අවසන් කඩුල්ලේ විස්මිත සබඳතාවයෙන් ශ්‍රී ලංකා යොවුන් පිළට ජය!

127

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවා හිදී පැවති තෙවැනි එක්දින තරගය උණුසුම් සටනකින් අනතුරුව එක් කඩුල්ලකින් ජය ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයින් අද (11) අළුයම සමත් වූහ. ඒ “අඩු ලකුණු තරග වඩාත් තරගකාරී” වන බවට ප්‍රේක්ෂකයින් අතර තිබෙන මතය නැවත වරක් තහවුරු කරමිනි.

ලොවක් බලා සිටින ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයට පෙර

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව පාකිස්තානයේ දී…

කලකට පෙර ලොව ඉහළින්ම වැජඹුනු කොදෙව් ක්‍රිකට් වංශ කතාවේ පතාක යෝධයෙකු වූ සර් විවියන් රිචඩ්ස් නමින් නම්වුනු මෙම ක්‍රීඩාංගණයේ දී ඊයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජයයි. ඒ අනුව ඔහු පිතිකරුවන් සඳහා එතරම් හිතකර නොවන බව පෙනුනු එම තණතිල්ලේ මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ තැනට සුදුසු නුවණ යොදා ගනිමිනි.

එම ඉල්ලීම පිළිගත් කොදෙව්වන් මුල සිටම ශ්‍රී ලංකා පන්දුකරණය ඉදිරියේ විපිළිසර වූ බව පෙනෙන්නට තිබුණු අතර මුල් කඩුලු දෙකම ලකුණු 15ක් තුලදී අහිමි කර ගත්හ. එම තීරණාත්මක කඩුලු 2ටම හිමිකම් කීවේ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක අම්ශි ද සිල්වායි. කොදෙව් මැදපෙළ පිතිකරුවන්ට ද මෙම තණතිල්ලේ ලකුණු රැස් කිරීම සිතූ තරම් පහසු නොවූ අතර දකුණත් පිතිකරු කෙව්ලන් ඇන්ඩර්සන් පමණක් ලකුණු 43ක් ලබා ගත්තේය.

ඒ බිඳ වැටෙමින් තිබූ කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙසයි. පන්දු 69ක් වැයවුණු ඔහුගේ ප්‍රවේසම් සහගත ඉනිමේ දී වාර්තා වූයේ එක් හතරේ පහරක් පමණි. මීට අමතරව ක්සා මැකෙන්සි සහ කර්ක් මැකිංටොශ් ලකුණු 15 බැගින් රැස් කළද කණ්ඩායම ඔවුන්ගෙන් ඊට වඩා වැඩි යමක් බලාපොරොත්තු විය. 

මෙවන් තත්ත්වයක් යටතේ පසුපෙළ ක්‍රීඩා කරන ජේඩන් සීල්ස් සහ ඇශ්මිඩ් නෙඩ් පිළිවෙලින් ලකුණු 23 සහ 21 බැගින් රැස් කිරීම නිසා කොදෙව්වන්ට ලකුණු 137ක් දක්වා මුළු ලකුණු සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට හැකිවිය. ඒ සඳහා පන්දුවාර 50ම භාවිතා කළ ඔවුන්ගේ ලකුණු වේගය සටහන් වූයේ 2.74ක් තරම් අඩු අගයකයි. පන්දු යැවීමේ දී විශිෂ්ට දස්කම් පෙන්වූ කවිඳු නදීශාන් ලකුණු 20කට කඩුලු 4ක් බිඳ හෙලද්දී, අම්ශි ද සිල්වා ලකුණු 18ක් පමණක් ලබා දෙමින් කඩුලු 3කට හිමිකම් කීවේය.

SAG පිටියේ ක්‍රිකට් බලාපොරොත්තු රිදියෙන් නිමවෙයි!

ශ්‍රී ලංකාවට හිමි වන්නට තිබූ තවත් SAG රන් බලාපොරොත්තුවක් අද දිනයේ (09)…

එක්දින තරගයක මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාම පහසු ඉලක්කයක් බව පෙනුනද ඊයේ ඇන්ටිගුවා තණතිල්ල ශ්‍රී ලංකා පිතිකරුවන්ටද බෙදුවේ කොදෙව්වන්ට බෙදූ හැන්දෙන්මයි. ඒ මතදී සිතූ පරිදි කරණම් ගසන්නට කිසිදු ක්‍රීඩකයෙකුට හැකි නොවීය. ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් වන කමිල් මිශාර, නවෝද් පරණවිතාන, චමිඳු වික්‍රමසිංහ සහ රවිඳු රසාන්ත ලකුණු 10ටත් අඩුවෙන් පිටිය හැර යන්නේ ද එම අභියෝගය ජය ගැනීමට නොහැකි වීමෙනි.

මෙවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා පිළට තරග ජය හිමිකර දීමට දැඩි වෙහෙසක් ගන්නා සොනාල් දිනූෂ තරගය ජයග්‍රහණයෙන් කෙලවර වන තුරුම නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 46ක් රැස් කළේය. වමතින් පිත්ත හසුරුවන ඔහු ඊයේ පන්දු 63කට මුහුණ දෙමින් අවස්ථාවට උචිත ඉනිමක් ක්‍රීඩා කළේ හතරේ පහර 4ක් එල්ල කරමිනි. යොවුන් ක්‍රීඩකයෙකු ලෙස ඉහළ දක්ෂතා දක්වන නායක නිපුන් ධනංජය ආරම්භක පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කරමින් ලකුණු 31ක් ලබා ගත්තේය.

කෙසේවෙතත් එක් අවස්ථාවක දී ශ්‍රී ලංකා පිළේ කඩුලු 9ක් ලකුණු 101ක් තුල බිඳ වැටී පරාජය අභියසටම පැමිණි මොහොතේ අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිස තරගය බේරා දුන් ඇම්ශි ද සිල්වාගේ අධිෂ්ඨානය ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. ජයග්‍රහණයට ලකුණු 37ක් අවශ්‍ය වූ ඒ මොහොතේ ඔහු පන්දු 29ක් පිළිගෙන නොදැවී ලකුණු 10ක් රැස් නොකරන්නට අනෙක් අන්තයේ සිටි දිනූෂගේ උත්සාහය සම්පූර්ණයෙන්ම ඵල රහිත වන්නට ඉඩ තිබුණි.

කුළුඳුලේ එතෙරට පාකිස්තාන් ගිය අපේ ඇත්තෝ

1981 වසරේ ටෙස්ට් වරම් දිනා ගත් අප, 1982 පෙබරවාරි මාසයේ එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරගයට මුහුණ…

ඒ අනුව අම්ශි ද සිල්වා සහ සොනාල් දිනූෂ මෙම අභියෝගාත්මක තණතිල්ලේ අවසන් කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා මාතාව ඉදිරියෙන් තවත් විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට සමත් වූහ. ඒ පන්දුවාර 40යි එක් පන්දුවක් තුලදී ලකුණු 138ක් ලබා ගෙන තරගය අවසන් කරමිනි. පන්දු යැවීමේ දී රේමන්ඩ් සිමන්ස් කඩුලු 3ක් බිඳ හෙලද්දී ජේඩන් සීල්ස් සහ නයීම් යං කඩුලු 2 බැගින් දවා ගත්හ.

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 137 (පන්දුවාර 50)

කෙව්ලන් ඇන්ඩර්සන් 43, ජේඩන් සීල්ස් 23, ඇශ්මිඩ් නෙඩ් 21, කර්ක් මැකිංටොශ් 15, ක්සා මැකෙන්සි 15, කවිඳු නදීශාන් 4/20, අම්ශි ද සිල්වා 3/18, සොනාල් දිනූෂ 1/21.

ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 138 (පන්දුවාර 40.1)

සොනාල් දිනූෂ 46*, නිපුන් ධනංජය 31, අහන් වික්‍රමසිංහ 13, අම්ශි ද සිල්වා 10*, කමිල් මිශාර 8, රේමන්ඩ් සිමන්ස් 3/31, ජේඩන් සීල්ස් 2/23, නයීම් යං 2/37.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<