එංගලන්ත තරග සංචාරය තුල සෙල්ෆි හා සමරු සටහන් තහනම් වෙයි

106

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය එළඹෙන මාර්තු මස 19 වැනිදා ආරම්භ වීමට නියමිතය. කෙසේ වෙතත් මෙම තරගාවලිය පිළිබඳව පූර්ව සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් අනුගමනය කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබිණි. 

ඒ අනුව මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලට ගනිමින් තම ක්‍රීඩකයන් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීම හා ප්‍රසිද්ධ අන්තර් ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. 

ඉර්ෆාන් පතාන් ඉන්දීය ලෙජන්ඩ්ස් ජයග්‍රහණයට ගෙන යයි

“Road Safety World Series” පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්…

මේ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත නායක ජෝ රූට් පවසා සිටියේ තම ක්‍රීඩකයන් ක්‍රීඩාලෝලීන් සමඟින් කටයුතු කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවයි. ඒ අනුව ඔවුන් සමරු සටහන් ලබා දීම, සෙල්ෆි ඡායාරූප ගැනීම වැනි කටයුතුවලින් ද වැළකී සිටිනු ඇත. 

මේ අතර ක්‍රීඩකයන්ට හා එංගලන්ත ක්‍රිකට් නිලධාරීන්ට තම කණ්ඩායමේ අය සමඟින් හෝ පිටස්තර පුද්ගලයන් සමඟින් අතට අත දීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් ලැබී ඇති අතර ඔවුන් Fist Bump මඟින් ආචාර කිරීමට නියමිතය. ඒ අනුව ප්‍රතිවාදී ක්‍රීඩකයන් සමඟින් ද අතට අත දීමෙන් එංගලන්ත කණ්ඩායම වැළකී සිටිනු ඇත. 

“මේ දිනවල පැතිර යන කොරෝනා වයිරස් තත්වය නිසා හා එහි වර්තමාන තත්ත්වය නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා එක්ව සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කරුණාවෙන් ඉල්ලා සිටිනවා සියලුම නිලධාරීන්ගෙන් හා ක්‍රීඩාලෝලීන්ගෙන් මේ තරග සංචාරය සාර්ථක කරගැනීමට අපිට උපරිම සහයෝගය ලබා දෙන්න කියලා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හා NHS සංවිධානයේ නිර්දේශ අනුව මේ තරගාවලිය තුල උපරිම සනීපාරක්ෂක ක්‍රියාමාර්ග ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ මඟින් මේ රෝගය වැළදීම හෝ පැතිරී යාම වළක්වා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ” 

එංගලන්ත ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව, ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීම සහ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා, කණ්ඩායම පූර්වාරක්ෂාවන් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති අතර, සාමාන්‍ය ක්‍රියාකාරකම් ගණනාවක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.” 

“එහි ප්‍රතිඵලයක් ලෙස එංගලන්ත කණ්ඩායම සිය ක්‍රීඩකයින් සහ කළමනාකරණ නිලධාරීන් සඳහා මහජන සම්බන්ධතා සීමා කිරීමෙන් සෞඛ්‍යයේ අවදානම අවම කිරීම සඳහා ධනාත්මක පියවර ගනිමින් සිටිනවා.” 

WADA කුසල්ට වන්දි ගෙවයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා හට ඇමරිකානු ඩොලර් ලක්…

සෙල්ෆි ඡායාරූප සහ සමරු සටහන් තහනම් කිරීම සම්බන්ධයෙන් ද එංගලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් සිදු කර තිබිණි. 

“මෙය සමහර ක්‍රීඩාලෝලීන්ට බලාපොරොත්තු සුන්වීමක් වනු ඇති බව අප පිළිගන්නවා. නමුත් මෙය එංගලන්ත ටෙස්ට් සංචිතයේ අඛණ්ඩ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා වන පියවරක් බව අපි කියා සිටිනවා. ඒ වගේම මේ තත්ත්වයන් කිසිලෙසකත් සැහැල්ලුවෙන් සලකන්න අපි සූදානම් නෑ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<