SSC කණ්ඩායමට කඩුලු 10ක ජයක්

15
Inter Club U23 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට SSC ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඔවුන් මෙම ජයග්‍රහණය වාර්තා කරන්නේ Police SC කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගයේ දී SSC කණ්ඩායම වෙනුවෙන් මල්ෂ ප්‍රනාන්දු ලකුණු 106කට කඩුලු 10ක් දවා ගනිමින් තරගයේ ඉහළ ම දක්ෂතා දක්වද්දී දුනිත් වෙල්ලාලගේ ද ලකුණු 79කට කඩුලු 9ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඔවුන්ට අමතර ව දිනයේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් අතර CCC කණ්ඩායමේ සනුල් වීරරත්න Galle CC කණ්ඩායමට එරෙහි ව පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 99කට දැවී යෑම කැපී පෙණුනා.

ඊට අමතර ව BRC කණ්ඩායමේ පවන් සංදේශ් (54), Tamil Union C & AC කණ්ඩායමේ විහස් තෙව්මික (නොදැවී 96) Ace Capital CC කණ්ඩායමේ වනුජ සහන් (89) සහ සුපුන් වඩුගේ (නොදැවී 76), SSC කණ්ඩායමේ රවිත් ජයසූරිය (62) සහ නෙත්සර යස්මිත (71) ද සහ Police SC කණ්ඩායමේ ධනුජ ඉඳුවර (81) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යවන්නන් අතුරින් Nugegoda S & WC කණ්ඩායමේ සඳුන් මෙන්ඩිස් (5/62) කැපී පෙණෙන පන්දු යැවීම ක නිරත වූවා.

>>Kandy Customs ලකුණු 33කට දැවී යයි<<

Baduraliya CC සහ Bloomfield C & AC අතර තරගය, කොළඹ SLLDC ක්‍රීඩාංගණයේ දී.

Baduraliya CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 125 (55.0) නිකිල් ජයවීර 39, මානස මදුභාෂණ නොදැවී 22, හංසමාන ද සිල්වා 2/26, තරිඳු නිර්මාල් 3/45

Tamil Union C & AC සහ Moors SC අතර තරගය, කොළඹ P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (76.0) විහස් තෙව්මික නොදැවී 96, මෙවන් දිසානායක 22, තේමිය ගුණරත්න 23, දිනිත් කුමාරසිංහ 2/21, ඉඳුවර උදේන 3/52, සඳරු මල්ශාන් 2/54

 

Moors SC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 20 (7.0)

 

Moors කණ්ඩායම ලකුණු 186ක් පිටුපසින්.

CCC සහ Galle CC අතර තරගය, කොළඹ CCC  ක්‍රීඩාංගණයේ දී.

CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 332 (73.4) සරිත් සුදීන 73, වෙනුර විතානගේ 53, සනූල් වීරරත්න 99, රශ්මික පෙරේරා 35, මානිත් රාජපක්ෂ 3/106, චතුම් ලක්ප්‍රිය 3/72, යුතික ද සිල්වා 3/46

 

Galle CC – කඩුලු 3ක් දැවී 46 (9.3)

 

Galle CC කණ්ඩායම ලකුණු 286ක් පිටුපසින්.

Chilaw Marians CC සහ Leo CC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී.

Leo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (39.5) ඔෂද ගිම්හාන් 40, පූර්ණ කල්හාර නොදැවී 43, සසංක නිර්මාල් 4/20, තිමිර ඉරුශික 5/13

 

Chilaw Marians CC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 1 (0.1)

 

Chilaw Marians CC කණ්ඩායම ලකුණු 144ක් පිටුපසින්.

Ace Capital CC සහ Navy SC අතර තරගය, කොළඹ BRC  ක්‍රීඩාංගණයේ දී.

Ace Capital CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 363 (73.0) කවිඳු අමමෙත් 44, වනුජ සහන් 89, සුපුන් වඩුගේ නොදැවී 76, තිසර ඒකනායක 26, රචින්ත ද සිල්වා නොදැවී 50, තිනේත් සාලිංග 2/75, රුවින් සංකල්ප 2/102, සහශ් ගොඩගේ 3/92

 

Navy SC – පළමු ඉනිම කඩුලු 4ක් දැවි 35 (11.2) තිසර ඒකනායක 2/13

 

Navy SC කණ්ඩායම ලකුණු 328ක් පිටුපසින්.

Kandy Customs SC සහ Panadura SC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (46.0) පූජිත් වත්සුග 30, කවිෂ ඉඳුවර නොදැවී 36, යශින් ප්‍රනාන්දු 2/21, මලින්ත සිල්වා 4/35, විශ්ව ලහිරු 3/29

 

Panadura SC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 0 (1.0)

 

Panadura SC කණ්ඩායම ලකුණු 120ක් පිටුපසින්.

මෙම තරගය අද (27) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

පෙර දින අවසන් වූ තරග

Police SC සහ SSC අතර තරගය, කොළඹ Police Park ක්‍රීඩාංගණයේ දී.

Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 116 (47.1) මලීෂ සඳරුවන් 28, විහඟ මලිත් නොදැවී 30, දුනිත් වෙල්ලාලගේ 5/39, මල්ෂ ප්‍රනාන්දු 5/43

 

SSC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 287 (53.1) රවිත් ජයසූරිය 62, ශෙවොන් ඩැනියෙල් 27, නෙත්සර යස්මිත 71, රනුද සෝමරත්න 45, දුනිත් වෙල්ලාලගේ 45, කෙනුල් ද සොයිසා නොදැවී 27, නිපුන් ප්‍රේමරත්න 2/44

 

Police SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 171 (57.1) මලීෂ සඳරුවන් 23, ධනුජ ඉඳුවර 81, සෙනේශ් හෙට්ටිආරච්චි 25, දුනිත් වෙල්ලාලගේ 4/40, මල්ශ ප්‍රනාන්දු 5/63

 

SSC – පළමු ඉනිම – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවි 1 (0.1)

 

SSC කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

Nugegoda S & WC සහ BRC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 101 (39.5) විදුනෙත් විල්සන් 21, යසිරු රොද්‍රිගෝ 2/20, සිතුක ගුණවර්ධන 4/39, තරුශ අශේල් 4/13

 

BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (41.3) ඉසුරු ප්‍රනාන්දු 28, පවන් සංදේශ් 54, බ්‍රයන් හංසජ 33/54, සඳුන් මෙන්ඩිස් 5/62

 

Nugegoda S & WC – කඩුලු 2ක් දැවී 37 (11.0)

තරගයේ විසඳුමක් නෑ.

වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<