සිව්දින තරගාවලියට තරග කරන ශ්‍රී ලංකා A සංචිතය

දකුණු අප්‍රිකා A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1184

දකුණු අප්‍රිකා A ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයට ඇතුළත් සිව්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා A සංචිතය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

16 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස නිපුන් ධනංජය කටයුතු කරන අතර ඔහුට සහය වෙමින් කමිඳු මෙන්ඩිස් උප නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

වමත් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු තරගාවලියේ මූලික සංචිතය සඳහා ඇතුළත් කර තිබුණු නමුත් ආබාධයක් නිසාවෙන් ඔහුට සංචිතයේ ස්ථානයක් හිමි වී නැහැ. ඒ සමඟින් පුරප්පාඩු වන ස්ථානය සඳහා ලහිරු සමරකෝන් සංචිතය සඳහා ඇතුළත් කර තිබෙනවා.

වමත් දඟපන්දු වන ක්‍රීඩක ශෂික දුල්ෂාන් වෙනුවට ලසිත් ඇඹුල්දෙනිය දෙවැනි සිව්දින තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියේ පළමු සිව්දින තරගය ජුනි 12 වැනිදා සිට 15 වැනිදා දක්වා පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිත අතර 19 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත දෙවැනි තරගය පල්ලේකැලේ හෝ පී. සරා ඕවල් හිදී ක්‍රියාත්මක වනු ඇත.

  • ශ්‍රී ලංකා A සංචිතය: නිපුන් ධනංජය (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, පසිඳු සූරියබණ්ඩාර, ලහිරු උදාර (WK), ජනිත් ලියනගේ, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂිත රසාංජන, ඩිල්ෂාන් මධුශංක, මිලාන් රත්නායක, ප්‍රවීන් ජයවික්‍රම, ලහිරු සමරකෝන්, රමේෂ් මෙන්ඩිස්, මිනෝද් භානුක (WK), නුවනිදු ප්‍රනාන්දු, ශෂික දුල්ෂාන්

මෙම තරග සංචාරයේ පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට සංචාරකයින් සමත් වූ අතර එම නිසාවෙන් සිව්දින තරගාවලිය ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය උපරිමය ලබා දෙනු ඇති.

තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<