ක්ලාක්ගේ සැර ප්‍රකාශයට පේන්ගෙන් පිළිතුරු

94

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායක මයිකල් ක්ලාක් පසුගිය දා පැවති මාධ්‍ය වැඩසටහනක දී යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණි. 

එහි දී ඔහු පවසා තිබුණේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ යම් යම් බලපෑම් නිසා ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හමුවේ තම ක්‍රීඩා රටාව වෙනස් කර ගත් බවයි. මෙය තරමක බරපතළ ප්‍රකාශයක් වන අතර මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා ටෙස්ට් නායක ටිම් පේන් අදහස් දක්වමින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබුණි. 

මයිකල් ක්ලාක්ගෙන් ප්‍රබල චෝදනාවක්

ඩොලර් මිලියනයක ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ ගනුදෙනු ලබා ගැනීමේ අපේක්ෂාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ‘මෘදු’ බවට……………..

ලබන වසරේ ගිම්හානයේ දී ඉන්දියාවේ ටෙස්ට් තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතව තිබිය දී ක්ලාක් පවසා සිටියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගිවිසුම් ලබා ගැනීමේ අපේක්ෂාව නිසාවෙන් ටිම් පේන්ගේ කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන් තම සාමාන්‍ය ක්‍රීඩා රටාවට අවතීර්ණ නොවූ බවයි. 

මේ නිසාවෙන් ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර් රහිතව ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම 2-1ක් ලෙස තරගාවලිය පරාජය වූ බවත් ඔහු පවසා සිටියා. ස්මිත් හා වෝනර්ගේ තහනම ඉවත් වීමත් සමඟින් ඔවුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නැවත පැමිණීම, පසුගිය මාස 12 තුළ කැපී පෙනෙන වෙනසක් ඇති කර ඇති අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා පැමිණ ඇත. 

ඇමසන් විසින් නිෂ්පාදනය කළ වාර්තා වැඩසහටන වන ‘The Test’ හි ටිම් පේන් තම කණ්ඩායමට උපදෙස් දෙමින් කෝලිට සාර්ථක වීම කිරීම සඳහා ඕනෑවට වඩා ආක්‍රමණශීලී බවක් ලබා නොදෙන ලෙස ඉල්ලා සිටින ආකාරය දක්නට ලැබ්ණි. එහි දී ඔහුගේ අරමුණ වූයේ ඉන්දීය ඉනිම අඩාල කිරීම පමණක් බවත් එහි ක්ලාක් සඳහන් කළ අරමුණක් නොතිබූ බවත් පේන් පවසා සිටියා. 

“බොහෝ අය විරාත්ට බය බව හෝ ඔහුව පිටතට ගැනීමට උත්සාහ නොකිරීම හෝ එවැනි දෙයක් මා දැක නෑ.” යනුවෙන් පේන් ESPNcricinfo වෙත පැවසීය.  

“මම හිතුවේ පන්දුව අතේ තියාගෙන ඉන්න හැම කෙනෙක්ම හෝ පන්දුවට පහර දෙන විට අපි හැමෝම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරගය ජය ගැනීමට උපරිම උත්සාහයක් දරනවා කියලයි. මට විශ්වාස නෑ කවුද කෝලිට අවස්ථා ලබා දෙන්නේ කියලා. අපිට හැමවෙලේම අවශ්‍ය වුනේ ඔහුව සන්සුන්ව තියාගන්න. ඔහු සන්සුන් නොවූ විට ඔහු සාර්ථක වෙන ආකාරය අපි දැකලා තියනවා.” 

“ඊළඟ තරග මාලාවේ කුමක් සිදුවේදැයි කවුද දන්නේ? අපි වාර්තා චිත්‍රපටයේ දැකපු ආකාරයට සමහර තරගවල විශාල උණුසුමක් තිබ්බා. මම නිසැකවම පසුබට වෙන්නේ නෑ. මේ මොහොතේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මට විශාල දිනුම් ඇදීමක් නොවේ. ඒ නිසා මට අහිමි වීමට කිසිවක් නැත. නමුත් ඕනෑම වේලාවක අපේ කණ්ඩායම පිටතට ගොස් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන විට, ඔවුන් සිය උපරිමය  ලබාදෙන බව මට විශ්වාසයි. මට හොඳටම විශ්වාසයි විරාත්ට පන්දු ‍යවන විට ඔවුන් කිසිවෙක් ඉන්දීය ප්‍රිමියර් ලීග් කොන්ත්‍රාත්තුව ගැන හිතන්නේ නෑ.” 

වසර 3ක කෝලිගේ ආධිපත්‍ය බිඳ වැටේ

පසුගිය වසරේ එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය සැබැවින්ම තරගකාරී එකක් වූ අතර……………..

මීට පෙර 2018 නොවැම්බර් මාසයේ දී ක්ලාක් නිව්ලන්ඩ්ස් වංචාව පිළිබඳව සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සංස්කෘතික සමාලෝචනය පිළිබඳව ද විවේචන එල්ල කර තිබුණි. 

කෙසේ වෙතත්, නිව්ලන්ඩ්ස් සිදුවීමෙන් පසු පළමු වසර තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නැවත සුපුරුදු දැඩි ක්‍රීඩා රටාවට පැමිණීමට යම් අරගලයක නිරත වූ බව ටිම් පේන් පවසා ඇත. ඕස්ට්‍රේලියා කණ්ඩායම ක්‍රීඩා කළ මෑත තරගවල දී එංගලන්තය, පාකිස්තානය සහ නවසීලන්තයට එරෙහිව තම කණ්ඩායම සමතුලිත බව ලබාගෙන ඇති බව පේන් අවධාරණය කළේය.

“ඔබ පිටියේ දී පවසන දේ 99%ක්ම අදාල වෙන්නේ නෑ. සමහර විට ඔබට යමෙකුගේ හිස ඇතුළට ටිකක් හෝ ගිහින් සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඔබ හොඳින් පන්දුවට පහර නොදී හොඳින් පන්දු යැවීම නොකළේ නම් ලෝකයේ සියලු කතා වලින් කිසිවක් අදහස් වෙන්නේ නෑ.” 

“අපගේ පළමු අවධානය යොමු වී ඇත්තේ අපගේ දක්ෂතාවය ක්‍රියාත්මක කිරීමට. අපිට හැකි තරම් හොඳ වීමට තමයි අපි උත්සාහ කරන්නේ. සමහර විට ක්‍රිකට් පිටියක යම් යම් දේ සිදුවෙනවා. එවිට ඔබ වෙනස් වෙන්න ඕනේ. ඔබේ දක්ෂතාවය වෙනස් කළ යුතුයි.” 

“පසුගිය මාස 12 හෝ 18 අප දැක්ක පරිදි අපි තවමත් එය කරනවා. අපි තවමත් එකිනෙකා වෙනුවෙන් පෙනී සිටිනවා. අපි තවමත් ඕනෑම ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් මෙන් දැඩි ලෙස සටන් කරනවා. නමුත් අපි ක්‍රිකට් ක්‍රීඩා කළ ආකාරය ගැන ඇත්තෙන්ම ආඩම්බර වෙනවා.”

ඔවුන් ක්‍රීඩා කරන ආකාරය කුමක් වුවත්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කළ හැකි අවිනිශ්චිතතාවය ඔහුගේ මනසෙහි පවතින බව පේන් පිළිගත්තේය. 

2017 දී නැවත ටෙස්ට් කණ්ඩායමට පැමිණ නිව්ලන්ඩ්ස් සිදුවීම හේතුවෙන් මාස කිහිපයක් ඇතුළත නායකත්වයට පත්වූ ඔහු, ටෙස්ට් ශූරතාවලිය නැවත ආරම්භ කළ හැක්කේ කවදා දැයි දැන ගැනීමේ කලකිරීමක් ඇති බව පැවසීය. එම තරගාවලියේ අවසන් තරගය 2021 මැද භාගයේ දී ලෝඩ්ස් හිදී පැවැත්වීමට නියමිතව තිබුණි. 

“එය ඉතා අසීරු කාලයක්. ටෙස්ට් ශූරතාවලිය වැනි දෑ අපගේ කණ්ඩායමට විශාල ඉලක්කයක්. නිසැකවම ඒක මගේ තනි ඉලක්කවලින් විශාල කොටසක්. කෙසේ වෙතත් තවමත් ක්‍රිකට් නැවත පටන්ගන්න කාලයක් හිතාගන්න බෑ. මේ තත්ත්වය මොහොතේ අභියෝගාත්මකයි. නමුත් මේ මොහොතේ සිදුවීමට යන්නේ කුමක්දැයි දන්නේ කවුද? අපිට නැවත සාමාන්‍ය ජීවිතයට යන්න ලැබෙන්නේ කවදාද කියලා කවුරුත් දන්නේ නෑ.”

“එයින් කොටසක් ඕස්ට්‍රේලියානු ජීවිතයේ වැදගත් අංගයක් වන ක්‍රිකට් පිට්ටනි සහ පාපන්දු පිට්ටනිවලට නැවත පැමිණීම. මේ හැඟීම වචන කිරීමට අපහසුයි. මොකද ඔබ බලාපොරොත්තු සුන් වෙලා ඇති නිසා. ඔබ අත්කර ගැනීමට බලාපොරොත්තු වූ දේ දැන් සිදු වන්නේ නැති වේවි. නමුත් එය ලෝකයේ බොහෝ මිනිසුන් මුහුණ දෙන දේ හා සසඳන විට එය ඉතා කුඩා ප්‍රශ්නයක්.” 

ට්‍රම්ප් අතින් විවෘත වුන පාළුවට ගිය ලොව විශාලතම ක්‍රීඩාංගණය

මුළුමහත් ලෝකයම එකවර නතර කරන්නට නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය සමත්ව ඇත. මෙම වසංගතය………………….

හිස් ක්‍රීඩාංගණවල කලක් ක්‍රිකට් ක්‍රීඩා කිරීම පිළිබඳව අදහස් දක්වමින් පේන් පැවසුවේ එය ද්විතීයික කාරණයක් බවයි.  

“රසිකයන්ට තවමත් රූපවාහිනිය නරඹන්න පුළුවන්.  ඒත් සිදුවන්නේ කුමක් දැයි දන්නේ කවුද? අපට සෙනග සිටිය හැකියි. නැති වෙන්නත් පුළුවන්. එය අපට පාලනය කළ හැකි දෙයක් නොවේ.” ඔහු පැවසීය.  

“අප ක්‍රියා කරන ආකාරය සහ අප රට සහ අපේ රසිකයන් නියෝජනය කරන්නේ කෙසේ ද යන්න අපට පාලනය කළ හැකිය. පසුගිය මාස 12 තුළ විශේෂයෙන් මම සිතන්නේ අපගේ මුළු කණ්ඩායමම, අපගේ ක්‍රීඩකයන්ගේ සිට අපගේ කාර්ය මණ්ඩලය දක්වා ඇදහිය නොහැකි තරම් හොඳ කාර්යයක් කර ඇති නිසා අපට අවශ්‍ය සෙනග සිටියත් නැතත් එය දිගටම කරගෙන යාමට.

අපිට පාලනය කරන්න පුළුවන් අපි ක්‍රීඩා කරන හැසිරෙන ආකාරය. අපි කොහොමද අපේ රට හා ප්‍රේක්ෂකයන් නියෝජනය කරන්නේ කියන එක මේ වෙලාවේ වැදගත්. මම හිතන්නේ පසුගිය මාස 12ක කාලය තුල අපි කණ්ඩායමක් විදිහට, ක්‍රීඩකයන් හා නිලධාරීන් අතිශය ප්‍රබල වගකීමක් ඉටු කළ. අපිට අවශ්‍ය ඒ දේ දිගටම කරගෙන යන්න. ප්‍රේක්ෂකයන් සිටියත් නැතත්. ” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<