, චාමික කරුණාරත්න – 2/61, අසිත ප්‍රනාන්දු – 1/37, ෂෙහාන් ජයසූරිය – 1/43
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම (සියල්ලන් දැවී) – 212 (56.4) – ධනංජය ද සිල්වා – 104, වනිඳු හසරංග – 24, දසුන් ශානක – 20, ෂෙහාන් ජයසුරිය – 12*, කියොන් ජෝසප් – 3/33, රකීම් කෝන්වොල් – 3/69, ඩේමියන් ජෙකබ්ස් – 2/33, ශෙල්ඩන් කොට්‍රෙල් – 2/41,
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිම (සියල්ලන් දැවී) – 139 (44.2) – සඳුන් වීරක්කොඩි – 56, රොන් චන්ද්‍රගුප්ත – 27, ධනංජය ද සිල්වා – 18, ෂෙහාන් ජයසුරිය – 18, ඩේමියන් ජේකබ්ස් – 6/27, රකීම් කෝන්වොල් – 3/53
සම්පූර්ණ වාර්තාව: කොදෙව් දඟයන් ශ්‍රී ලංකාව පරාජයට ඇද දමයි
රග්බි –
තරග තුනෙන් දෙකක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජය ගනී

අවසන් ලකුණු තත්වය:
- ශ්‍රී ලංකාව 33 – 00 චීන තායිපේ
- ශ්‍රී ලංකාව 28 – 07 චීනය
- ශ්‍රී ලංකාව 21 – 28 දකුණු කොරියාව
සම්පූර්ණ වාර්තාව: පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක ජයක්
ශ්‍රී ලංකා කාන්තාවෝ දකුණු කොරියාව පරාජය කරති

අවසන් ලකුණු තත්වය:
- ශ්‍රී ලංකාව 29 – 00 දකුණු කොරියාව
- ශ්‍රී ලංකාව 05 – 10 හොං කොං
- ශ්‍රී ලංකාව 07 – 17 ජපානය
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා කාන්තාවන් පළමු දිනය ජයග්‍රහණයක් සමඟින් අවසන් කරයි
මාරිස් ස්ටෙල්ලා, වලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පෙරමුණේ

සමස්ත බාලිකා ශූරතා ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට වලල ඒ. රත්නායක විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ සමත් වූහ. සිව්වන දිනය වූ ඊයේත් (14) තරගාවලියට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, පිටියේ තෙතබරිත ස්වභාවය මෙන්ම අබලං තත්වය ද නොතකමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉතා උද්වේගයෙන් තරග කරනු දක්නට ලැබුණි. ඉතා උණුසුම් අංගයක් වූ සහය දිවීමේ මූලික වටයේ තරග ඊයේ පැවැත්වුණු අතර එම තරගවලට ඉතා ඉහළ ප්‍රේක්ෂක සහභාගිත්වයක් දක්නට ලැබුණි.
සම්පූර්ණ වාර්තාව: මහ වැසි මැද මාරිස් ස්ටෙල්ලා විදුහල සමස්ත බාලක අංශයෙන් පෙරමුණට
ගුවන් හමුදාව සහ විදුලිබලය පෙරමුණේ

පිරිමි කාණ්ඩය තුළ එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකක් තුළ කණ්ඩායම් 8ක් තරග කරනු ලබයි. දැනට අවසන් වී ඇති තරගවලින් ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම අපරාජීතව තරගාවලිය තුල ක්‍රීඩා කරනු ලබයි.
සම්පූර්ණ වාර්තාව: යුද, ගුවන්, විදුලි හා වරාය ක්‍රීඩකයෝ අපරාජීතව පෙරමුණේ
සුපර් ලීග් කාන්තාවෝ සුපිරි දස්කම් දක්වති

මෙම තරගාවලියේ කාන්තා සුපර් ලීග් තරග වටය සඳහා කණ්ඩායම් 6ක් සහභාගී වන අතර ඔවුන් A සහ B ලෙස කාණ්ඩ දෙකකට සම සේ බෙදා ඇත. කාන්තා අංශයේ ප්‍රසාද ලකුණු සටහනේ A කාණ්ඩයෙන් වරාය ක්‍රීඩිකාවන් ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් ද, B කාණ්ඩයෙන් යුද හමුදා ක්‍රීඩිකාවන් ප්‍රසාද ලකුණු 3ක් ද ලබා ගෙන පෙරමුණේ පසුවෙයි.
සම්පූර්ණ වාර්තාව: වරාය ක්‍රීඩිකාවන් සහ යුද සෙබළියන් ඉදිරියෙන්





















