මතුගම ආනන්ද ශාස්ත්රාලය ජාතික පාසලේ ක්රිකට් ක්රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්ය මූල්ය ශක්තිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් එම විදුහල් කලමනාකාරීත්වය සහ ආදි සිසුන්ගේ එකමුතුවෙන් සංවිධානය කරනු ලබන අභිනව ශාස්ත්රාලියන් ප්රිමියර් ලීග් 2026 (Sastralian Premier League – SPL) පන්දුවාර 10 ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය ඔක්තෝබර් 18 වැනිදා පස්වරු 4.00 සිට යටදොළ හිමකර හෝටලයේදී පැවැත්වේ.
ආදි ශාස්ත්රාලයීය ක්රිකට් සංගමය (Old Sastralins Cricket Association) විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් අටක් ඉදිරිපත් වන අතර, එම කණ්ඩායම් සියල්ලම මේ වන විට ව්යාපාරික ප්රජාව විසින් මිලදී ගෙන අවසන් වීම විශේෂත්වයකි. තරගාවලියට සහභාගි වීම සඳහා ක්රීඩකයන් 143 දෙනකු ලියාපදිංචි වී සිටින අතර, ඔවුන් අතරින් කණ්ඩායම් සඳහා ක්රීඩකයන් තෝරාගැනීමේ අවස්ථාව මහා වෙන්දේසියේදී උදා වේ.
>>Hong Kong යන ශ්රී ලංකා Sixes කණ්ඩායමත් සූදානම්
එක් කණ්ඩායමකට ක්රීඩකයන් 16 දෙනකු දක්වා තෝරාගත හැකි අතර, කණ්ඩායම් නායකයන් වෙන්දේසියට ඇතුළත් නොවේ. මතුගම ප්රදේශයේ පාසල්වල ක්රිකට් ක්රීඩාවේ නිරත වන හෝ මීට පෙර නිරත වූ ක්රීඩකයන්ට ආරාධිත ක්රීඩකයින්ගේ කාණ්ඩය (Guest Players) යටතේද වෙන්දේසිය හරහා කණ්ඩායම් නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව, අනෙකුත් පාසල් නියෝජනය කරන ක්රීඩකයන් හය දෙනෙක් දක්වා කණ්ඩායමකට තෝරාගත හැකි අතර, ඉන් සිව්දෙනකු අනිවාර්යයෙන්ම තරග සඳහා ක්රීඩා කළ යුතුය.
මීට අමතරව, මතුගම ආනන්ද ශාස්ත්රාලය ජාතික පාසලේ ර්වතමානයේ ක්රිකට් ක්රීඩාවේ නිරත වන ක්රීඩකයන් දෙදෙනකු කණ්ඩායම් සංචිතයට ඇතුළත් කරගැනීම අනිවාර්ය වේ. කෙසේ වෙතත්, එක් තරගයකදී ඔවුන් දෙදෙනාගෙන් එක් ක්රීඩකයකු පමණක් ක්රීඩා කිරීම ප්රමාණවත් වේ. මේ තුළින් පාසලේ වත්මන් ක්රීඩකයන්ට පළපුරුදු ක්රීඩකයන් සමඟ ක්රීඩා කරමින් අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසීම ද අපේක්ෂා කෙරේ.
ඉතිරි ක්රීඩකයන් තෝරාගැනීමේදී අවුරුදු 20ට වැඩි ක්රීඩකයින් 5 දෙනෙක් සහ අවුරුදු 40ට වැඩි ක්රීඩකයන් තිදෙනෙකු ඇතුළත් කරගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ට අවස්ථාව හිමි වේ. පාසලේ සියලුම ක්රීඩකයින් පාසල් ක්රීඩකයින් (School Players) යන කාණ්ඩය යටතේ වේන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇත.
තරගාවලිය පන්දුවාර 10 (T10) තරග රටාව යටතේ පැවැත්වෙන අතර, සමස්ත තරග සංඛ්යාව 16කි. නොවැම්බර් 7, 8 සහ 15 යන දිනවල තරග පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, වර්ෂාව හේතුවෙන් තරග පැවැත්වීමට බාධා ඇති වුවහොත් නොවැම්බර් 16 වැනිදා අතිරේක දිනයක් ලෙස වෙන් කර තිබේ.
>>ශ්රී ලංකා යෞවනියෝ 5 වැනි ජයත් ලබයි
තරගාවලියේ තවත් විශේෂත්වයක් වන්නේ ‘ඉම්පැක්ට් ක්රීඩකයකු’ (Impact Player) යොදාගැනීමට කණ්ඩායම්වලට අවස්ථාව ලබාදී තිබීමයි.
මෙවර තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයට ජේ.එස්.ඩී. චැලෙන්ජස් (JSD Challenges), ජගත් එක්ස්ප්රස් (Jagath Express), ලිවේකා පවර් ලයන්ස් (Liveka Power Lions) සහ රෙක්ස්හිල් වොරියස් (Rexhill Warriors) ඇතුළත් වන අතර, ‘බී’ කාණ්ඩයට ජේ.පී.අයි. රෝයල්ස් (JPI Royals), ෆයිව් ස්ටාර් හීරෝස් (Five Star Heroes), මැරීන් ටයිටන්ස් (Marine Titans) සහ ෆින්ක් ෆැල්කන්ස් (Finnk Falcons) ඇතුළත් වෙයි.






















