මදුරංග සොයිසා අර්ධ ශතකය පෙනි පෙනී දැවී යයි

334
SLC Premier League 2016/17 Tier B January 26th Roundup

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් සතියේ තවත් තරගයක් අද (26) ලංකන් ක්‍රිකට් සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේදී ආරම්භ විය.

තුන්දින තරගය 20-20 තරගයක් වෙයි; ජය පානදුරට

තියුණු තරගයකින් පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට අද සමත් විය. ඒ කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය…

මැදපෙළ දකුණත් පිතිකරු මදුරංග සොයිසා 4 පහර 4ක් සමඟ ලකුණු 47ක් වාර්තා කරමින් ලංකන් ක්‍රිකට් සමාජ පළමු ඉණිමට සවිමත් අඩිතාලමක් ගොඩනැඟීමට සමත් විය. ඔහු තම අර්ධ ශතකයට ආසන්නව සිටියදී අවාසනාවන්ත ලෙස දැවීයාමත් සමඟින් ඔවුන්ගේ ඉණිම යම්තාක් දුරකට බිදවැටුනු අතර, අසේල රංගන දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 17කට කඩුලු 4ක් දවාගන්නා ලදි. ඔහු විසින් මැදපෙළ පිතිකරු රාජිත රණවීර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ලකුණු 18කට දවාගනිමින් තවත් සබඳතාවයක් ගොඩනැංවීමට තිබූ මඟ අවහිර කරවීය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පළමු දිනට අවසන් කරන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින පොලිස් ක්‍රීඩා සමාජය කිසිවෙකු නොදැවී ලකුණු 7ක් ලබාගෙන සිටියි.

ලංකන් ක්‍රිකට් සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 64.5): මදුරංග සොයිසා 47, රාජිත රණවීර 18, චානක රැවන්සිරි 16, අසේල රංගන 4/17, සුවන්ජි මදනායක 3/55

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙකු නොදැවී ලකුණු 7 (පන්දුවාර 1.2): තරිදු ඩිල්ශාන් 5*, අසේල රංගන 2*

මෙම තරගය ජයග්‍රහණය කිරීම දෙපිලටම වැදගත් වන අතර මේ වන විට, ලංකන් ක්‍රිකට් සමාජය ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වන ස්ථානයේ පසුවන වේ. පොලිස් ක්‍රීඩා සමාජය පස්වන ස්ථානයේ පසුවෙයි.

පොලිස් ක්‍රීඩා සමාජය ලංකන් ක්‍රීඩා සමාජයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 152ක් පසුපසින් පසුවෙයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට