නවසීලන්ත ක්‍රීඩකයෙකුට ICCයෙන් දඩ

405

බංග්ලාදේශය සමඟින් පැවති පළමු එක්දින තරගයේ දී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් නිසාවෙන් නවසීලන්ත ක්‍රීඩක Kyle Jamieson හට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

තරගය අතරතුර දී විනිසුරුවරයෙකු විසින් ලබා දුන් තීරණයකට සිය විරෝධය පෙන්වීම නිසා ඔහුට මෙම දඬුවම ලබා දීමට කටයුතු කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබුණා.

තරගය තුළ දී ඔහු විසින් රැක ගත් Tamim Iqbalගේ උඩපන්දුව නිවැරදිව රැකගෙන නොමැති බව තෙවැනි විනිසුරුවරයා දැනුම් දීමෙන් පසු ඔහු කෝපයෙන් එයට විරුද්ධ වෙමින් කටයුතු කර ඇති බවත්, පසුව ඔහු විසින් සිය වරද පිළිගෙන මෙම දඬුවම පිළිගත් බවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණා.

මෙම සිදුවීම නිසාවෙන් Kyle Jamieson හට ICC විසින් ලබා දෙන දඬුවම් ලකුණක් ද හිමිව ඇති අතර පසුගිය මාස 24ක කාලය තුළ දී ඔහු ලබා ගත් දෙවන දඬුවම් ලකුණ මෙයයි.

තවත් ක්‍රිකට් පුවත්:   

ක්‍රීඩකයෙකු වසර දෙකක කාලසීමාව තුළ දී දඬුවම් ලකුණු 4ක් හෝ ඊට වැඩි ගණනක් ලබාගතහොත් එම ක්‍රීඩකයාට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලබාදෙන තරග තහනමකට යටත් වීමට සිදු වේ.

දෙවැනි තරගය කඩුලු 5කින් ජය ගැනීමෙන් පසුව බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුනා. තරගාවලියේ අවසන් තරගය සිකුරාදා (26) Wellington හීදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<