ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය නැවත ප්‍රතිව්‍යුහගතකරණය කරන ලෙස ඉල්ලමින්, ශ්‍රී ලංකා හිටපු ලෝක පුජිත පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු විධායක කමිටුව ප්‍රධාන වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන මේ පෙත්සම විභාගයට ගැනීම වෙනුවෙන් මාර්තු මස 15 වැනිදා ඔවුන් සියලුම දෙනා හට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද දන්වා තිබෙනවා.
තවත් ක්‍රිකට් පුවත්:
- ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අවසන්, 4ක් අසමත්!
- චම්පක රාමනායකට අලුත් තනතුරක්
- Shakib නවසීලන්ත සංචාරයෙන් ඉවත් වෙයි
- සුපිරි තරු එක්වන ක්‍රිකට් සටනට ශ්‍රී ලංකාවෙන් තවත් තරු තුනක්
- 2021 IPL සඳහා ශ්‍රී ලංකාවෙන් නව දෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, එහි ව්‍යවස්ථාව වෙනස් කිරීම සහ ක්‍රිකට් නිලවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමේ පවතින කරුණු වෙනස් කරන ලෙසට මුරලි ඇතුළු පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සම මඟින් ඉල්ලා ඇති මූලික කරුණු වෙනවා.
මුත්තයියා මුරලිදරන්ට අමතරව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සිදත් වෙත්තමුණි, 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලීම සඳහා මූලික අඩිතාලම සැකසූ මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ එවකට සභාපතිවරයා ලෙස කටයුතු කළ ආනා පුංචිහේවා, කුෂිල් ගුණසේකර, විජය මලලසේකර, මයිකල් තිසේරා, රියන්සි විජේතිලක, ඩිනාල් ෆිලිප්ස්, සලීම් මර්සූෆ් (විනිසුරු), සක්න්තකුමාර් සහ වෛද්‍ය පාලිත කොහොන ඇතුළු මහත්වරුන් මෙම පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා මුල්ව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය දා නම් කරන ලද ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස මුත්තයියා මුරලිදරන් ද කටයුතු කරනු ලබනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<