තවත් යොවුන් ක්‍රීඩිකාවගෙන් සුපිරි ඉනිමක්

248
Nethmi Purna

සිංගර් කුසලාන පාසල් ක්‍රිකට් තරගාවලියේ කාන්තා තරගයකට සහභාගි වූ වාද්දූව මධ්‍ය විද්‍යාල ක්‍රීඩිකා නෙත්මි පූර්ණා අගනා ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 197ක් රැස් කිරීමට සමත් වුනා.

පළමු කාණ්ඩයේ තරගයක් ලෙස ඔක්කම්පිටිය විජයබාහු විද්‍යාලය සමඟින් පැවති පන්දුවාර 25ක තරගයක දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නෙත්මි පන්දු 86ක් තුළ දී එම ලකුණු 197 ලබා ගැනීමට සමත්ව තිබුණා.

වාද්දූව මධ්‍ය විද්‍යාලය නියෝජනය කරමින් දක්වන තුන් ඉරියව් දස්කම් නිසාවෙන් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩිකාවක වූ ඇය තවමත් පහළොස්වැනි වියෙහි පසුවීම ද කැපී පෙනුණා.

තවත් ක්‍රිකට් පුවත්:  

ඉතාමත් ළාබාල වියේ දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සමඟ ගැටෙමින් ඉහළ දස්කම් දැක්වීමට සමත් වන නෙත්මි පූර්ණා වැනි ක්‍රීඩිකාවන් නිවැරදිව කළමනාකරණය කිරීමට හැකි වූවහොත් මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ ආයෝජනයක් වනු ඇත.

කාන්තා ක්‍රීඩා පිටියේ ඉහළටම පැමිණ මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලක්මවට කීර්තියක් ගෙන ඒමට නෙත්මි පූර්ණාට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි අප සුබ පතනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<