සිම්බාබ්වේ යන්න ශ්‍රී ලංකාවෙන් 30 දෙනෙකුගේ මූලික සංචිතයක්

ICC World Cup Qualifiers 2023/ Afghanistan vs Sri Lanka 2023

5352
Sri lanka named 30 member squad

සිම්බාබ්වේ හිදි පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහ ලබන මාසයේ ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මස 2, 4 සහ 7 යන දිනවල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එමෙන් ම 2023 එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ද ලබන මාසයේ 18 වැනිදා සිට ජූලි 9 වැනිදා තෙක් සිම්බාබ්වේ හිදි පැවැත්වීමට නියමිතයි.

Sunday Times පුවත්පතට අනුව මෙම තරගාවලි දෙක සඳහා නම් කළ ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.

පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් (උප නායක), ඇන්ජලෝ මැතිව්ස්, නුවනිදු ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා සධීර සමරවික්‍රම, අශේන් බණ්ඩාර, අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂාන් හේමන්ත, දුනිත් වෙල්ලාලගේ, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ, මිලාන් රත්නායක, නුවන් තුෂාර, ප්‍රමෝද් මධුශාන්, අසිත ප්‍රනාන්දු, මහේෂ් තීක්ෂණ, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම.

ක්‍රිකට් පිටියේ දිනෙන් දින උණුසුම් වන නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<