වාස් ආයෙත් වේගපන්දු පුහුණුකාර තනතුරට

360

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත් වූ චමින්ද වාස් මහතා නැවතත් එම තනතුර සඳහා තෝරාපත් කරගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යෑමට පැය කිහිපියකට පෙර ඔහු පුහුණුකාර තනතුරින් ඉල්ලා අස්වූයේ ඔහුගේ වේතනය පිළිබඳව ඇති වූ ගැටලුකාරී තත්වයක් නිසාවෙනි.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් ඒම ගැටලුකාරී තත්වය මේ වන විට සමථයකට පත් කරගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ චමින්ද වාස් මහතා සමත් ව ඇති නිසාවෙන් නැවත වරක් ඔහුට එම තනතුරේ වැඩ භාරගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාස් මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව වාස් මහතා විසින් ඔහු ඉදිරිපත් කර තිබූ අස්වීමේ ලිපිය නැවතත් ලබා ගෙන තිබෙන අතර පෙර පරිදි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන්නට සිය එකඟතාවය ද පල කර තිබෙනවා.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාස් මහතා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කර තිබෙන වටිනා සේවය අගය කර තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ක්‍රීඩකයෙකු ලෙස දක්වා තිබෙන දායකත්වය සිහිකරමින් ඔහුට සුබ පැතුම් ද එක් කර තිබෙනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<