සුපුන්, අදීෂ සහ තවීෂගේ ශතක දිනය හැඩ කරයි

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලිය

263
Major Club Emerging 3 day Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (25) ආරම්භ වුනා.

තරග සියල්ලේම පළමු දිනය වූ අද (25) වැඩිම ලකුණු ලාභියා වූ Tamil Union කණ්ඩායමේ සුපුන් කාවින්ද ලකුණු 173ක් රැස් කිරීමට සමත් වූ අතර Moors ක්‍රීඩක අදීෂ තිලංචන (128) සහ Saracens ක්‍රීඩක තවීෂ කහදූවආරච්චි (107) ශතක රැස් කළා.

Moors ක්‍රීඩක දිනුක ඩිල්ෂාන් ලකුණු 99ක් රැස් කරගෙන සිටිය දී අවසනාවන්ත ලෙස දැවී යාමකට හසු වූ අතර විශාල් පෙරේරා ලකුණු 87ක් සහ ශෙරෝන් ෆොන්සේකා ලකුණු 80ක් වාර්තා කරගැනීමට සමත්ව තිබුණා.

දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නන් වූ කෞමාල් නානායක්කාර කඩුලු 7ක් දවා ගැනීමට සමත් වූ අතර පසිඳු උස්හෙට්ටිගේ කඩුලු හයක් දවා ගැනීමට සමත් වුනා. ඔවුන්ට අමතරව කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ මෝවින් සුබසිංහ සහ කවිඳු නදීෂාන් කඩුලු පහ බැගින් දවා ගත්තා.

මීට අමතරව අද ආරම්භ වීමට නියමිතව තිබූ Galle Cricket Club සහ Ace Capital Cricket Club අතර තරගය අයපහත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට හැකි වුනේ නැහැ.

දිනයේ ලකුණු සටහන්,

Saracens Sports Club සහ Negombo Cricket Club

  • කාසියේ වාසිය – Negombo
  • ක්‍රීඩාංගණය – Bloomfield Ground, Colombo

Saracens Sports Club – 353 (88.4): තවීෂ කහදූවආරච්චී 107, සඳුන් මෙන්ඩිස් 60, සසන්ක නිර්මාල් 45, ඔමාල් පිලපිටිය 35, කවික ඩිල්ෂාන් 35, චමල්ක ප්‍රනාන්දු 21, පසිඳු උස්හෙට්ටිගේ 6/154, රශ්මික මෙවන් 3/61.

Tamil Union C&A සහ Nugegoda Sports & Welfare Club

  • කාසියේ වාසිය – Nugegoda Sports & Welfare Club
  • ක්‍රීඩාංගණය – P Sara Oval, Colombo

Tamil Union C&A – 383/5 (90): සුපුන් කාවින්ද 173, රන්මිත් ජයසේන 57*, දමිත් පෙරේරා 47, කමේෂ් නිර්මාල් 41, රහල් ගුණසේකර 2/132.

Colombo Colts Cricket Club සහ Army Cricket Club

  • කාසියේ වාසිය – Colts Cricket Club
  • ක්‍රීඩාංගණය – Army Ground, Panagoda

Colombo Colts Cricket Club – 331 (76.5): ශෙරෝන් ෆොන්සේකා 80, හර්ෂ රාජපක්ෂ 85, ජෙහාන් ඩැනියල් 55, කෞමාල් නානයක්කාර 7/111, ශෙහාද සොයිසා 2/96.

Army Cricket Club – 53/3 (11): ජෙහාන් ඩැනියල් 3/11.

Sebastianites C & A සහ Lankan Cricket Club

  • කාසියේ වාසිය – Sebastianites C & A
  • ක්‍රීඩාංගණය – De Soysa Cricket Stadium

Sebastianites C & A – 228 (58.4): විශාල් සිල්වා 87, මනෙල්කර් ද සිල්වා 38, සඳුන් ප්‍රනාන්දු 33, විනුද ලියනගේ 3/39, එස්. සංකල්ප 3/47.

Lankan Cricket Club – 102/6 (34): මෙත්සිත් ජයමාන්න 41*, ළහිරු ඩිල්ෂාන් 20,තරිඳු රත්නායක 3/52, තරූෂ ප්‍රනාන්දු 2/23.

Navy Sports Club සහ Air Force Sports Club

  • කාසියේ වාසිය – Air Force Sports Club
  • ක්‍රීඩාංගණය – Navy Ground, Welisara

Navy Sports Club – 189 (70.2): සහන් කෝසල 61, පුෂ්පිත ඩිල්ෂාන් 36, ජමිත් ඩිල්ෂාන් 29, මොවීන් සුභසිංහ 5/46, මතීෂ මධුෂාන් 2/35.

Air Force Sports Club – 51/3 (17): සුදාර දක්ෂිණ 2/19.

Moors Sports Club සහ Sinhalese Sports Club

  • කාසියේ වාසිය – Moors Sports Club
  • ක්‍රීඩාංගණය – Moors Ground, Colombo

Moors Sports Club – 292 (64.5): අදීෂ තිලංචන 128, දිනුක ඩිල්ෂාන් 99, කවිඳු නදීෂාන් 5/75, කවිෂ්ක සේනාධීර 2/50.

Sinhalese Sports Club – 73/2 (23): ශෙවෝන් ඩැනියල් 49*, අයන සිරිවර්ධන 2/17.

Kalutara Town Club සහ Kandy Customs Sports Club

  • කාසියේ වාසිය – Kalutara Town Club
  • ක්‍රීඩාංගණය – Panadura Esplanade

Kalutara Town Club – 283 (87.5): කෞෂාන් කුලසූරිය 88, රොමේෂ් නල්ලප්පෙරුම 32, පසන් පෙතන්ගොඩ 3/62, අයේෂ් හර්ෂණ 2/94.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<