කළුතර ප්‍රිමියර් ලීගය එහි අවසන් කඩඉමට

222

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘කළුතර ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ශූරතාවයේ අවසන් පූර්ව තරග අද (09) පානදුර නගර සභා ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

දිස්ත්‍රික්කය තුළ වූ කණ්ඩායම් 20ක් තරග වැදි මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගවල දී පානදුර ක්‍රීඩා සමාජය සහ සමර්සෙට් ක්‍රීඩා සමාජය ද, මිල්ලනිය ශක්ති ක්‍රීඩා සමාජය සහ AM Sports ක්‍රීඩා සමාජය ද තරග වදිති.

තවත් ක්‍රිකට් පුවත්:

අවසන් මහා තරගය අප්‍රේල් මස 10 වැනිදා උදෑසන දී පැවැත්වෙනු ඇත. කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ප්‍රසන්න අමරසේකර මහතා ඇතුළු සංගම් නිලධාරීන් විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ ශූරතාව දිනා ගනු ලබන කණ්ඩායමට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් 50,000ක මුදලක් ද, අනුශූරතාව සඳහා රුපියල් 20,000ක මුදලක් ද පිරිනැමෙනු ඇත. 

මීට අමතරව අවසන් පූර්ව තරගවල දී පරාජයට පත්වන කණ්ඩායම් සඳහා ද මුදලින් ත්‍යාග ප්‍රදානය කිරීමට තරගාවලි සංවිධායකයෝ කටයුතු යොදා තිබීම කැපී පෙනෙති. එම ත්‍යාගවලට අමතරව දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, දක්ෂතම පන්දු රකින්නා සහ තරගාවලියේ වීරයා වෙනුවෙන් ද ත්‍යාග ලබා දීමට කටයුතු යොදා තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<