Home Sinhala තීසාන් විතුශාන් සහ රන්මිත් ජයසේනගෙන් කැපී පෙනෙන දස්කම්

තීසාන් විතුශාන් සහ රන්මිත් ජයසේනගෙන් කැපී පෙනෙන දස්කම්

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායමේ ජපාන තරග සංචාරය 2023

201

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ ජපාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලකුණු 45කින් ජය ගන්නට ශ්‍රී ලංකාව අද (14) සමත් වුනා.

ශ්‍රී ලංකාව වෙනස්කම් 4ක් සිදු කරමින් ශෙහාන් ප්‍රනාන්දු, සාහිල් ඩයස්, හර්ෂණ වික්‍රමසිංහ සහ දනාල් හේමානන්ද යන ක්‍රීඩකයින් වෙනුවට සිතර හපුහින්න, දුනිත් ජයතුංග, ලක්ෂාන් ගමගේ තීසාන් විතුශාන් කණ්ඩායමට කැඳවා තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම:

Sri Lanka Emerging playing XI – Sithara Hapuhinna (WK), Dunith Jayatunga, Yohan Liyanage, Hirantha Jayasingh, Sakuna Liyanage, Ranmith Jayasena, Dellon Peiris (C), Imthiyas Slaza, Sithum Disanayaka, Lakshan Gamage, Theesan Vithushan

Japan playing XI – Lachlan Lake, Vinay Iyer, Kendel Kadowaki Fleming ( C), Alex Patmore (WK), Sabaorish Ravichandran, Tsuyoshi Takada, Reo Sakurano, Samad Khan, Kohei Kubota, Muneeb Siddique, Kento Ota-Dobell

Sano ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ඩෙලෝන් පීරිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.15ට ආරම්භ වීමට නියමිතව තිබුණු නමුත්, ඊයේ (13) රාත්‍රියේ ඇදහැලුණු වර්ෂාව නිසාවෙන් ක්‍රීඩාංගණයේ තණතිල්ල ප්‍රදේශය තෙත ස්වභාවයක් ගැනීම නිසා තරගයේ ආරම්භය මිනිත්තු 45කින් පමණ ප්‍රමාද වුනා.

ප්‍රමාදයෙන් අනතුරුව ආරම්භ වුනු මේ තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස කඩුලු රකින පිතිකරු සිතර හපුහින්න සහ දුනිත් ජයතුංග පිටියට පිවිසි අතර නැවත වරක් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් හට එතරම්ම සාර්ථක මට්ටමේ මුල්පෙළ ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 4කුත් පන්දු 5ක් තුල ශ්‍රී ලංකා කඩුලු 3ක් ලකුණු 27කට දවා ගන්නට ජපන් ක්‍රීඩකයින් සමත් වුනා.

අසීරු මට්ටමක තිබුණු ලකුණු සටහන ගොඩනැංවීම සඳහා අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් කිරීමට අංක 5 පිතිකරු ලෙස ක්‍රීඩා කළ සකුණ ලියනගේ සමත් වුනා. ඒ පන්දු 19ක් තුල ලකුණු 31ක් ලබාගෙනයි. 4 පහර 5කින් සහ එක් 6 පහරකින් වර්ණවත් වුනු සකුණගේ ඉනිම අවසන් වී මොහොතකට පසුව ශ්‍රී ලංකා ලකුණු සටහන 73/6ක් ලෙස සටහන් වුනා.

අනතුරුව රන්මිත් ජයසේන ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් 4 පහර 4ක් සහ 6 පහරක් සමඟ පන්දු 27ක් තුල ලකුණු 39ක් ලබාගෙන ඉමිතියාස් ස්ලාසා සමඟ එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 30ක සබඳතාවයක් ගොඩනැංවූවා.

අවසන් පන්දු 51 තුල ශ්‍රී ලංකා කඩුලු 4ක් දැවී වුවත් ලකුණු 58ක් ලබා ගන්නට පසුපෙළ පිතිකරුවන් සමත් වුනේ ජයසේන වටා එක්රොක් වෙමිනි. අවසානයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 19කුත් පන්දු 5ක් තුල සියල්ලන්ම දැවී ලකුණු 131ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Kohei Kubota ලකුණු 23කට කඩුලු 3ක් බිඳ දැමුවා.

පිළිතුරු ජපන් ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 2කට දැවී ගොස් තිබූ අවස්ථාවේ නායක Kendel Kadowaki Fleming සහ Alex Patmore එක්ව ලකුණු 46ක සබඳතාවයක් ගොඩනංවමින් ජපන් ලකුණු සටහන ඉතාමත් හොඳ රිද්මයකින් ඉදිරියට රැගෙන ආවා.

ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් ක්‍රීඩා කළ Fleming ගොඩනැංවූ ඉනිම අවසන් කරමින් සිය කඩුලු දඩයම ආරම්භ කළ වමතින් දඟපන්දු යවන තීසාන් විතුශාන් 4 පහර 5ක් සහ 6 පහරක් සමඟ පන්දු 28ක දී ලකුණු 33ක් ලබාගෙන සිටි Fleming දවා ගත්තා. Patmore ලකුණු 18යි.

Flemingගේ කඩුල්ල දවා ගැනීම හැරෙන්නට අනෙක් කඩුලු එතරම්ම අභියෝගයකින් තොරව දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ජපන් අවසන් කඩුලු 7 පන්දු 59ක් තුල දවා ගත්තේ ලකුණු 38ක් තුල වීම කැපී පෙනුණා.

එහි දී විතුශාන් දවා ගත් කඩුලු 3 දස්කමට අමතරව නායක ඩෙලෝන් පීරිස්, සිතුම් දිසානායක සහ ලක්ෂාන් ගමගේ කඩුලු දෙක බැගින් දවා ගනිමින් පන්දුවාර 18කුත් පන්දු 4ක් තුල ජපන් ඉනිම ලකුණු 86කට සීමා කළා.

Result


Japan
86/10 (18.4)

Sri Lanka Emerging Team
131/10 (19.5)

Batsmen R B 4s 6s SR
Sithara Hapuhinna run out () 5 4 1 0 125.00
Dunith Jayatunga c Kendel Kadowaki Fleming b Muneeb Siddique 10 12 1 0 83.33
Yohan Liyanage b Kento Ota-Dobell 5 8 1 0 62.50
Hirantha Jayasinghe b Kohei Kubota 11 11 1 0 100.00
Sakuna Liyanage run out () 31 19 5 1 163.16
Ranmith Jayasena c Alex Patmore b Kohei Kubota 39 27 4 1 144.44
Dellon Peiris c Kendel Kadowaki Fleming b Sabaorish Ravichandran 1 2 0 0 50.00
Imthiyas Slaza c & b Kohei Kubota 10 12 0 0 83.33
Lakshan Gamage run out () 3 4 0 0 75.00
Sithum Disanayaka c Sabaorish Ravichandran b Muneeb Siddique 13 16 0 1 81.25
Theesan Vithusan not out 1 4 0 0 25.00


Extras 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0)
Total 131/10 (19.5 Overs, RR: 6.61)
Fall of Wickets 1-7 (1.1) Sithara Hapuhinna, 2-19 (3.3) Dunith Jayatunga, 3-27 (4.5) Yohan Liyanage, 4-49 (7.2) Hirantha Jayasinghe, 5-70 (10.1) Sakuna Liyanage, 6-73 (10.5) Ranmith Jayasena, 7-103 (14.4) Dellon Peiris, 8-107 (15.3) Imthiyas Slaza, 9-123 (18.3) Lakshan Gamage, 10-131 (19.5) Sithum Disanayaka,

Bowling O M R W Econ
Reo Sakurano 4 0 15 0 3.75
Kohei Kubota 4 0 23 3 5.75
Kento Ota-Dobell 2 0 16 1 8.00
Muneeb Siddique 3.5 0 28 2 8.00
Samad Khan 2 0 24 0 12.00
Sabaorish Ravichandran 4 0 24 1 6.00


Batsmen R B 4s 6s SR
Lachlan Lake c Imthiyas Slaza b Dellon Peiris 2 6 0 0 33.33
Vinay Iyer b Sithum Disanayaka 0 4 0 0 0.00
Kendel Kadowaki Fleming st Sithara Hapuhinna b Theesan Vithusan 33 28 5 1 117.86
Alex Patmore b Lakshan Gamage 18 26 2 0 69.23
Sabaorish Ravichandran c Sakuna Liyanage b Theesan Vithusan 3 8 0 0 37.50
Tsuyoshi Takada c Sithara Hapuhinna b Theesan Vithusan 9 19 0 1 47.37
Reo Sakurano not out 3 6 0 0 50.00
Muneeb Siddique b Lakshan Gamage 0 1 0 0 0.00
Samad Khan run out () 2 4 0 0 50.00
Kohei Kubota c Lakshan Gamage b Sithum Disanayaka 3 6 0 0 50.00
Kento Ota-Dobell st Sithara Hapuhinna b Dellon Peiris 2 4 0 0 50.00


Extras 11 (b 1 , lb 6 , nb 0, w 4, pen 0)
Total 86/10 (18.4 Overs, RR: 4.61)
Fall of Wickets 1-2 (0.6) Lachlan Lake, 2-2 (1.4) Vinay Iyer, 3-48 (8.4) Kendel Kadowaki Fleming, 4-52 (10.2) Alex Patmore, 5-74 (14.5) Sabaorish Ravichandran, 6-75 (15.2) Tsuyoshi Takada, 7-75 (15.3) Muneeb Siddique, 8-77 (16.1) Samad Khan, 9-82 (17.5) Kohei Kubota, 10-86 (18.4) Kento Ota-Dobell,

Bowling O M R W Econ
Dellon Peiris 3.4 0 19 2 5.59
Sithum Disanayaka 3 1 8 2 2.67
Lakshan Gamage 4 0 16 2 4.00
Imthiyas Slaza 4 1 18 0 4.50
Theesan Vithusan 4 0 18 3 4.50



තරගාවලියේ පස්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (15) මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර එහි සජීව තරග විකාශය ද ජපන් ක්‍රිකට් ආයතනය හරහා ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<