Signature ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳ ගනී

64

ශ්‍රී ලංකාවේ ඉහළ ප්‍රසාදයක් දිනා ඇති ඇඟලුම් සන්නාමයක් වන Signature 2024 සිට 2027 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇඟලුම් සහකරු (Formal සහ Casual) ලෙස ගිවිසුම් ගත වී තිබෙනවා. 

මෙම හවුල්කාරීත්වය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC), ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් ඉදිරියේ දී සංවිධානය කිරීමට නියමිත ඉසව් ඇතුළු ඉදිරි ක්‍රිකට් තරගාවලිවල දී ශ්‍රී ලංකා ක්‍රිකට් (කාන්තා සහ පිරිමි) කණ්ඩායමේ ඇඳුම් සහකරු ලෙස Signature කටයුතු කරනු ඇති. 

1996 වසරේ දී සහ 2014 වසරේ දී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් ලෙස කිරුළු දරනා අවස්ථාවල පවා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ හවුල්කාරීත්වය පවත්වා ගෙන ගිය Signature 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් සහකරු ලෙස ද කටයුතු කළා. 

මෙම හවුල්කාරීත්වය පිළිබඳ නිල වශයෙන් නිවේදනය කිරීම විශේෂ උත්සවයක දී සිදු කෙරුණු අතර, එහි දී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් ද හුවමාරු වුනා. එමෙන්ම Signature නවතම ඇඳුම් එකතුවක් ද මෙහි දී එළිදැක්වීමට කටයුතු කිරීම විශේෂත්වයක්. 

දේශීය ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<