Home Sinhala වාර්තාගත ආරම්භක සබඳතාවයෙන් කොදෙව්වෝ තරගාවලිය ජය ගනිති

වාර්තාගත ආරම්භක සබඳතාවයෙන් කොදෙව්වෝ තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

162
(Mid Day)

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම 2-0ක් ලෙස ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (13) සමත් වුනා. 

ලකුණු 274ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 49 පන්දු හතරක් තුළ දී එම ඉලක්කයක් හඹා ගියේ කඩුලු පහක ජයක් වාර්තා කරමින්.

කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වවන් තරගයේ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා. ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් වන ඇන්ජලෝ මැතිව්ස් හා කමිඳු මෙන්ඩිස් වෙනුවට තිසර පෙරේරා හා ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබුණේ පිතිකරණ බල ඇණිය සවිමත් කිරීමේ අරමුණින්. 

පළමු එක්දින තරගයේ දී මෙන් නායක දිමුත් කරුණාරත්න හා දනුෂ්ක ගුණතිලක හට සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනගන්නට මේ තරගයේ දී කොදෙව්වන් ඉඩ තැබුවේ නැහැ. නායක දිමුත් කරුණාරත්න Alzarri Josephගේ පන්දුවක් හමුවේ එක් ලකුණකට දැවී ගිය අතර ඔහුගේම පන්දුවක් හමුවේ යොවුන් පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 10කට දැවී ගියා. ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 50ක් බවට දිස්වෙද්දී මෙවර තරගාවලියේ සිය පළමු තරගය ක්‍රීඩා කළ ඕෂද ප්‍රනාන්දු ද ලකුණු දෙකකට දැවී ගියා.

පත්ව තිබුණු අවදානමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගලවා ගත් දනුෂ්ක ගුණතිලක හා දිනේෂ් චන්දිමාල් අගනා ලකුණු 100ක සබඳතාවයක් ගොඩ නැගුවා. කොදෙව් පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් දනුෂ්ක ගුණතිලක මේ තරගයේ දී ද පිටිය පුරා ලකුණු රැස් කළ අතර හතරේ පහර 10ක් හා හයේ පහර තුනක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුනා. ශතකයක් පෙනී පෙනී ගුණතිලක ලකුණු 96කට අවාසනාවන්ත ලෙස දැවී ගියේ Jason Mohammedගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන්.

දිනේෂ් චන්දිමාල් පන්දු 98ක දී ලකුණු 71ක් රැස් කරගත් අතර හයේ හතර පහරවලින් පිටිය වර්ණවත් කළ වනිඳු හසරංග හයේ පහර හතරක් හා හතරේ පහර දෙකක් සමඟින් පන්දු 31ක දී ලකුණු 47ක් රැස් කරගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 273ක් දක්වා ඔසවා තබමිනුයි.

තවත් ක්‍රිකට් පුවත්:

ලකුණු 274ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසුණු Evin Lewis හා Shai Hope නැවත වතාවක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වුනේ වාර්තාගත ලකුණු 192ක ආරම්භක සබඳතාවයක් ගොඩ නගමිනුයි. ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ Evin Lewis හයේ පහර 4ක් හා හතරේ පහර 8ක් සමඟින් පන්දු 121ක දී ලකුණු 103ක් වාර්තා කළා. ඔහුට අනගි සහයක් ලබා දෙමින් Hope ලකුණු 84ක් වාර්තා කළේ හතරේ පහර හයක් ද සමඟිනුයි.

ලකුණු 194ක් වන විට ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ Evin Lewis ද, තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ Shai Hope ද දැවී ගොස් තිබුණු අතර කඩුල්ලේ රැඳී සිටියේ Nicholas Pooran හා Darren Bravo ය. තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ Bravo ලකුණු 10කට ක්‍රීඩාගාරයට හැරී යද්දී කොදෙව් නායක Kieron Pollard හා Fabian Allen ක්‍රීඩාගාරයට හරවා යවන්නට නුවන් ප්‍රදීප් සමත් වුනා.      

කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාර තුන තුළ දී ලකුණු 31ක් අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට සිත් සේ පහර දුන් Nicholas Pooran ලකුණු 274ක ඉලක්කය පන්දුවාර 49යි පන්දු 4ක දී සම්පුර්ණ කළා. Nicholas Pooran ලකුණු 35ක් රැස් කළේ හතරේ පහර හතරක් ද සමඟිනුයි. තරගයේ වීරයා Evin Lewis.

තරගාවලියේ තුන්වැනි හා අවසන් එක්දින තරගය එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

Result


Sri Lanka
273/8 (50)

West Indies
274/5 (49.4)

Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka b Jason Mohammed 96 96 10 6 100.00
Dimuth Karunarathne b Alzarri Joseph 1 3 0 0 33.33
Pathum Nissanka b Alzarri Joseph 10 13 1 0 76.92
Oshada Fernando c Jason Holder b Akeal Hosein 2 3 0 0 66.67
Dinesh Chandimal c Fabian Allen b Jason Mohammed 71 98 3 2 72.45
Ashen Bandara c Romario Shepherd b Jason Mohammed 18 28 1 0 64.29
Thisara Perera run out () 19 25 2 0 76.00
Wanindu Hasaranga c Alzarri Joseph b Jason Holder 47 31 2 4 151.61
Lakshan Sandakan not out 2 2 0 0 100.00
Dushmantha Chameera not out 1 1 0 0 100.00


Extras 6 (b 0 , lb 1 , nb 0, w 5, pen 0)
Total 273/8 (50 Overs, RR: 5.46)
Fall of Wickets 1-7 (2.2) Dimuth Karunarathne, 2-32 (6.5) Pathum Nissanka, 3-50 (8.4) Oshada Fernando, 4-150 (29.2) Danushka Gunathilaka, 5-186 (37.4) Ashen Bandara, 6-204 (41.5) Dinesh Chandimal, 7-268 (49.1) Wanindu Hasaranga, 8-271 (49.4) Thisara Perera,

Bowling O M R W Econ
Alzarri Joseph 10 1 42 2 4.20
Jason Holder 9 0 66 1 7.33
Akeal Hosein 4 0 20 1 5.00
Romario Shepherd 3 0 37 0 12.33
Fabian Allen 10 0 43 0 4.30
Kieron Pollard 4 0 17 0 4.25
Jason Mohammed 10 0 47 3 4.70


Batsmen R B 4s 6s SR
Evin Lewis st Dinesh Chandimal b Lakshan Sandakan 103 121 8 4 85.12
Shai Hope c Nuwan Pradeep b Thisara Perera 84 108 6 0 77.78
Nicholas Pooran not out 35 38 4 0 92.11
Darren Bravo, c Ashen Bandara b Thisara Perera 10 10 0 1 100.00
Kieron Pollard lbw b Nuwan Pradeep 15 11 1 1 136.36
Fabian Allen c Ashen Bandara b Nuwan Pradeep 15 7 1 1 214.29
Jason Holder not out 2 4 0 0 50.00


Extras 10 (b 1 , lb 5 , nb 1, w 3, pen 0)
Total 274/5 (49.4 Overs, RR: 5.52)
Fall of Wickets 1-192 (37.2) Evin Lewis, 2-194 (38.5) Shai Hope, 3-212 (41.6) Darren Bravo,, 4-233 (45.5) Kieron Pollard, 5-249 (47.2) Fabian Allen,

Bowling O M R W Econ
Nuwan Pradeep 9.4 0 66 2 7.02
Dushmantha Chameera 10 0 56 0 5.60
Thisara Perera 7 0 45 2 6.43
Danushka Gunathilaka 3 0 17 0 5.67
Wanindu Hasaranga 10 0 48 0 4.80
Lakshan Sandakan 10 1 36 1 3.60



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<