Home Sinhala නිශාන්, ඩිල්ශාන් සහ සහන් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

නිශාන්, ඩිල්ශාන් සහ සහන් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

10762

ශ්‍රී ලංකා A සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (6) සමත් වුනා.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මේ තරගාවලියේ තීරණාත්මක දෙවැනි තරගය තුල නිශාන් මදුෂ්ක ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූ අතර සහන් ආරච්චිගේ අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූවා.

එසේම පන්දු යැවීමේ දී ඩිල්ශාන් මදුසංක කඩුලු 4ක් දවාගෙන දකුණු අප්‍රිකානු ඉනිම සුන් කළා. ඒ අනුව 1-1ක් ලෙස තරගාවලිය සම කරන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

අද කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන් පන්දුවාර 43කුත් පන්දු 2ක් තුල සියල්ලන්ම දැවී ලකුණු 175ක් ලබා ගත්තා. වමතින් වේගපන්දු යවන මදුසංක සමඟ එක්වුණු ජනිත් ලියනගේ දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ මුල්පෙළ සුන් කරමින් ඔවුන්ගේ පළමු කඩුලු 7 ලකුණු 42ක් තුල දවා ගත්තා.

Photos – South Africa ‘A’ tour to Sri Lanka 2023 – 2nd Unofficial ODI

අනතුරුව Tristan Stubbs සහ Gerald Coetzee 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිමට ජීවයක් එක් කළා. සහන් ආරච්චිගේ පන්දුවක් හමුවේ ලකුණු 59ක් ලබාගෙන සිටි Stubbs දැවී යාමත් සමඟම එම තීරණාත්මක සබඳතාවය අවසන් වුනා.

4 පහර 6ක් සහ 6 පහර 2ක් සමඟ ලකුණු 77ක් ලබා ගත් Gerald Coetzee දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු අතර ඔහුගේ කඩුල්ල දවා ගත්තේ දුනිත් වෙල්ලාලගේ විසිනුයි. පන්දු යැවීමේ දී මදුසංක දවා ගත් කඩුලු 4ට අමතරව ජනිත් ලියනගේ සහ සහන් ආරච්චිගේ කඩුලු 2ක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා A කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක පළමු එක්දින තරගයේ දී ලකුණු 68කට දැවී ගියත් මේ තරගයේ දී ඔහු සිය ඉනිම අවසන් කළේ නොදැවී ශතකයක් ලබාගෙනයි.

පන්දු 85ක් තුල 4 පහර 13ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් නිශාන් ලකුණු 107* රැස්කළේ ශ්‍රී ලංකා ඉනිමේ කොඳුනාරටිය වෙමින්. ලසිත් කෘස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු සහ නායක නිපුන් ධනංජයගේ කඩුලු 3 ඉක්මනින්ම දැවී ගිය පසුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 104*ක සබඳතාවයක් එක් කරන්නට නිශාන් සහ සහන් සමත් වුනා. අවසානයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 29ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරාගත්තා.

දෙරට අතර පැවැත්වීමට නියමිත අවසන් තීරණාත්මක එක්දින තරගය අනිද්දා (8) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිතයි. එහි තොරතුරු ද ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.


Result


Sri Lanka A Team
178/3 (29)

South Africa A Team
175/10 (43.2)

Batsmen R B 4s 6s SR
Jordan Hermann lbw b Dilshan Madushanka 1 4 0 0 25.00
Matthew Breetzke b Dilshan Madushanka 14 26 2 0 53.85
Zubayr Hamza c Dunith Wellalage b Dilshan Madushanka 2 13 0 0 15.38
Kyle Verreynne c Nishan Madushka b Dilshan Madushanka 0 3 0 0 0.00
Tony de Zorzi c Nuwanidu Fernando b Sahan Arachchige 4 12 0 0 33.33
Tristan Stubbs st Nishan Madushka b Sahan Arachchige 59 88 1 3 67.05
Dewald Brevis b Janith Liyanage  2 5 0 0 40.00
Beyers Swanepoel b Pramod Madushan 7 11 1 0 63.64
Gerald Coetzee b Dunith Wellalage 77 89 6 2 86.52
Lizaad Williams c & b Sahan Arachchige 1 5 0 0 20.00
Tshepo Moreki not out 1 5 0 0 20.00


Extras 7 (b 0 , lb 3 , nb 1, w 3, pen 0)
Total 175/10 (43.2 Overs, RR: 4.04)
Fall of Wickets 1-3 (1.2) Jordan Hermann, 2-15 (5.3) Zubayr Hamza, 3-16 (5.6) Kyle Verreynne, 4-20 (9.2) Matthew Breetzke, 5-23 (10.1) Tony de Zorzi, 6-29 (12.4) Dewald Brevis, 7-42 (15.6) Beyers Swanepoel, 8-153 (38.5) Tristan Stubbs, 9-157 (40.2) Lizaad Williams, 10-175 (43.2) Gerald Coetzee,

Bowling O M R W Econ
Pramod Madushan 8 2 13 1 1.62
Dilshan Madushanka 9 1 33 4 3.67
Janith Liyanage  8 1 32 2 4.00
Dunith Wellalage 9.2 1 33 1 3.59
Lakshan Sandakan 6 0 43 0 7.17
Sahan Arachchige 3 0 18 2 6.00


Batsmen R B 4s 6s SR
Nishan Madushka not out 107 85 13 2 125.88
Lasith Croospulle b Lizaad Williams 4 6 0 0 66.67
Nuwanidu Fernando c Kyle Verreynne b Beyers Swanepoel 0 6 0 0 0.00
Nipun Dhananjaya c Beyers Swanepoel b Tshepo Moreki 8 22 1 0 36.36
Sahan Arachchige not out 50 55 6 0 90.91


Extras 9 (b 0 , lb 1 , nb 0, w 3, pen 5)
Total 178/3 (29 Overs, RR: 6.14)
Fall of Wickets 1-34 (3.1) Lasith Croospulle, 2-37 (4.3) Nuwanidu Fernando, 3-74 (12.1) Nipun Dhananjaya,

Bowling O M R W Econ
Beyers Swanepoel 5 0 29 1 5.80
Lizaad Williams 5 1 25 1 5.00
Tshepo Moreki 4 0 25 1 6.25
Dewald Brevis 9 0 49 0 5.44
Gerald Coetzee 5 0 34 0 6.80
Tony de Zorzi 1 0 10 0 10.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<