රාජකීය හා නාලන්ද විදුහල් වලට පළමු ඉණිමක ජයක්

258
Singer U19 Schools

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ (15) ආරම්භ වූ අතර, එම තරඟ දෙක අතුරෙන් රාජකීය විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය පළමු ඉණිමක ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: රාජකීය ඉණිමක් දියත් කරමින් පසිඳුගෙන් අර්ධ ශතකයක්

කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරඟය

රාජකීය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඊයේ (15) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණයක කල ප්‍රතිවාදී ඉසිපතන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

දිනය ආරම්භ කරන විට ඉසිපතන විද්‍යාලයේ පළමු ඉණිම රාජකීය පළමු ඉණිමට වඩා ලකුණු 262ක් පසුපසින් පසුවූ අතර කඩුලු 2ක් දැවී ලකුණු 48ක් ලබාගෙන තිබියදී අද දිනය ආරම්භ කරන ලදි.

ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් සංජුල බණ්ඩාර ලකුණු 66ක් ලබාගත් අතර, අයන සිරිවර්ධන සංජුල සමඟින් එක්ව ඉසිපතන ඉණිම ගොඩනැංවීමට ලකුණු 60ක් ලබා ගන්නා ලදි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ හිමේශ් රාමනායක ලකුණු 52කට කඩුලු 5ක් දවාලීමට සමත් විය.

අනතුරුව තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරඟය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කල අතර ඒ අනුව රාජකීය විද්‍යාලයට පළමු ඉණිමක ජයග්‍රහණයක් හිමිවිය.

ඉසිපතන විද්‍යාලය පළමු ඉණිම  –277/10  (72.3): සංජුල බණ්ඩාර 66, අයන සිරිවර්ධන 60, ලහිරු ඩිල්ශාන් 37,  නිරංජන වන්නිආරච්චි 28, හර්ෂ රත්නායක 20, හිමේශ් රාමනායක 5/52

තරගයේ සාරාංශය,

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – 310/09 dec (70.2): පසිදු සූරියබණ්ඩාර 79, රොනුක ජයවර්ධන 49, හේලිත විතානගේ 40, ගනිත් සංදීප 25, රිත්මික නිමේෂ් 2/15, නිරංජන වන්නිආරච්චි 2/35


කොළඹ නාලන්ද විද්‍යාලය හා කඳාන ද මැසිනොද් විද්‍යාලය අතර තරඟය

නාලන්දා ක්‍රීඩා පිටියේදී ඊයේ (15) උදෑසන ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ද මැසිනොද් විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

කඩුලු 2ක් දැවී ලකුණු 42ක් ලබාගෙන නාලන්දා පළමු ඉණිමට වඩා ලකුණු 187ක් පසුපසින් සිටිමින් අද (16) දිනය සඳහා ද මැසිනොද් විද්‍යාලය තම ඉණිම ආරම්භ කරන ලදි.

පන්දුවාර 59ක් පමණක් අද දිනය සඳහා ක්‍රීඩා කිරීමට වර්ෂාව ඉඩ ලබාදුන් අතර ද මැසිනොද් විද්‍යාලය තම පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 131ක් ලබා ගන්නා ලදි. එහිදී පන්දුවෙනු මෙන්ම පිත්තෙන් දස්කම් දැක්වූ මිතිල ගීත් නොදැවී ලකුණු 28*ක් ලබා ගන්නා ලදි.

ද මැසොනොඩ් විද්‍යාලය පළමු ඉණිම  –131/10 (46.3): මිතිල ගීත් 28*, ඉරෝෂ් ද සිල්වා 25, සංදීප දේශාන් 23, උමේක්ෂ දිල්ශාන් 4/27, ලක්ෂිත රසාංජන 3/21

ලකුණු 98ක වාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල නාලන්ද විද්‍යාලය තරගයේ දෙවන හා අවසන් දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 133ක් ලබා ගැනීමට සමත් විය. එහිදී දක්ෂ ලෙස පිත්ත හැසිරවූ මාලිංග අමරසිංහ ලකුණු 66ක් ලබා ගන්නට සමත් විය.

නාලන්දා විද්‍යාලය දෙවන ඉණිම – 133/4 (26): මාලිංග අමරසිංහ 66, දසුන් සෙනවිරත්න 39, සංගීත් දේශාන් 2/55

තරගයේ සාරාංශය,

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – 229/10 (65): සුහඟ විජේවර්ධන 40, කසුන් සඳරුවන් 40, ලක්ෂිත රසාංජන 29, මිතිල ගීත් 4/26

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට