වරාය ක්‍රීඩිකාවන් සහ යුද සෙබළියන් ඉදිරියෙන්

236

මන්චි ආයතනයේ අනුග්‍රාහකත්වය ඇති සංවිධානය කරනු ලබන “මන්චි වොලිබෝල් තරගාවලියේ” 10 වැනි අදියරේ කාන්තා සුපර් ලීග් වටයේ තරග කිහිපයක් ඔක්තෝබර් 12, 13 සහ 14 යන දිනවල දී මහරගම තරුණසේවා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී සහ මීගමුව ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

මෙම තරගාවලියේ කාන්තා සුපර් ලීග් තරග වටය සඳහා කණ්ඩායම් 6ක් සහභාගී වන අතර ඔවුන් A සහ B ලෙස කාණ්ඩ දෙකකට සම සේ බෙදා ඇත.

2017 මන්චි ජාතික වොලිබෝල් තරගාවලිය ගලිගමුවෙන් ඇරඹේ

සිලෝන් බිස්කට්ස් සමාගමේ (CBL) ප්‍රමුඛතම සන්නාමය වන මන්චි අඛණ්ඩව 10 වන වසරටත් ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියට අනුග්‍රාහක දායකත්වය ලබා දීම සඳහා ඉදිරිපත්ව සිටී…

ඔක්තෝබර් 12 – ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රීඩා පිටිය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා නාවික හමුදාව

A කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය වට 3/0ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම සමත් විය. එහි පළමු වටය ලකුණු 25–17ක් ලෙස අවසන් වෙද්දී අවසන් වට දෙක පිළිවෙළින් ලකුණු 25–13ක් ලෙස හා 25–20ක් ලෙස අවසන් විය.

 

 

ශ්‍රී ලංකා යුද හමුදාව හා ජාතික තරුණ සේවා සභාව

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට තරග වට 3/0ක් ලෙස පහසුවෙන්ම ජය හිමි වූ මෙම තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය. එහි අවසන් ලකුණු පුවරුව 25–11ක්, 25–14ක් හා 25–06ක් ලෙස දැක්විය.

ඔක්තෝබර් 14 – මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය

අද (14) දිනය තුළ කාන්තා අංශයේ පැවැත්වූ තියුණුම හා තරගකාරීම තරගය වූ මෙම තරගය, A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය.

එහි පළමු වටය ලකුණු 17–25ක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ජයග්‍රහණය කර අතර පසුව පැවැත්වූ තරග වටය ද ලකුණු 25-27ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගත් වරාය අධිකාරි කණ්ඩායමට අවසන් වට තුන තුළ ප්‍රබල අභියෝගයක් ලබා දෙන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් වූයේ, තරග වට 3/2ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි. එහි අවසන් වට 3 තුළ ලකුණු පුවරුව පිළිවෙළින් ලකුණු 25–13ක්, 25–06ක් හා 16–14ක් ලෙස සටහන් විය.

MAS කැෂුවල්ලයින් හා ජාතික තරුණසේවා සභාව

3/1ක් ලෙස අවසන් වූ මෙම තරගය ද ඉතාමත් තියුණු තරගයක් විය. මෙහි දී 25–12ක් ලෙස පළමු වටය අවසන් වූයේ MAS කැෂුවල්ලයින් කණ්ඩායමට ජයග්‍රහණය වාර්තා කර ගනිමිනි. දෙවන වටය ලකුණු 21–25ක් ලෙස අවසන් කළ තරුණසේවා කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ වූවත්, අවසන් වට දෙක පිළිවෙළින් ලකුණු 25–10ක් හා 25–08ක් ලෙස සටහන් වූයේ, MAS කැෂුවල්ලයින් පිලට ජය හිමි කර දෙමිනි. මෙය B කාණ්ඩයේ තරගයකි.

යුද, ගුවන්, විදුලි හා වරාය ක්‍රීඩකයෝ අපරාජීතව පෙරමුණේ

වොලිබෝල් ක්‍රීඩාව තවදුරටත් රට තුල ප්‍රචලිත කිරීමේ අරමුණින් මන්චී ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “මන්චි වොලිබෝල් තරගාවලියේ” සුපර් ලීග් වටයේ පිරිමි ..

A කාණ්ඩයේ ලකුණු පුවරුව

තරග ප්‍රසාද ලකුණු තරග වට ලකුණු
ස්ථානය කණ්ඩායම W L W L අනු W L අනු
1  වරාය අධිකාරිය 1 1 4 5 3 1.667 160 158 1.013
2 ගුවන් හමුදාව 1 0 2 3 2 1.500 108 85 1.271
3 නාවික හමුදාව 0 1 0 0 3 0.000 50 75 0.667

B කාණ්ඩයේ ලකුණු පුවරුව

තරග ප්‍රසාද ලකුණු තරග වට ලකුණු
ස්ථානය කණ්ඩායම W L W L අනුපාතය W L අනුපාතය
1 යුද හමුදාව 1 0 3 3 0 0.000 75 31 2.419
2 MAS කැෂුවල්ලයින් 1 0 3 3 1 3.000 96 55 1.745
3 ජාතික තරුණසේවා සභාව 0 2 0 1 6 0.167 86 171 0.503

මෙම තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (15) මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ පිටියේ දී පැවැත්වේ.

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව
  • MAS කැෂුවල්ලයින් හා ශ්‍රී ලංකා යුද හමුදාව

>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<