ප්‍රේක්ෂකාගාරය උණුසුම් කල මනුජගේ පිතිකරණය

386
Singer U19 schools cricket

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර ආරම්භ වූ සිංගර් කුසලාන පළමු පෙළ දෙදින තරගයේ අද දිනය නිමාවූයේ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට වැඩි වාසියක් ලබාදෙමිනි.

නාලන්ද විද්‍යාලයට ලකුණු 76ක ජයග්‍රහණයක්

කොළඹ නාලන්ද විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර ඊයේ (24) ආරම්භ වූ සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගයෙන් ලකුණු 76ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට නාලන්ද විද්‍යාලය අද (25) සමත් විය…

ඇල්බට් එෆ්. පීරිස් පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට අවස්ථාව ලබාගත් අතර, වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ආරම්භ කිරීමට පැය කිහිපයක් ප්‍රමාද විය.

ඒ ප්‍රමාදය නිසා ගිලිහුනු ප්‍රේක්ෂකාගාරයේ උණුසුම ඉක්මනින් ලබා ගැනීමට පිතිකරණයේ නිරත වුනු මනුජ පෙරේරා සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ පළමු ඉණිමට සාර්ථක අඩිතාලමක් ගොඩනංවමින් ලකුණු 85ක් රැස් කලේ අලංකාරවත් 4 පහර රැසක්ම සමඟිනි.

ඊට නොදෙවෙනි ඉණිමක් දියත් කල අවිදු හේරත්, ශෙහාර රණතුංගගේ දක්ෂ පන්දු යැවීම හමුවේ තරමක් අසරණ වුවද, පන්දු තෝරා බේරාගෙන පහර දෙමින් ලකුණු 61ක් ලකුණු පුවරුවට එකතු කරන ලදී.

ශෙහාර ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 59කට කඩුලු 4ක් දවාලද්දී, දිනය අවසානයේ නොදැවී කඩුල්ලේ ක්‍රීඩා කරමින් සිටින නිම්සර ශෙහාන් ලකුණු 23*ක් ලබාගෙන සිටියි.

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 7ක් දැවී ලකුණු 242 (පන්දුවාර 85): මනුජ පෙරේරා  84, අවිදු හේරත්  61, චන්දුල ජයකොඩි 32, කවිදු මුණවීර 24, නිම්සර හෙශාන් 23*, ශෙහාර රණතුංග  4/59, නිපුන් ධනංජය 3/95

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට