ගෙවුනු දවස: නොවැම්බර් 16 – වොලිබෝල් උණුසුම නිමයි

390
Sri Lanka Sports News last day summary November 16th

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

වොලිබෝල් –

තෙවැනි ස්ථානය යුධ හමුදාවට

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා සහ පිරිමි අංශයන්හි තෙවන ස්ථාන සඳහා වන තරඟ ඊයේ (16) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විය. එහිදී අංශ දෙකේම තෙවන ස්ථානයන් තමා සතු කරගන්නට යුධ හමුදා කාන්තා සහ පිරිමි කණ්ඩායම් සමත් විය.

තරඟාවලියේ උණුසුම් තරඟයන් වන අවසන් තරඟ දෙක පැවැත්වෙන්නේ එළඹෙන 25වන දා ය.

  • පිරිමි – යුධ හමුදාවට එරෙහිව ගුවන් හමුදාව.

25-16, 25-17, 25-20 (යුධ හමුදාවට ජය)

  • කාන්තා – යුධ හමුදාවට එරෙහිව නාවික හමුදාව.

25-18, 25-20, 25-19 (යුධ හමුදාට ජය)

සම්පූර්ණ ලිපිය: යුධ හමුදාවෙන් සුපිරි දස්කම්


ක්‍රිකට් –

වැස්ස හරස් වූ තරග දෙකක්

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් 15 වැනිදා ආරම්භ වූ අතර, එම තරඟ දෙක අතුරෙන් රාජකීය විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය පළමු ඉණිමක ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

ඉසිපතන විද්‍යාලය පළමු ඉණිම  –277/10  (72.3): සංජුල බණ්ඩාර 66, අයන සිරිවර්ධන 60, ලහිරු ඩිල්ශාන් 37,  නිරංජන වන්නිආරච්චි 28, හර්ෂ රත්නායක 20, හිමේශ් රාමනායක 5/52

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – 310/09 dec (70.2): පසිදු සූරියබණ්ඩාර 79, රොනුක ජයවර්ධන 49, හේලිත විතානගේ 40, ගනිත් සංදීප 25, රිත්මික නිමේෂ් 2/15, නිරංජන වන්නිආරච්චි 2/35

ද මැසිනොද් විද්‍යාලය පළමු ඉණිම  –131/10 (46.3): මිතිල ගීත් 28*, ඉරෝෂ් ද සිල්වා 25, සංදීප දේශාන් 23, උමේක්ෂ දිල්ශාන් 4/27, ලක්ෂිත රසාංජන 3/21

නාලන්ද විද්‍යාලය දෙවන ඉණිම – 133/4 (26): මාලිංග අමරසිංහ 66, දසුන් සෙනවිරත්න 39, සංගීත් දේශාන් 2/55

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – 229/10 (65): සුහඟ විජේවර්ධන 40, කසුන් සඳරුවන් 40, ලක්ෂිත රසාංජන 29, මිතිල ගීත් 4/26

සම්පූර්ණ ලිපිය: රාජකීය හා නාලන්ද විදුහල් වලට පළමු ඉණිමක ජයක්

දිනයක නිමාව