අපරාජිත ගාල්ල දකුණු පළාතේ ශූරියන් වෙයි

අන්තර් දිස්ත්‍රික් 23න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය 2023

158

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් දිස්ත්‍රික් වයස අවුරුදු 23න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් ගෙවුණු දින කිහිපය පුරාවට ක්‍රියාත්මක වුනා.

මේ තරගාවලිය තුල උතුරු මැද, උතුර, දකුණ (ඌව+නැගෙනහිර), මධ්‍යම සහ බස්නාහිර යන පළාත් 5ක් මූලික වශයෙන් කේන්ද්‍ර කරගනිමින් උප තරගාවලි 5ක් පැවැත්වෙන අතර එහි දකුණු පළාත් මූලික වටයේ තරග මේ වන විට අවසන් වී තිබෙනවා.

ඒ අනුව ගාල්ල, මාතර, රත්නපුර, මොනරාගල, බදුල්ල සහ හම්බන්තොට යන කණ්ඩායම් 6ක් තරග කළ දකුණු පළාත් තරගාවලියේ ලීග් ශූරතාවය දිනා ගන්නට, අපරාජිතව මූලික වටය අවසන් කළ, ගාල්ල කණ්ඩායම සමත් වුනා.

ඊට අමතරව පැවැත්වුණු අනෙක් පළාත් තරගවල දී මහනුවර, පොළොන්නරුව, මඩකලපුව, කොළඹ දකුණ සහ අනුරාධපුර යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත්තා.

තරගවල ලකුණු සාරාංශයන්

මහනුවර සහ ත්‍රිකුණාමලය

මහනුවර – 130/2 (20): සංසලා වනිගසේකර 72, තරුෂි තත්සරණි 26*

ත්‍රිකුණාමලය – 48 (14.1): නිමේෂිකා සෙනෙවිරත්න 5/11, ශනිල්කා සත්‍යන්ගි 2/15

මහනුවරට ලකුණු 82ක ජයක්


කළුතර සහ කොළඹ දකුණ

කළුතර – 98/6 (18): රෂිනි පෙරේරා 31, ඉමල්ෂි යසාර 3/15

කොළඹ දකුණ – 99/4 (16): ශිකාරි ද සිල්වා 35

කොළඹ දකුණට කඩුලු 6ක ජයක්


මාතලේ සහ පොළොන්නරුව

මාතලේ – 122/8 (20): පියුමාලි කීර්තිරත්න 38*, සුභාන්‍යා නිශාදි 3/12

පොළොන්නරුව – 123/5 (18): ජනනි මයුරිකා 36, සන්ද්‍යා කුමාරසිරි 2/12

පොළොන්නරුවට කඩුලු 5ක ජයක්


ගාල්ල සහ මාතර

මාතර – 60/9 (20): ලක්ෂා අභිමානි 3/14

ගාල්ල – 61/5 (16.2): සුමුදු නිසංසලා 18*, දේවින්දි රසාංජනා 3/25

ගාල්ලට කඩුලු 5ක ජයක්


අම්පාර සහ මඩකලපුව

අම්පාර – 85/8 (20): එස්. පී. මෙත්සරා 17, ජුලීනා ජේසුදන් 3/13, වින්මතී කතිරගාමන්තම්බි 3/26

මඩකලපුව – 86/9 (18.5): පී. එම්. එස්. එස්. ධර්මධාස 5/22

මඩකලපුවට කඩුල්ලක ජයක්

කෑගල්ල සහ මහනුවර

කෑගල්ල – 48 (16.5): ශනිල්කා සත්‍යන්ගි 3/19

මහනුවර – 49/0 (7.3): ශලනි දසනායක 22*

මහනුවරට කඩුලු 10ක ජයක්


හම්බන්තොට සහ ගාල්ල

හමබන්තොට – 40/10 (17.2):

ගාල්ල – 41/0 (3.5): හිරුනි හංසිකා 14*

ගාල්ලට කඩුලු 10ක ජයක්


පුත්තලම සහ අනුරාධපුර

පුත්තලම – 102/4 (20): ශෙහාරා රෝෂිනි 34, දිලීමා නෙත්මිණි 21

අනුරාධපුර – 103/7(19): නිලුක්ෂි කාවින්ද්‍යා 24, ෂෙහාරා රෝෂිනි 3/21

අනුරාධපුරට කඩුලු 3ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<