Home Sinhala රවීන්, රශාන් සහ වාසල නාලන්දාව වෙනුවෙන් ජය කඳවුරු බඳියි

රවීන්, රශාන් සහ වාසල නාලන්දාව වෙනුවෙන් ජය කඳවුරු බඳියි

නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වාගේ සහ රශාන් දිසානායකගේ ප්‍රවේගවත් පිතිකරණයට ජිතේශ් වාසලගේ ආක්‍රමණකාරී පන්දු යැවීමත් එකතු වීම හේතුවෙන් 91 වැනි වරටත් පැවැත්වෙන “සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට දී ජය කඳවුරු බැඳීමට නාලන්දා ක්‍රීඩකයෝ සමත් වූහ. 

දෙපිළටම දෝලනය වූ තරගයේ මුල් දින වාසිය සාන්ත ජෝසප් විද්‍යාලයට

දිනෙත් ජයකොඩි සහ සදීෂ් ජයවර්ධන විසින් සාන්තුවරයින්ගේ ක්‍රිකට් සංග්‍රාම ඉතිහාසයේ වාර්තා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන මෙම තරගය අද (07) දින කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ආරම්භ විය. 

කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලයේ නායක කනිශ්ක රන්තිලකගේ, ප්‍රතිවාදි නාලන්දා නායක අවිශ්ක පෙරේරාට පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නේය. ඒ අනුව පිටියට පිවිසි නාලන්දා ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 307ක් රැස්කර ගත්හ. නාලන්දාව වාර්තා කරන ලද මෙම ඉනිම වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ හොඳම ඉනිම ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. මීට පෙර මෙහි වාර්තාව වූයේ ඔවුන් 2013 වසරේ දී කඩුලු 5ක් දැවී රැස්කර ගත් ලකුණු 298 යි. 

නාලන්දා ඉනිමට පිළිතුරු ලෙසින් තරගය පළමු දිනයට නතර කරන විට ආනන්ද විද්‍යාල ක්‍රීඩකයන්ට රැස්කර ගැනීමට හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 79ක් පමණි. ඒ අනුව ඔවුන්ට ප්‍රතිවාදීන් අභිබයා යෑමට නම් තවත් ලකුණු 228ක් රැස්කර ගත යුතුය. 

Photos: Ananda College vs Nalanda College | 91st Battle of the Maroons – Day 1

නාලන්දා ඉනිම අවිශ්ක ප්‍රනාන්දු සමඟින් රනිඳු සිල්වා ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 52ක සබඳතාවක් එක්කළේ ආනන්ද නායකයා ගත් තීරණය ගැන පසු තැවීමට ඉඩ තබමිනි. අවිශ්ක පන්දු 33කට මුහුණ දෙමින් ලකුණු 26ක් රැස්කර ගත්තේ හතරේ පහර 4ක් ද එල්ල කරමිනි. 

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල ලෙසින් රනිඳු කඩුල්ල හැර යන විට ලකුණු පුවරුව 89ක් ව තිබුනි. රනිඳු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් රැස්කර ගත්තේය. 

ආනන්ද පන්දු යවන්නට යම් සැනසීමක් ලැබුනි නම් ඒ තෙවැනි සහ සිව්වැනි කඩුලු පන්දු 12ක් තුළ දැවී යෑමය. චමිඳු විජේසිංහ පන්දු 71කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් රැස්කර ගෙන තෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් විය. 

අනතුරුව පිටියෙන් ඉවත් වූයේ මෝක්ෂ සංකල්ප ය. ඔහුට රැස්කර ගත හැකි වූයේ ලකුණු 5ක් පමණි. 

උප නායක රවීන් ද සිල්වා සහ රශාන් දිසානායක එක්ව පස්වන කඩුල්ලට නොබිඳුනු ලකුණු 159ක සබඳතාවක් එක් කළහ. එහිදී රවීන් ද සිල්වා පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 100ක් රැස්කර ගත්තේය. මෙම ශතකය නාලන්දාව වෙනුවෙන් සුලෝහිත සංග්‍රාමයේ වසර 14කට පසුව වාර්තා වූ ශතකය ලෙසින් ඉතිහාස පොත් සැරසුවේය. මීට පෙර නාලන්දාව වෙනුවෙන් එම දක්ෂතාව කර තිබුනේ 2006 වසරේ තරිඳු අත්තනායක ය. 

ප්‍රභාත් සහ ලසිත ශතක සබඳතාවක

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ

අනෙක් අන්තයේ නැංගුරම් ලා සිටි රශාන් දිසානායක ඉනිම අත්හිටුවන විට පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 77ක් රැස්කර ගෙන සිටියේය. 

කඩුලු දවා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යැවූ දෙනෙත් නිස්සංක ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත්තේය. ඊට අමතරව ශෂික උමයංග සහ ජනිඳු ජයවර්ධන ද කඩුල්ල බැගින් දවා ගත්හ. 

වැඩි වගකීමක් සහිත පිළිතුරු ආනන්ද ඉනිම ආරම්භ කළේ අනුද ජයවීර සහ නායක කනිශ්ක රන්තිලකගේ ය. නමුත් ඔවුන්ට තම යුතුකම කුමක්දැයි නිසි පරිදි වටහා ගැනීමට තරම්වත් වේලාවක් හෝ පිටියේ රැඳී සිටීමට හැකි වූයේ නැත. අනුද ජයවීර පන්දු 10කට මුහුණ දෙමින් ලකුණු 13කට දැවී ගිය අතර රන්තිලකගේ පන්දු 8කට මුහුණ දෙමින් ලකුණු 11ක් රැස්කර ගෙන පිටියෙන් ඉවත් වූයේය. 

අනතුරුව ආනන්ද ඉනිමේ අටවන පන්දුවාරයේ දී කඩුලු 2ක් දවා ගත් ජිතේශ් වාසල, ආනන්ද ක්‍රීඩකයෝ තවත් අමාරුවේ දැමූහ. ඔහුට ගොදුරු වූයේ කළණ විජේසිරි (03) සහ ශෂික උමයංග (0) ය. ඒ වන විට ඔවුන්ගේ ඉනිම කියැවුනේ කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලෙසිනි. 

ආනන්ද විද්‍යාලය වැටී සිටි අමාරුවෙන් යම් තරමකින් හෝ ගොඩ ඒමට හැකි සබඳතාවක් එක්කළේ හංසජ ජයසිංහ සහ නෙත්ම කරුණාරත්න ය. ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් එක්කළහ. හංසජ ජයසිංහ, මහීම වීරකෝන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් රැස්කර ගෙන සිටියේය. 

දිනය අවසන් වන විට නෙත්ම කරුණාරත්න පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් රැස්කර ගනිමින් ද ජනිඳු ජයවර්ධන එක් ලකුණක් රැස්කර ගනිමින් ද නොදැවී පිටියේ රැඳී සිටිති. 

පන්දු යැවීමේ දී ජිතේශ් වාසල ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර දිනෙත් සමරවීර සහ මහීම වීරකෝන් එක් කඩුල්ල බැගින් බෙදා ගත්හ. 

රන් මහා සටන විවෘතයි! සුමංගලයෙන් වැඩි දස්කම්

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 68 වන වරටත් ක්‍රියාත්මක වන “රන් මහා සංග්‍රාමය”

තරගයේ දෙවැනි සහ අවසන් දිනයේ (08) උණුසුම් තතු විත්ති දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟම. 

Result
Match drawn

Ananda College
150/10 (51) & 225/7 (69)
Nalanda College
307/4 (54.5)
BatsmenRB4s6sSR
Avishka Perera c Hansaja Jayasinghe b Shashika Umayanga26334078.79
Ranindu de Silva c Deneth Pramoditha Nissanka b J Jayawardene28593047.46
Chamindu Wijesinghe c Shashika Umayanga b Deneth Pramoditha Nissanka56715278.87
Raveen de Silva not out10081114123.46
Moksha Sankalpa c Mineth Premarathna b Deneth Pramoditha Nissanka5121041.67
Rashan Dissanayanake not out7775120102.67
Extras15 (b 1 , lb 4 , nb 2, w 8, pen 0)
Total307/4 (54.5 Overs, RR: 5.6)
Fall of Wickets 1-52 (10.4) Avishka Perera, 2-89 (21.6) Ranindu de Silva, 3-143 (31.6) Chamindu Wijesinghe, 4-148 (33.6) Moksha Sankalpa,
BowlingOMRWEcon
Deneth Pramoditha Nissanka1023423.40
Dasun Tharaka1207506.25
Shashika Umayanga1317715.92
J Jayawardene1217716.42
Saviru Bandara7.524005.33
BatsmenRB4s6sSR
Anuda Jayaweera b Jithesh Wasala131030130.00
Kanishka Rantilakage c Ranindu de Silva b Jithesh Wasala11820137.50
Kalana Wijesiri c Ranindu de Silva b Jithesh Wasala3110027.27
Nethma Karunaratne lbw b Raveen de Silva591329044.70
Shashika Umayanga c Avishka Perera b Jithesh Wasala05000.00
Hansaja Jayasinghe b Mahima Weerakoon26554047.27
Janindu Jayaweera c Moksha Sankalpa b Anudha Jithwara7480014.58
Dasun Tharaka c Ranindu de Silva b Jithesh Wasala2110018.18
Saviru Bandara not out13272048.15
Mineth Premarathna lbw b Raveen de Silva250040.00
Deneth Pramoditha Nissanka c Chamindu Wijesinghe b Jithesh Wasala4410100.00
Extras10 (b 0 , lb 0 , nb 10, w 0, pen 0)
Total150/10 (51 Overs, RR: 2.94)
Fall of Wickets 1-21 (2.3) Kanishka Rantilakage, 2-27 (3.2) Anuda Jayaweera, 3-34 (7.1) Kalana Wijesiri, 4-34 (7.6) Shashika Umayanga, 5-67 (23.3) Hansaja Jayasinghe, 6-100 (37.3) Janindu Jayaweera, 7-113 (42.2) Dasun Tharaka, 8-0 (47.5) Nethma Karunaratne, 9-143 (49.6) Mineth Premarathna, 10-150 (50.6) Deneth Pramoditha Nissanka,
BowlingOMRWEcon
Dineth Samaraweera1544312.87
Jithesh Wasala1746353.71
Ranindu de Silva21100.50
Raveen de Silva712824.00
Mahima Weerakoon31612.00
Chamodya Rajapaksha20201.00
Anudha Jithwara51711.40


BatsmenRB4s6sSR
Kanishka Rantilakage c Rashan Dissanayanake b Anudha Jithwara37687054.41
Anuda Jayaweera c Ranindu de Silva b Jithesh Wasala6200030.00
Nethma Karunaratne c Moksha Sankalpa b Raveen de Silva20532037.74
Mineth Premarathna b Raveen de Silva6171035.29
Hansaja Jayasinghe not out8913511165.93
Dasun Tharaka c Vihanga Vimanga b Ranindu de Silva29824035.37
Janindu Jayaweera c Mahima Weerakoon b Avishka Perera7330021.21
Kalana Wijesiri c Chamindu Wijesinghe b Avishka Perera05000.00
Saviru Bandara not out580062.50
Extras26 (b 12 , lb 9 , nb 4, w 1, pen 0)
Total225/7 (69 Overs, RR: 3.26)
Fall of Wickets 1-15 (7.1) Anuda Jayaweera, 2-65 (22.6) Nethma Karunaratne, 3-66 (23.1) Kanishka Rantilakage, 4-76 (28.3) Mineth Premarathna, 5-187 (57.3) Dasun Tharaka, 6-209 (64.6) Janindu Jayaweera, 7-217 (66.5) Kalana Wijesiri,
BowlingOMRWEcon
Jithesh Wasala1022912.90
Dineth Samaraweera822202.75
Anudha Jithwara821411.75
Mahima Weerakoon802803.50
Chamodya Rajapaksha811401.75
Raveen de Silva1826523.61
Ranindu de Silva601612.67
Avishka Perera301625.33


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<