ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ අවසන් දිනයේ දී රොෂාන් විජේනායක, ෂෙවෝන් ඩැනියෙල් ශතක ලබා ගනිද්දී, දුවිඳු තිලකරත්න දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
Baduraliya CC කණ්ඩායමේ රොෂාන් විජේනායක Police SC කණ්ඩායමට එරෙහි ව පන්දු 203කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 115ක් ලබා ගනිමින් දිනයේ හොඳම ක්‍රීඩා කළා.
ඊට අමතර ව SSC කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් Moors SC කණ්ඩායමට එරෙහි ව පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Moors SC කණ්ඩායමේ 30 වැනි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන දුවිඳු තිලකරත්න SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 90කට කඩුලු 6ක් දවා ගනිමින් දවසේ කැපී පෙණෙණ පන්දු යවන්නා බවට පත් වුණා.
මේ අතර Bloomfield C & A කණ්ඩායමේ අසිත වන්නිනායක Panadura SC කණ්ඩායම හමුවේ ශතකයකට ලකුණක් අඩුවෙන් දැවී ගියා. ඔහු ලකුණු 99කට දැවී යද්දී පන්දු 237කට මුහුණ දී සිටි අතර එම ඉනිමට හතරේ පහර 6ක් ඇතුලත් ව තිබුණා.
පිතිකරුවන් අතුරින් NCC කණ්ඩායමේ කවින් බණ්ඩාර (74), Baduraliya CC කණ්ඩායමේ අයන සිරිවර්ධන (84), BRC කණ්ඩායමේ රිසිත් උපමාල් (56), ප්‍රමෝද් මදුවන්ත (63) සහ නිශාන් පීරිස් (නොදැවී 54) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යවන්නන් අතුරින් Police SC කණ්ඩායමේ නලින් ප්‍රියදර්ශන (5/61) දක්ෂතා දැක් වූවා.
පෙර දිනයේ ලකුණු 59කට කඩුලු 7ක් දවා ගෙන සිටි Nugegoda S & WC කණ්ඩායමේ පා දඟ පන්දු යවන සුමින්ද ලක්ෂාන් අද එය කඩුලු 8ක් දක්වා වැඩි කර ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුණා. ඔහු අද ප්‍රතිවාදී NCC කණ්ඩායමේ 2 වැනි ඉනිමේ දී ලකුණු 45කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර ඒ අනුව තරගයේ දී ලකුණු 104කට කඩුලු 12ක් දවා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරගවල තරගයක හොඳම පන්දු යැවීමයි.
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ 2 වැනි තරගයත් ජය ගනී
- පාකිස්තානයට ටෙස්ට් තරගාවලිය ජය ගනී
- රමේෂ්, දිනයේ එක ම ශතකලාභියා වෙයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව සුපිරි 6 දෙනාගේ වටයට
- ප්‍රියමාල්, සම්මු, රමින්ද සහ දුල්නිත් ශතක වාර්තා කරයි
Nugegoda S & WC සහ NCC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – NCC
- Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 618 (158.3) ලොහාන් ද සොයිසා 144, අක්රම් මුතාලිබ් 136, කෙවින් පෙරේරා 63, සම්මු අශාන් 136, අනුක් ප්‍රනාන්දු 40, රාහුල් ගුණසේකර 22, සුමින්ද ලක්ශාන් නොදැවී 50, කවිඳු පතිරත්න 3/101, ශක්ති උදාර 3/167
- NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 287 (91.0) ජීවක සශීන් 21, ගවිරු සෙන්හස් 62, විනුක රූබසිංහ 33, අහන් වික්‍රමසිංහ 76, කවින් බණ්ඩාර 61, ලොහාන් ද සොයිසා 2/40, සුමින්ද ලක්ෂාන් 8/59
- NCC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 198 (68.0) විනුක රූබසිංහ 23, කවින් බණ්ඩාර 74, ශක්ති උදාර 25, රාහුල් ගුණසේකර 3/33, සුමින්ද ලක්ෂාන් 4/45
Nugegoda S & WC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 133ක ජයක්.
Police SC සහ Baduraliya CC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Police SC
- Police SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 612 (167.0) අවිශ්ක තරිඳු 20, තිලකරත්න සම්පත් 169, දුලාශ් උදයංග 98, භානුක රාජපක්ෂ 39, ප්‍රියමාල් පෙරේරා නොදැවී 151, සුපුන් මදුශංක 39, නිපුන් ප්‍රේමරත්න නොදැවී 79, මාලින්ද පුෂ්පකුමාර 2/170, චානක රුවන්සිරි 2/124
- Baduraliya CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 129 (46.0) ඩිල්ශාන් ද සොයිසා 31, විනුර දුල්සර නොදැවී 43, නිපුන් ප්‍රේමරත්න 4/51, නලින් ප්‍රියදර්ශන 2/22, සුපුන් මදුශංක 2/12
- Baduraliya CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 341 (84.2) රමේෂ් නිමන්ත 25, හිරුන් කපුරුබණ්ඩාර 49, රොශාන් විජේනායක 115, අයන සිරිවර්ධන 84, මාලින්ද පුෂ්පකුමාර 22, හිමේෂ් රාමනායක 2/32, ප්‍රවීන් ජයවික්‍රම 2/86, නලින් ප්‍රියදර්ශන 5/61
Baduraliya CC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 142ක ජයක්.
Kurunegala YCC සහ BRC අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kurunegala YCC
- BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (115.2) සමින්ද ප්‍රනාන්දු 30, හෂාන් දුමිඳු 52, ප්‍රමෝද් මදුවන්ත 58, රමින්ද විජේසූරිය 109, නිශාන් පීරිස් නොදැවී 28, චාමිකර එදිරිසිංහ 4/101, සමීර සඳමාල් 3/42
- Kurunegala YCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 368 (130.4) ගයාන් මනීශාන් 98, අභිශේක් ලියනාරච්චි 45, දුනිත් ජයතුංග 46, ගයාන් වීරසිංහ 54, නවීන් ප්‍රනාන්දු 47, දිනුශ්ක මාලන් 22, නිශාන් පීරිස් 6/74, චානුක ඩිල්ශාන් 2/117
- BRC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 311 (80.2) හේෂාන් ප්‍රනාන්දු 35, හෂාන් දුමිඳු 42, රිසිත් උපමාල් 56, ප්‍රමෝද් මදුවන්ත 63, රමින්ද විජේසූරිය නොදැවී 28, නිශාන් පීරිස් නොදැවී 54, චාමිකර එදිරිසිංහ 3/109, සමීර සඳමාල් 2/67
- Kurunegala YCC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 90 (32.0) අභිශේක් ලියනාරච්චි 25, ගයන වීරසිංහ 46, චානුක ඩිල්ශාන් 3/45
තරගයේ විසඳුමක් නෑ.
Moors SC සහ SSC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SSC
- SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (69.5) ෂෙවෝන් ඩැනියෙල් 41, චරිත් අසලංක 30, දසුන් ශානක 41, මල්ෂ ප්‍රනාන්දු නොදැවී 71, සංතුශ් ගුණතිලක 2/45, රමේෂ් මෙන්ඩිස් 4/65, දුවිඳු තිලකරත්න 3/47
- Moors SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 524 (106.0) සිතාර ගිම්හාන් 61, ජනිශ්ක පෙරේරා 50, රවිශාන් ද සිල්වා 30, සොහාන් ද ලිවේරා 54, සදීර සමරවික්‍රම 20, රමේෂ් මෙන්ඩිස් 147, ෂෙහාන් ප්‍රනාන්දු 28, සංතුශ් ගුණතිලක 94, දුනිත් වෙල්ලාලගේ 3/131, දසුන් ශානක 2/87, මල්ශ ප්‍රනාන්දු 3/137
- SSC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 237 (71.0) ශෙවෝන් ඩැනියෙල් 102, රොන් චන්ද්‍රගුප්ත 29, රනුද සෝමරත්න 34, රමේෂ් මෙන්ඩිස් 3/82, දුවිඳු තිලකරත්න 6/90
Moors SC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 43ක ජයක්.
Bloomfield C & AC සහ Panadura SC අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Panadura SC
- Bloomfield C & A – පළමු ඉනිම සියලුම දෙනා දැවී 309 (86.0) කසුන් අබේරත්න 80, ලහිරු මදුශංක 119, ශානික්‍ය දේශප්‍රිය 40, තරින්ද නිර්මාල් 30, අසංක මනෝජ් 4/80, දුශාන් විමුක්ති 3/55
- Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 322 (115.0) විශ්ව චතුරංග 57, ශාලිත් ප්‍රනාන්දු 95, රවීන් යසස් 53 පැතුම් කුමාර 36, ටොනි ග්‍රේග් 2/61, සහන් නානායක්කාර 2/71, තරින්ද නිර්මාල් 3/68
- Bloomfield C & A – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 262 (87.0) අසිත වන්නිනායක 99, මිනෙත් ප්‍රේමරත්න 20, කසුන් අබේරත්න නොදැවී 30, ලහිරු මදුශංක 40, තරින්ද නිර්මාල් නොදැවී 21, අසංක මනෝජ් 2/42, දුශාන් විමුක්ති 4/75
- Panadura SC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 160 (43.0)ඔෂද ප්‍රනාන්දු 49, විශ්ව චතුරංග 30, ශාලිත් ප්‍රනාන්දු නොදැවී 31, රවීන් යසස් නොදැවී 31, තරින්ද නිර්මාල් 2/66
තරගයේ විසඳුමක් නෑ.
Major Club 04-Day League සිව් දින ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















