පුහුණු දැනුම ඉහළ නංවන්න අධ්‍යාපන අංශයෙන් පාඨමාලාවක්

155
Sri Lanka Cricket launches

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය විසින් හඳුන්වා දී තිබෙන ‘පුහුණුකරණ අධ්‍යාපන යෙදුම’ හෙවත් ‘Digital App’ හරහා පුහුණුකරුවන්ගේ දැනුම වැඩි කර ගැනීම වෙනුවෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු පුහුණුකරණ පාඨමාලාවක් එළිදැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන ඒකකය පියවර ගෙන තිබේ.

පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය යටතේ සිටින පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට සහාය වීම සඳහා භාවිතා කරනු ලබන ඩිජිටල් උපාය මාර්ගයන්හි ප්‍රධාන අංගයක් ලෙස මෙම ඉහළ ප්‍රමිතියෙන් යුතු පුහුණුකරණ පාඨමාලාව  හැඳින්විය හැක.

‘පුහුණුකරණ අධ්‍යාපන යෙදුම’ට (Digital App) ප්‍රවිෂ්ට වීම හරහා එහි අන්තර්ගත කොට ඇති පුහුණු කිරීම් සම්බන්ධ තොරතුරු සහ උසස් තත්ත්වයෙන් යුතු වීඩියෝ පට භාවිතා කොට පුහුණුකරණය පිළිබඳ වැඩිදුරට දැනුමක් ලබා ගැනීමේ අවස්ථාව පුහුණුකරුවන්ට හිමිවනු ඇත.

ඉහළ දක්ෂතා කේන්ද්‍රයේ පුහුණුකරුවන් විසින් ඉදිරිපත් කොට තිබෙන වීඩියෝ පටවලට අමතරව මානසික කුසලතා වැඩි දියුණු කිරීම, ක්‍රීඩාව පිළිබඳ හැඟීම පුබුදු කිරීම, ක්‍රීඩක කේන්ද්‍රීය පුහුණුව සහ නිපුණතා සංවර්ධනය සම්බන්ධ වූ වීඩියෝ වීඩියෝ පුස්තකාලයෙහි අන්තර්ගත කොට තිබේ. එම තොරතුරුවලට අමතරව අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන අධ්‍යාපන වැඩසටහන් සියල්ල ද උසස් තත්ත්වයෙන් යුතුව නැවත ප්‍රතිසංස්කරණය කොට අන්තර්ගත කිරීමට ද පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය දැනුම් දී සිටියි.

තවත් ක්‍රිකට් පුවත්:

පුහුණුකරුවන් බොහෝ විට සිය නිවසින් බැහැරව සිටින අය බැවින්, ඔවුන්ට මෙම අධ්‍යාපන යෙදුම තම ඩේස්ක්ටොප්, ටැබ් සහ ජංගම උපාංග හරහා ද භාවිත කළ හැකි අයුරින් සකස් කර තිබේ. නිපුණතා සම්බන්ධ වීඩියෝ පට සහ පුහුණු සම්පත් ඇතුළත් පුහුණුකරණය සඳහා අවශ්‍ය දැනුම වැඩි කර ගැනීම වෙනුවෙන් වූ නව අන්තර්ගතයන් සෑම මාසයක් පාසාම මුදා හැරීමට පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය කටයුතු යොදා තිබේ. 

මේ පිළිබඳව කරුණු පැහැදිළි කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශ ප්‍රධානී හේෂාන් ද මෙල් මහතා, “ක්‍රිකට් ආයතනය යටතේ සේවය කරන පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට සහාය වීම සඳහා ක්‍රමෝපායන් සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙසින් නිර්මාණය කර තිබෙන මෙම අධ්‍යාපන යෙදුම දියත් කිරීමට ලැබීම සතුටට කරුණක්. මෙම නව මෙවලමට පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව පවතින අතර පුහුණුකරුවන්ට ඔවුන්ට අවශ්‍ය තොරතුර හෝ වීඩියෝ පටය ඕනෑම ස්ථානයක සිට භාවිතා කිරීමේ අවස්ථාව හිමිවෙනවා. ඉදිරි මාස කීපය තුළ අපි මෙම අන්තර්ජාල පුහුණු පුස්තකාලය පූර්ණ පරාසයක වූ පුහුණුකරණය සම්බන්ධ වූ තොරතුරු ආවරණය වන පරිදි මෘදුකාංගයක් ලබා දීමට හැකි වීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන අංශය හැටියට සතුටට පත් වෙනවා” යැයි යනුවෙනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<