ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අලුත් තේරීම් කමිටුවක්

711
Sri Lanka Cricket announces

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත නව තේරීම් කමිටුවක් තෝරාපත් කර බව අද (08) නිවේදනය කළා. ඔවුන්ගේ පත්වීම් සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙනු ඇත.

මෙම නව කමිටුව සඳහා ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ද අනුමැතිය හිමිව ඇති අතර ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කරයි.

නව තේරීම් කමිටු සාමාජිකයින්:

  1. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ – සභාපති
  2. රොමේෂ් කළුවිතාරණ – සාමාජික
  3. හේමන්ත වික්‍රමසිංහ – සාමාජික
  4. වරුණ වරාගොඩ – සාමාජික
  5. එස්. එච්. යූ. කාර්නන් – සාමාජික
  6. බී. ඒ. තිලකා නිල්මිණි ගුණරත්න – සාමාජික 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<