ගෙවුනු දවස ජනවාරි 26 – අවසන් මහා තරගයේ ජය කාටද?

384

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

ක්‍රිකට් –

මනුජ පෙරේරා 84

Sri Lanka Sports News last day summary 26th Januaryමහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර ආරම්භ වූ සිංගර් කුසලාන පළමු පෙළ දෙදින තරගයේ ඊයේ දිනය නිමාවූයේ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට වැඩි වාසියක් ලබාදෙමිනි.

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 7ක් දැවී ලකුණු 242 (පන්දුවාර 85): මනුජ පෙරේරා  84, අවිදු හේරත්  61, චන්දුල ජයකොඩි 32, කවිදු මුණවීර 24, නිම්සර හෙශාන් 23*, ශෙහාර රණතුංග  4/59, නිපුන් ධනංජය 3/95

සවිස්තර වාර්තාව: ප්‍රේක්ෂකාගාරය උණුසුම් කල මනුජගේ පිතිකරණය


මදුරංග සොයිසා දක්ෂ පිතිකරණයක

SLC Premier League 2016/17 Tier B January 26th Roundupශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් සතියේ තවත් තරගයක් ඊයේ (26) ලංකන් ක්‍රිකට් සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේදී ආරම්භ විය.

ලංකන් ක්‍රිකට් සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 64.5): මදුරංග සොයිසා 47, රාජිත රණවීර 18, චානක රුවන්සිරි 16, අසේල රංගන 4/17, සුවන්ජි මදනායක 3/55

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 7 (පන්දුවාර 1.2): තරිදු ඩිල්ශාන් 5*, අසේල රංගන 2*

සවිස්තර වාර්තාව: මදුරංග සොයිසා අර්ධ ශතයක පෙනි පෙනී දැවී යයි


 

ක්‍රිෂාන්ගේ 81අපතේ යයි

Sri Lanka U19 v South Africa U19 26th January ODIමේ දිනවල දකුණු අප්‍රිකාවේදී ක්‍රියාත්මක වන වයස අවුරුදු 19න් පහළ තුන්කොන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයට එරෙහිව පැවැත්වුනු සියලුම තරග ජයග්‍රහණය කලත් සත්කාරක දකුණු අප්‍රිකානුවන් සමගින් පැවති තරග තුනේදීම අත්කර ගත්තේ පරාජයයි. ඊයේ (26) මූලික වටයේ අවසන් තරගය ලෙස ක්‍රියාත්මක වුනු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගය ද කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු යෞවනයින් සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 223 (පන්දුවාර 47.5): ක්‍රිෂාන් සංජුල 81, මිශේන් සිල්වා 63*, රුවාන් ඩි ස්වාඩ් 3/32, අකෝනා මන්‍යාකා 3/45.

දකුණු අප්‍රිකානු යොවුන් පිළ – කඩුලු 5ක් දැවී ලකුණු 224 (පන්දුවාර 48.4): රේනාඩ් වෑන් ටොන්ඩර් 87*, මිචෙල් වෑන් බුරන් 44, මැතිව් බ්‍රෙට්කේ 43, හරීන් බුද්ධිල 2/32, මනෙල්කාර් ද සිල්වා 2/49.

සවිස්තර වාර්තාව: ප්‍රබලයින් නොමැති ශ්‍රී ලංකා යොවුන් පිළට කඩුලු 5ක පරාජයක්

දිනයක අවසානය