පාකිස්තාන ක්‍රීඩකයෝ කොන්ත්‍රාත්තුවලට එකඟ වෙයි

323

දින කිහිපයක බාධා කිරීම්වලින් පසුව, පාකිස්තාන ක්‍රිකට් නායක බාබර් අසාම්, ෂහීන් අෆ්‍රිඩි සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් ගෙන ආ මධ්‍යම ගිවිසුම් අත්සන් කිරීමට එකඟත්වය පල කර තිබෙනවා.

කෙසේ නමුත් එසේ ඔවුන් එකඟ වී ඇත්තේ ගිවිසුමේ වගන්තිවල වෙනස්කම් කිහිපයක් සාර්ථකව සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

කණ්ඩායම ගිවිසුම අත්සන් කරනු ලැබුවේ එය ලැබී සතියකට පමණ පසු ඔවුන් නෙදර්ලන්ත තරඟ සංචාර සඳහා පිටත් වන දිනයේ, තරග සංචාරයට පෙර, පකිස්තානු ක්‍රිකට් මණ්ඩලය විසින්, ගිවිසුම් නැවත අධීක්ෂණය කර ඔවුන්ට ලබා දීමෙන් අනතුරුවය.

කෙසේ වෙතත්, ESPNcricinfo වාර්තා කරන පරිදි, ක්‍රීඩකයින් ගිවිසුම් අත්සන් කර ඇත්තේ සැප්තැම්බර් දෙවැනි සතියේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව, නැවත පැමිණ ගිවිසුමේ ඔවුන් නොසතුටට පත් වගන්ති කිහිපයක් නැවත සලකා බලන කොන්දේසිය මතය.

2022-23 කාලසීමාව තුල ප්‍රථම වතාවට සීමිත පන්දුවාර සහ ටෙස්ට් පන්දු යවන්නන් අතර බෙදී යන පරිදි පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් මධ්‍යම ගිවිසුම් 33ක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ගිවිසුම් සම්මතයන්ට අනුව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ක්‍රීඩකයන්ගේ සංචාරයට පෙර ගිවිසුම් පිටපත් ඔවුන්ට ලබා දෙන ලදි. නමුත් ඇතැම් ක්‍රීඩකයින් ගිවිසුම් ඉක්මනින් අත්සන් නොකර ඒ වෙනුවට ඔවුන්, ඔවුන්ගේ උපදේශකවරුන් හා නීතිඥවරුන්ගේ සහය සොයමින් කල් මරමින් සිටියා. මින් පෙර නම් ක්‍රීඩකයෝ ගිවිසුම් ලබා දුන් ඉක්මනින්ම ඒවා අත්සන් කර නැවත ලබා දෙන ලදි.

පහළ කාණ්ඩවල ක්‍රීඩකයින් 12 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ගිවිසුම් ඉක්මනින් අත්සන් කළ නමුත් ඉහළ කාණ්ඩයේ ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් (බාබර්, අෆ්‍රිඩි, සහ රිස්වාන්) හරස් කොන්දේසි ඉදිරිපත් කළ යුතුයි යන මතයේ සිටියා.

කෙසේ නමුත් එම කණ්ඩායමට ෂාදබ් කාන්, ෆක්හර් සමාන්, හසන් අලී ද ඇතුළත් වූ අතර ඔවුන්ට ද ගිවිසුම අධ්‍යනය කර පිළිතුරක් ලබා දීමට අමතර කාලය අවශ්‍ය වුනා.

මෙම ක්‍රීඩකයෝ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් ඒකපාර්ශ්විකව නිර්මාණය කරන ලද ගිවිසුම් වගන්ති කිහිපයකටම විරුද්ධත්වය පල කර තිබුණා.

ක්‍රීඩකයින් විසින් සැලකිය යුතු වගන්ති ප්‍රමාණයක් සඳහා ඔවුන් එකඟ නොවන බව දන්වා සිටියා. එම එකඟ නොවීම් කුඩා පරාසවල සිට විශාල වැදගත්කමක් සහිත ඒවා වුනා.

උදාහරණ වශයෙන් මෙම එකඟ නොවීම්වලට විදේශීය තරගාවලිවලට සම්බන්ධ වීමේ දී ක්‍රියාත්මක වන NOC ක්‍රියාවලි සම්බන්ධ ගැටලු, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විවිධ අවස්ථාවල ගන්නා පින්තූරවල අයිතිය පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීම සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විවිධ අවස්ථාවල සහභාගීත්වය මත ලැබෙන මුදල්වල කොටස්  සහ තනි පුද්ගල ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳ වගන්ති ඒවාට ඇතුළත් වුනා.

මෙම තත්වය හමුවේ අන්තර් ක්‍රීඩක සාකච්ඡා මෙන්ම ක්‍රීඩකයන් සහ ක්‍රිකට් මණ්ඩලය අතර සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුණා. පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා සභාපති, සකීර් ඛාන් මුල දී මෙම සාකච්ඡා වට මෙහෙය වූ නමුත් හයිසාල් හස්නයින් වෙත ඔහු දැක්වූ දැඩි ප්‍රතිචාරය හමුවේ මණ්ඩලයේ විධායක කමිටුව සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරි සල්මන් නසීර් විසින් මෙම සාකච්ඡාවල මුලසුන හෙඹවූවා.

අවසානයේ දී බොහොමයක් ප්‍රශ්නවලට පොදු කාරණාව තේරුම් ගත් නමුත්, විදෙස් තරගවලට විරෝධය නොදැක්විය හැකි සහතිකය (NOC)  පිළිබඳව ගැටලු සහ ICC සම්බන්ධ ගැටලු ආසියානු කුසලාන තරගාවලියෙන් පසු නැවත සලකා බැලෙනු ඇති.

මින් පෙර පකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ගිවිසුම් නිර්මාණය අතරතුර ක්‍රීඩකයන් සමඟ වෘත්තීමය සාකච්ඡා පවත්වා නොමැති අතර, ක්‍රීඩකයන් ද ගිවිසුම්වල එන කිසිම කරුණක් සම්බන්ධව වාදයට ගොස් නැත. උපරිම වශයෙන් ඔවුන් වාද කර ඇත්තේ සතුටුදායක වාර්ෂික ආදායම් සම්බන්ධ ගිවිසුම්වල දී පමණි.

බ්‍රහස්පතින්දා (11) අවසන් වන තුරුත්, පාකිස්තාන කණ්ඩායම පිටත්ව යාමට සූදානම්ව සිටිය දී, අනෙක් අය අතරින්, නායකයා ඇතුළුව ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ගිවිසුම් අත්සන් නොකරම පිටව යාමේ ඉහළ සම්භාවිතාවක් පැවතුණා.

මෙම කිසිම සාකච්ඡා වටයක දී මාසික රඳවන මුදල (Monthly retainer) හෝ තරග ගාස්තු (Match Fees) විවාදයට නොගැනීම විශේෂ කරුණක්. සියලුම ක්‍රීඩකයන් තරගාවලි ගාස්තු වශයෙන් පහත දැක්වෙන මුදල් ප්‍රමාණයන් ලබා ගනු ඇති.

  • ටෙස්ට් තරඟයක් සඳහා පාකිස්තානු රුපියල් 838,530 (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 3800ක්)
  • එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා පාකිස්තානු රුපියල් 515,696 (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 2300)
  • T20 තරගයක් සඳහා පාකිස්තානු රුපියල් 372,075 (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 1700).

ඉහළ පෙළේ ටෙස්ට් ක්‍රීඩකයෙක් සඳහා රඳවා තබා ගැනීමේ ගිවිසුම් ගාස්තුව මසකට පාකිස්තානු රුපියල් 1,050,000 (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 4700)ක්. එසේම ජාත්‍යන්තර එක්දින ක්‍රීඩකයෙකුගේ එම ගාස්තුව පාකිස්තානු රුපියල් 950,000 (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 4300)කි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<